Wednesday, April 15, 2009

ඇයි හත්දෙයියනේ මං බ්ලොග් ලියන්නේ ???



ඉතින් ඉතින් ඔන්න උදාරයත් පටන් ගත්තා සිංහලෙන්ම බ්ලොග් ලියන්න... මේක පටන් ගන්න කලින් මාරෙට හිතුවා මෙන්න මේ කරුණු කීපය ගැන...

1. ඇයි මං බ්ලොග් එකක් ලියන්නේ ?
2. ඇයි මං බ්ලොග් එකක් සිංහලෙන් ලියන්නේ ?
3. මොනවද බ්ලොග් එකට ලියන්නේ...

මේ වගේ දාහක් පුරස්න ඔළුවට ආවා.. පළමුවෙනි කරුණට හේතුව තමයි මගේ වැඩගොඩත් එක්ක මේවට වෙලාවක් හදාගන්නේ කොහොමද කියන එක...
දෙවෙනි කරුණට හේතුව අපේ සචිත‍්‍ර අයියා... (සචිත‍්‍ර මහේන්ද‍්‍ර)මං වර්ඞ්ප්‍රෙස් එකේ ලියපු සිංහල ටෙක් බ්ලොග් එක පෙන්නද්දී ‘‘මල්ලියෝ සිංහලෙන් ලියන්න එපා, ඉංග‍්‍රීසියෙන් ලියන්න, එතකොට ඔයාගේ ඉංග්ලිෂ් නොලේජ් එකත් ඉම්ප‍්‍රෘව් වෙයි’’ කියලා කිව්වානේ.. මේකෙන් මගේ හිත ටිකක් සැලූනා ඒ වුනාට ආපහු අන්තර්ජාලයේ ඇවිදිද්දී ආසාව වැඩි වුනා... මේකට ප‍්‍රධානතම හේතුවක් වුනේ අපේ සහෝදර සහෝදරියන්ගේ සිංහල බ්ලොග් පිටු... මං මුලින්ම කලේ මේවා කියවන එක... මට මැක්සා අසාවක් හිතුනා අප්පේ මටම කියලා බ්ලොගක් ලියන්න... අනික මේ වන්නි හත් පත්තුවෙන් මේ වගේ බ්ලොගක් පටන් අරන් ඇත්තේ මහවිලච්චියේ සෙට් එක විතරක් වෙන්ඩැ... මාත් ඉතින් කොම්පියුටර් පිස්සානේ... සල්ලි සල්ලි කියලා බැලූවේ නෑ පටන් ගත්තා බ්ලොගක් ලියන්න සියළු සතුරු බාධක මැද...

ඉතින් හද්දෙයියනේ මට තියෙන තවත් ලොකුම පුරස්නෙ තමයි මේ බ්ලොග කියවන්නේ කවුද කියන එක... කොහොමද මේක වටේ යවන්නේ... මාර පරස්නේ... ඊටපස්සේ මේකට සූස්තරයක් හොයන්න බැලූවා සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය... චුට්ටි අදාසක් ආවා... ආයේ බැලූවා සිංහල බ්ලොග් වල කමෙන්ට් කරලා මගේ බ්ලොගේ ලින්ක් එක දාන්නද කියලා... බුදු අම්මෝ......... ස්පෑම් කරනවා කියලා බ්ලොග් අයිතිකාරයෝ මාව මරං කයි කියලා පරාන බයක් ආවා... තාම මේකට සූත්තරයක් හොයනවා... බලමුකෝ ඔහොම ගිහින්...

4 අදහස්:

Dasun Sameera - දසුන් සමීර on April 18, 2009 at 9:23 PM said...

අපි කියවනවා බය නැතුව ලියන්න........

on April 18, 2009 at 9:36 PM said...

චියර්ස්ස්ස්ස්...!!!
දිගටම ලියන්න

Udara || උදාර ධර්මසේන on April 18, 2009 at 9:37 PM said...

ස්තූතියි සහෝදරයා... දිගටම කියවන්න... මට ලොකු ධෛර්යයක්...

Anonymous said...

ඔව් ඔව් අපි ඉන්නවා... ඕන බ්ලොග් අඩවියක් කියවන්නත ඒක නෙවෙයි! ඇයි සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සින්ඩි‍‍කේටරය තියෙන්නේ. ඔන්න බ්ලොග් අඩවියට කට්ටිය ගෙන්න ගන්න නියම තැන! :)

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009