Tuesday, April 21, 2009

Sri Lanka army 'killed civilians' - BBC


http://news.bbc.co.uk/2/hi/south_asia/8009459.stm

බීබීසී එකේ හෙඩ්ලයින් එකක් දැකලා මං අගල් හත අටක් උඩ ගිහින් බිම වැටුනා... මුන්ට හෙණ ගහන්ඩ මෙහෙමත් හෙඩ්ලයින් දානවද හත්දෙයියනේ... දැකපු ගමන් ඔළුවට එන්නේ ආමි එකෙන් සිවිල් වැසියෝ මරනවා කියලා... යකෝ මෙච්චර කැපවීමෙන් වැඩකරන කොල්ලොන්ව මේ හැත්තට පේන්නේ නැද්ද දන්නෙ නෑ... මුන්ට හෙණ ගහලත් මදි... ජනමාධ්‍යය අළුතින් උගන්නවලා මුන්ව යලට මහට දෙකට අනුරාධපුරෙ කුඹුරු හාන්ඩ අරින්ඩයි වටින්නේ...

6 අදහස්:

Indranama on April 21, 2009 at 10:49 PM said...

මම මේ බව කියා එම අඩවියේ ප්‍රතිචාර දැක්වූවා.

මෙය කියවන හැමගෙන් ඉල්ලා සිටිනවා එසේ ඔවුන්ට විරෝධය පල කර ප්‍රතිචාර දක්වන ලෙස.

Udara || උදාර ධර්මසේන on April 21, 2009 at 10:56 PM said...

මෙන්න මෙයයි විය යුත්තේ... ඉන්ද‍්‍රනාම සහෝදරයා කලා වගේ හැමදෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා එම අඩවියේ ප‍්‍රතිචාර දක්වන ලෙස.... මෙමගින් විශාල බලපෑමක් සිදුකිරීමටත්, BBC වැනි මහා ප‍්‍රාචීන පණ්ඩිතයන්ට සත්‍යය පළකල යුතු ආකාරය පිළිබඳ පාඩමක් ඉගැනවිමටත් අපට හැකි වේවි...

muthunayake@gmail.com on April 22, 2009 at 8:23 AM said...

i think BBC writer get data from tamilnet sit in Air condition room and publish news in BBC. after that get paid from terrorist nothing other than that. British white man killed sri Lankan more than 1000000 in 18th century. now killing the Sri lankan dignity.

SRIshanu on April 22, 2009 at 10:52 AM said...

මේක මටනම් අරුමයක් නෙමෙයි. මොකද BBC එක දන්න දා ඉඳන්ම කලේ කොටයට කඩේ ගිය එක. දැං මේ අන්තිම මොහොතෙ ඔය වගේ දරුණු හෙඩිමක් දාන එක බලාපොරොත්තු වෙන්න ඕනෙ දෙයක්.

@ඉන්ද්‍රනාම, උදාර: ඔව් එවැනි විරෝධයක් දැක්වීම වටිනවා. BBC එකේ මතය ඉන් වෙනස් වෙයි කියල මම නම් හිතන්නෑ. නමුත් මේ ලිපිය කියවන පොදු ජනතාව ඒ ගැන දැනුවත් වෙනවා.

@Muthunayake: well said. Apparently it's the same bunch of writters who writes on both for කොටි $$'s. LOL! හොරායි අම්මයි!

Sankha on April 22, 2009 at 12:02 PM said...

මේකේ තියෙන්නේ ටැමිල් නෙට් එකෙන් ගත්ත විස්තර තමයි. හැබැයි අපි දැනගන්න ඕන අපිට එන තොරතුරු එන්නෙත් රජයේ පාලනයකින් පසුව බව. ඒක නිසා ඔය දෙපැත්තෙම විස්තර පාර්ශවිකව ඉදිරිපත් කරනවා කියලයි මට හිතෙන්නේ.විශේෂයෙන් මේ වගේ මෙහෙයුමකදි මිනිස්සු මැරෙන එක මැදහත් මනසකින් බලනවා නම් පුදුමයක් නෙවෙයි. විශේෂයෙන් අපි අකමැති සයිට් කොටි කියලා ලේබල් කරන එක අපිවම රවටා ගැනීමක්.

http://dbsjeyaraj.com/dbsj/archives/365

http://justdissent.wordpress.com/2009/04/20/the-numbers-game/

දෙමළ ජනතාවගේ දුක සැප ඉලක්කම් වලින් මනින ගොඩාක් ලාංකිකයොන්ට බීබීසි වීඩියෝ එකෙන් ඔවුන්ගේ ජීවිතේ ගැන අදහසක් ගන්න පුළුවන්

Tricks on April 22, 2009 at 11:14 PM said...

මෙයා කියන විදිහට නම් මෙයාගේ ගෙදර නිකං අපිට දෙන්න කැමතියි වගේ, කොහොමවත් මෙ කොටියගේ පැත්තට කතා කරන අය එහෙම කරන්නේ නැ, ඇයි, තමන්ට පාඩු වෙනවනෙ, නමුත් කොටියගෙ පැත්තට කතා කරාම හොද ප්‍රසිධියක් සමගම මුදලුත් ලැබෙනවනේ රට බල්ලට ගියත් මොකද සල්ලිනේ පිටරට යන්නත් ලැබෙනවනේ, අපි නොදන්න සෙල්ලම් නේ ඕවා

සිංහලයන්ට තියෙන්නේ මෙ රට විතරනේ මෙක අල්ල ගන්න යනකොට යුද්ධයක් කරලා බෙරගන්න එකයි එ වෙනුවෙන් කතා කරන එකයි සාමාන්‍යයෙන් වියයුතු දෙයක්
පෞද්ගලිකවම මගේ සහොදරයෝ මෙ යුද්ධයට සම්බණ්ධ වෙලා ඉන්නවා, එක නිසා මම දන්නවා මෙනම් දාලා තියෙන්නේ කොටි ගහපු මිනිස්සුන්ට රතු කුරුසෙන් බෙහෙත් දාන හැටි, සිංහල මිනිස්සු මැරෙනකොට කට වහගෙන ඉන්න අය දෙමළ මනුස්සයෙක් හිනෙන් බය වෙලා කෑගැහුවත්, එකට මහින්ද රාජපක්ෂට බනිනවා,
එකට හෙතුවකුත් තියෙනවා කොටියට උදව් කරන අයගේ බැංකු ගිණුම් වලට සල්ලි වැටෙනවනේ, (මහ බැංකුවට කියන්න ඕනේ පොඩ්ඩක් හොයලා බලන්න කියලා)
මෙක යුද්ධයක් නේ යුද්ධයක් කියන්නේ රටකට සාපයක්, එ කියන්නෙ දෙපැත්තෙම මිනිස්සු මැරෙනවා, ඒත් මෙ අනවශ්‍ය විදිහට දමිළ අයගේ පැත්ත ගන්න එකෙ නම් මොකක් හරි හොරයක් තියෙනවා
පොඩ්ඩක් උන්ගෙ වෙබ් අඩවියත් බලන්න එතකොට තෙරෙවි, මොන තරම් ටොං පච කෙළිනවාද? කියල tamilnet eka බලන්න සාමාන්‍ය ක්‍රමෙට නම් බැ, මට කියලා දෙන්නත් බැ උත්සහ කරලා බලන්නකො

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009