Wednesday, April 22, 2009

කොටි ලොක්කෝ දෙන්නෙක් හමුදාවට භාරවෙයි...



ඔන්න පුතේ කකුල් දෙකේ කොටින්ගේ කාලෙත් ඉවරයි වගේ... අද උදේ දයා මාස්ටරුයි ජෝර්ජ් මාස්ටරුයි භාරවෙලා... දයා මාස්ටර් නම් ගොඩක් අය දන්නවා ඇති.... එක පාරක් බයිපාස් එකක් කරන්න සටන් විරාම කාලේ කොළඹටත් අරන් ආවා... මනුස්සයා කලින් ඉංග‍්‍රීසි මාස්ටර් කෙනෙක්ලු... පස්සේ සුසෙයි තමයි පිරභාහරන්ට අඳුන්නලා දීලා නරක් කරලා තියෙන්නේ... මොළේ තියෙන මිනිහෙක් විදිහට මේ මනුස්සයාට තේරෙන්න ඇති දැන් කොටින්ගේ කෙරුවාව ඉවරයි කියලා.. ඒක හින්දා තමයි සිය පවුලත් එක්කම භාරවෙන්න හිතෙන්ඩ ඇත්තේ... අනික් මනුස්සයා ඒ කියන්නේ ජෝර්ජ් මාස්ටර් කියන එක්කෙනා හිටපු තැපැල් ස්ථානාධිපති කෙනෙක්ලු... ඒ කියන්නේ රජයේ සේවකයෙක්... *උපහාර පැකේජයක් තියෙනවද දන්නෙ නෑ* ශ‍්‍රී ලංකා රජයෙන් පඩි ගත්ත මිනිහෙක්.... මිනිහටත් වයසට ගිහින් හරි මොළේ පෑදිච්ච එක හොඳට ගියා...

තව ඉතින් ටිකයි පුතේ... තව පැය කීපයයි... මහ කොටින්ට මොලේ නැති හින්දා උන්ට භාර වෙන්න තරම් පණක් නෑ... බල්ලෝ බළල්ලු වගේ මැරිලා යයි... හැබැයි ඒත් උන්ට නම් ඒ හොඳ වැඩි... පත්තර කන්තෝරු වලින් මහ කොටින්ගේ පොටෝ දැන් එකතු කරලා තියා ගත්තොත් හොඳයි වගේ... මරණ බැනර් හදන්න...

අද මං පෝස්ට් දෙකම දැම්මෙ යන එන ගමන් මගෙ ලැප දිග ඇරගෙන... ගෙදර ඉඳන් කිසි මගුලක් කරන්ඩ බෑ අප්පා... මහ පාර හොඳයි හැම එකටම... හැබැයි එකක් ඇර...


P.S : ඉන්ඩියා ටයිම්ස් වෙබ් අඩවියේ පොඩි ජන්දයක් දාලා තියෙනවා... වෙලාවක් තියෙනවා නම් මෙකටත් ජන්දයක් දාන්න රට ගැන හිතලා...

http://timesofindia.indiatimes.com/poll/4421214.cms

අනුරපුර ජනයා බස්රථ දන් දුන් වගයි...


ඊයේයි අදයි මට බස් එකේ ගමන් බිමන් යන්න සිද්ද වුනා කාලෙකින්... ඉඳලා ඉඳලා අපි බස් වල යන්න ගත්තාම මෙන්න බොලේ බස් නෑ පාරෙ... බැලින්නම් ඔක්කොම බස් -ප‍්‍රයිවට් හා සීටීබී බස් ඇතුළුව- සියළුම බස් රථ හමුදාවෙන් අරන් ගිහින්... අබලන් වෙච්ච පරණ පොඩි පොඩි බස් කීපයක් විතරයි එහාට මෙහාට යන්න තියෙන්නෙ.. මනුස්සයෝ බස්ටෑන්ඩ් වලට වෙලා බලන් ඉන්නවා දැක්කා ඊයෙයි අදයි... ආරංචියේ හැටියට ඒවා අරන් ගිහින් තියෙන්නේ සිවිල් ජනතාව වව්නියාවට ප‍්‍රවාහනය කරන්න... ඒක දැනගත්තට පස්සෙ නම් හිත පොඩ්ඩක් හරි ගියා... මොකද ඒ මිනිස්සු විඳින දුක් කන්දරාවෙ හැටියට මොනවද අපිට කරන්න බැරි කියලා හිතුන නිසා... දවසක් දෙකක් පොඩි දුකක් දැනුනට ඒක අපි කරන කැප කිරීමක් දායකත්වයක් කියලා හිතෙනවා... නමුත් මේක පිනක් නම් නෙවෙයි... මේක අපේ යුතුකමක් කියලයි මම නම් හිතන්නේ... මනුස්සයෙකුට දුකක් කරදරයක් සිද්ද වෙච්ච වෙලාවට අපි උදව කරන්නෙ නැත්තම් පිටරටින් හිගා කන්ඩයැ...

Tuesday, April 21, 2009

Sri Lanka army 'killed civilians' - BBC


http://news.bbc.co.uk/2/hi/south_asia/8009459.stm

බීබීසී එකේ හෙඩ්ලයින් එකක් දැකලා මං අගල් හත අටක් උඩ ගිහින් බිම වැටුනා... මුන්ට හෙණ ගහන්ඩ මෙහෙමත් හෙඩ්ලයින් දානවද හත්දෙයියනේ... දැකපු ගමන් ඔළුවට එන්නේ ආමි එකෙන් සිවිල් වැසියෝ මරනවා කියලා... යකෝ මෙච්චර කැපවීමෙන් වැඩකරන කොල්ලොන්ව මේ හැත්තට පේන්නේ නැද්ද දන්නෙ නෑ... මුන්ට හෙණ ගහලත් මදි... ජනමාධ්‍යය අළුතින් උගන්නවලා මුන්ව යලට මහට දෙකට අනුරාධපුරෙ කුඹුරු හාන්ඩ අරින්ඩයි වටින්නේ...

සින්ඩිකේටරයට දැමීමෙන් පසු...


ඔන්න අද තමයි මගේ බ්ලොග සින්ඩිකේටරයට හරියට ඇතුලත් වුනේ... කාලිංග අයියණ්ඩි තමයි වැඬේ කලේ.. ගොඩාරියක් පින් වැඬේට...

ඊයේ පාන්දර 3 වෙනකම් විතර ඔෆිසියේ වැඩ තිබ්බා... අදත් එමමයි... හෙට ඊට හපන් වෙයි... අනිද්දාට කොලොම්පුරෙට පියාඹන්න තමා තියෙන්නේ... ලොකූ වැඩසටහනක් සංවිධානය කරන්න වෙලානේ... ඒක ගැන විස්තර පස්සේ කියන්නම්.. ඒක හෙන දිග කථාවක් අප්පා... කොහොමෙන් කොහොම හරි තවත් පෝෂණ සතියක් තමා... ඒ වුනාට ඔය ලොකු ලොකු හෝටල් වල කෑම රහ නෑ.. බොරුවට ගාන විතරයි... බලමුකෝ බලමුකෝ... සීනි පැණි රහද කියලා කාලාම බලමුකෝ..

ඉතින් ඉතින් කියන්න නම් දේවල් බොහෝමයි අප්පා.. මගේ ඔළුවට නිදහසක් නෑනේ මුකුත්ම කොරන්ඩ... වෙලාවකට මලත් පයිනවා... ආහ් අද සිවිල් වැසියෝ 30,000ක් බේරා ගත්ත සිද්ධිය දකිද්දී පුදුම දුකක් හිතුනා... ඒ මිනිස්සු මොන කරුමයක්ද මෙහෙම ගෙවන්නේ කියලා... හරියට ඉන්ඩ හිටින්ඩ තැනක් නෑ... හරියට බඩට කෑම වේලක් නෑ... අඳින්න ඇඳුමක් පැළඳුමක් නෑ... පුදුම පාප කරුමයක් කරලා ඇති ඒ මිනිස්සු... මේවා දකින අපිත් පව්කාරයොද කියලත් හිතුනා... හප්පට සිරි... මේ සිද්ධිය කියද්දී මතක් වුනේ... අද අනුරාධපුරේ තිබ්බ ගොඩක් බස් ආමි එකට අරන් ගියා... මං හිතන්නේ අර සිවිල් වැසියෝ ප‍්‍රවාහණය කරන්න වෙන්ඩැ... ඊළග දවස් ටික බොහොම තීරණාත්මක දවස් කීපයක් වෙයි මගෙ හිතේ... පිරබාහරන්ටත් ලාස්ට් නෝටිස් එකත් දුන්නනේ..

එහෙනම් අදට ඇති වගේ... හෙටත් වැඩ ගොඩයි.. මං දොයියනවා... ජය ශ‍්‍රී මා බෝ සමිඳු පිහිටයි...

Monday, April 20, 2009

ට්වයිලයිට් (Twilight) පිචැර් එක...





මූනුපොතේ (Facebook) ගොඩක් අය මේ පිචැර් එක හොඳයි ඒකේ ඉන්න කෙල්ල අහිංසකයි.. කොල්ලා හැන්සම්... ඇස් දෙක අමුතුයි... හැන්කොක්ගේ පුතාද කොහෙද ගගා එක එක ඒවා කියනවා මං දැක්කා.. ඒක හින්දම කොළඹ හිටපු දවස්වල ටොරන්ට් වලින් මේ පිචැර් එක බෑවෙන්න දැම්මා... කරුමෙ කියන්නේ තාම ඒක බලන්න වෙලාවක් සෙටැල් වුන්නෑනේ.. බයිස්කෝප් සිංහලෙන් බ්ලොගේ මේ පිචැර් එක ගැන තියෙනවා දැක්කෙත් නෑ.. ඩ‍්‍රැකියුලා කාරයෙක් ඉන්නවා කියලා විතරයි තාම දන්නේ... හෙට අනිද්දට කොහොමහරි බලන එක බලනවාාාාාාාාා මයි...

බ්ලොග් එකක් පටන් ගත්ත මනුස්සයෙක් ඊළගට කරන්නේ මොකක්ද ?


http://www.laughparty.com/funny-pictures/Bored-Baby-1284.jpg

මම නම් ඉතින් කොලේ එක එක ටෙම්ප්ලේට් දදා බලන එක... තියෙන තියෙන ටෙම්ප්ලේට් හොය හොයා ගිහින් හොඳ එකක් හෙව්වා.. එක එක ඒවා දාලා බැලුවා.. එත් හිතට හරියන එකක් තිබ්බෙ නෑ... අවසානෙට තිබ්බ එකම තමා දැම්මෙ... ඒ වුනාට ඒක වැඩිදියුණු කරලා දාන්න අර ටෙම්ප්ලේට් වල තිබ්බ HTML කෝඩ් ප‍්‍රයෝජනවත් වුනා... ඔයගොල්ලොත් ටෙම්ප්ලේට් තියෙන දන්න කියන අඩවි තියෙනා නම් මෙතන දාන්න.. හැමෝටම ප‍්‍රයෝජනවත් වෙයි... මට හම්බෙච්ච ඒ වෙබ් අඩවි ටික මං දාන්නම් ඔයගොල්ලන්ගේ දැනගැනීම පිණිස... මෙන්න ඒවා..
http://www.bloggerbuster.com/
http://www.finalsense.com/services/blog_templates/

මං හොයපු තව දෙයක් තමයි එක එක විජට්ටු... හැබැයි මං නම් මගේ බ්ලොගට එකතු කලේ අත්‍යාවශයම ඒවා විතරයි... බොරුවට විජට්ටු ගොඩාරියක් දාපුවාම චීන තොරණක් වගේ... කියවන මනුස්සයොන්ටත් එපා වෙනවා... මෙන්න මේ විජට්ටු තමයි මං දැනට දැම්මෙ....
http://vishva.awardspace.com/?content=unicodetester
http://feedjit.com/ir1/76bfeafce9e05ba3/
http://www.histats.com/

මේ හැමදේකින්ම මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා... වැදගත්ම දේ තමයි HTML ටිකක් ඉගෙන ගන්න ලැබිච්ච එක... office එකේ වැඩක් බරටම කරන ගමන් පෝස්ට් එක දැම්මෙ... දැන් පාන්දර 2.30... නිදිත් මතයි... වැඩෙ ඉවර කරලම දොයියනවා...

Thursday, April 16, 2009

පිනි වැස්ස සැපයි....


අපේ ආමි එක ගැන ලස්සන සින්දුවක් තියෙනවා සේනානායක වේරලියද්ද කියන... පිනි වැස්ස සැපයි කියලා... මට හිතුනා මේක ලස්සනට ලියලා දාන්න... පද වල නම් පොඩි හුටපටයක් තියෙනවා වගේ... ඒ වුනාට ඒක තමයි ඇත්ත.. තේරුන් නැත්තම් පස්සේ විස්තර කරන්නම්... දැන් දොයි මතයි බබාට...





Wednesday, April 15, 2009

ඇයි හත්දෙයියනේ මං බ්ලොග් ලියන්නේ ???



ඉතින් ඉතින් ඔන්න උදාරයත් පටන් ගත්තා සිංහලෙන්ම බ්ලොග් ලියන්න... මේක පටන් ගන්න කලින් මාරෙට හිතුවා මෙන්න මේ කරුණු කීපය ගැන...

1. ඇයි මං බ්ලොග් එකක් ලියන්නේ ?
2. ඇයි මං බ්ලොග් එකක් සිංහලෙන් ලියන්නේ ?
3. මොනවද බ්ලොග් එකට ලියන්නේ...

මේ වගේ දාහක් පුරස්න ඔළුවට ආවා.. පළමුවෙනි කරුණට හේතුව තමයි මගේ වැඩගොඩත් එක්ක මේවට වෙලාවක් හදාගන්නේ කොහොමද කියන එක...
දෙවෙනි කරුණට හේතුව අපේ සචිත‍්‍ර අයියා... (සචිත‍්‍ර මහේන්ද‍්‍ර)මං වර්ඞ්ප්‍රෙස් එකේ ලියපු සිංහල ටෙක් බ්ලොග් එක පෙන්නද්දී ‘‘මල්ලියෝ සිංහලෙන් ලියන්න එපා, ඉංග‍්‍රීසියෙන් ලියන්න, එතකොට ඔයාගේ ඉංග්ලිෂ් නොලේජ් එකත් ඉම්ප‍්‍රෘව් වෙයි’’ කියලා කිව්වානේ.. මේකෙන් මගේ හිත ටිකක් සැලූනා ඒ වුනාට ආපහු අන්තර්ජාලයේ ඇවිදිද්දී ආසාව වැඩි වුනා... මේකට ප‍්‍රධානතම හේතුවක් වුනේ අපේ සහෝදර සහෝදරියන්ගේ සිංහල බ්ලොග් පිටු... මං මුලින්ම කලේ මේවා කියවන එක... මට මැක්සා අසාවක් හිතුනා අප්පේ මටම කියලා බ්ලොගක් ලියන්න... අනික මේ වන්නි හත් පත්තුවෙන් මේ වගේ බ්ලොගක් පටන් අරන් ඇත්තේ මහවිලච්චියේ සෙට් එක විතරක් වෙන්ඩැ... මාත් ඉතින් කොම්පියුටර් පිස්සානේ... සල්ලි සල්ලි කියලා බැලූවේ නෑ පටන් ගත්තා බ්ලොගක් ලියන්න සියළු සතුරු බාධක මැද...

ඉතින් හද්දෙයියනේ මට තියෙන තවත් ලොකුම පුරස්නෙ තමයි මේ බ්ලොග කියවන්නේ කවුද කියන එක... කොහොමද මේක වටේ යවන්නේ... මාර පරස්නේ... ඊටපස්සේ මේකට සූස්තරයක් හොයන්න බැලූවා සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය... චුට්ටි අදාසක් ආවා... ආයේ බැලූවා සිංහල බ්ලොග් වල කමෙන්ට් කරලා මගේ බ්ලොගේ ලින්ක් එක දාන්නද කියලා... බුදු අම්මෝ......... ස්පෑම් කරනවා කියලා බ්ලොග් අයිතිකාරයෝ මාව මරං කයි කියලා පරාන බයක් ආවා... තාම මේකට සූත්තරයක් හොයනවා... බලමුකෝ ඔහොම ගිහින්...
 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009