Wednesday, April 22, 2009

අනුරපුර ජනයා බස්රථ දන් දුන් වගයි...


ඊයේයි අදයි මට බස් එකේ ගමන් බිමන් යන්න සිද්ද වුනා කාලෙකින්... ඉඳලා ඉඳලා අපි බස් වල යන්න ගත්තාම මෙන්න බොලේ බස් නෑ පාරෙ... බැලින්නම් ඔක්කොම බස් -ප‍්‍රයිවට් හා සීටීබී බස් ඇතුළුව- සියළුම බස් රථ හමුදාවෙන් අරන් ගිහින්... අබලන් වෙච්ච පරණ පොඩි පොඩි බස් කීපයක් විතරයි එහාට මෙහාට යන්න තියෙන්නෙ.. මනුස්සයෝ බස්ටෑන්ඩ් වලට වෙලා බලන් ඉන්නවා දැක්කා ඊයෙයි අදයි... ආරංචියේ හැටියට ඒවා අරන් ගිහින් තියෙන්නේ සිවිල් ජනතාව වව්නියාවට ප‍්‍රවාහනය කරන්න... ඒක දැනගත්තට පස්සෙ නම් හිත පොඩ්ඩක් හරි ගියා... මොකද ඒ මිනිස්සු විඳින දුක් කන්දරාවෙ හැටියට මොනවද අපිට කරන්න බැරි කියලා හිතුන නිසා... දවසක් දෙකක් පොඩි දුකක් දැනුනට ඒක අපි කරන කැප කිරීමක් දායකත්වයක් කියලා හිතෙනවා... නමුත් මේක පිනක් නම් නෙවෙයි... මේක අපේ යුතුකමක් කියලයි මම නම් හිතන්නේ... මනුස්සයෙකුට දුකක් කරදරයක් සිද්ද වෙච්ච වෙලාවට අපි උදව කරන්නෙ නැත්තම් පිටරටින් හිගා කන්ඩයැ...

1 අදහස්:

Malinda - මාලින්ද on April 22, 2009 at 10:51 PM said...

ඒක හරි...මේ දවස්වල බස් අඩුයි. යන ඒවගෙත් කට කපල. ඒත් ‍මෙහෙම හමුදාවෙන් අරන් ගිහින් කියල දැනගත්තහම මිනිස්සු මුකුත් කියන්නෙ නෑ

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009