Sunday, May 24, 2009

No more restrictioins on Dialog mobile broadband... Rapidshare වලින් දැන් බාමු


මෙන්න මරු වැඩක් වෙලා... ඩයලොග් මොබයිල් බ්‍රෝඞ්බෑන්ඞ් එකෙන් දැන් Rapidshare බාන්න පුළුවන් කිසි අවුලක් නැතිව.. මං දැන් පැයකට විතර කලින් එකක් බෑවා, දැන් මේ තව එකක් බානවා... ඔයගොල්ලොත් ටිකක් බලන්න... මං හිතන්නේ දැන් ඩයලොග්ලා හැදීගෙන එනවා වගේ... දැන් අර FUP අනන් මනන් නැති කරයිද දන්නෙත් නෑ... එහෙම කලොත් ඉතින් ලංකාවේ අපිට ඩයලොග්ම තමා...

ඩයලොග් එකට ජය වේවා..........

මගේ පරිගණක ඉතිහාසය - Flashback on ma history of Computers...


ශාකුන්තලගේ මෙහෙයුම් පද්ධති පිළිබඳ තිබ්බ ලිපිය දැක්කම මටත් හිතුනා මගේ මෙහෙයුම් පද්ධති ඉතිහාසය විතරක් නෙමේ සම්පූර්ණ පරිගණක ඉතිහාසයම දාන්න... ඇත්තම කිව්වොත් මම නම් ඩොස් වලින් පටන් ගත්ත මිනිහෙක්... මට පොඩි ශිෂ්‍යත්වයක් හම්බුනා 5 වසරෙදි කොම්පියුටර් ඉගෙන ගන්න.. (1995) මුළු උතුරු මැද පළාතටම තිබ්බෙ ඒ පන්තිය විතරයි වෙන්ඩ ඇති.. ඒ වගේම පැත්තටම කොම්පියුටර් 10කට වඩා තියෙන්න නැතුව ඇති... ඒ දවස් වල පට්ට කළු පාට තිරේ තුනහමාරෙ ඩිස්කට් එකක් දාලා තමයි කොම්පියුටරෙ බූට් කලේ... පොඩි පොඩි ගේම් ටිකකුයි අකුරු ටිකක් ටයිප් කරන එකයි විතරයි කලේ... ඒවා නිකන් මැජික් වගේ ඒ කාලේ...

ඩොස් වලට පස්සේ වින්ඩොස් 95 කියලා පාට පාට ලෝකයක් ආවා... ආසාවෙ බෑ... පුදුම ලස්සනක් තියෙන්නේ... චිත‍්‍ර අඳින්න පාට කරන්නත් තිබ්බා... කෝම කෝම හරි මට ලැබුන ශිෂ්‍යත්වෙ ඉවරවුනා... පිස්සෙක් වගේ පරිගණක ගැන ඊට පස්සේ හෙව්වා... ඔයා වගේම මාත් විජය පරිගණක සගරාව, එන් පී විජේරත්න මහත්තයාගේ පොත්පත් කියවලා තමයි වැඩිපුරම පරිගණක දැනුම හදා ගත්තේ... මේ කාලේ වෙනකොට අනුරාධපුරෙ ගොඩක් ගොඩක් තැන් වල පරිගණක පන්ති පටන් ගත්තා... මාත් කෝම කෝම හරි ඔය වගේ එකකට ගිහින් බැඳුනා... මෙන්න බොලේ 95 දැන් 98 වෙලා (එතකොට 2000 විතර) මෙතනත් ඉතින් ගේම් ගහන එකයි චිත‍්‍ර අඳින එකයි තමා කලේ.. ඒ වුනාට එම් එස් ඔෆිස් එහෙම ඉගෙන ගත්තා හොඳට... හරිම වැදගත්... අපේ පැත්තේ ළමයි ගොඩක් කොම්පියුටර් ඉගෙන ගන්නා ඇවින් හිටියා මෙතනට... මගේ ගම පැත්තේ ඒ දවස් වල කොම්පියුටර් වැඩකාරයා මං තමයි (දැනුත් එහෙම තමයි ඉතින්)

පස්සේ පස්සේ ටික ටික අපේ පැත්තේ ඔෆිස් වලට පරිගණක ආවා... මං එක දවසක් ඒ වගේ අඳුනන කියන ඔෆිස් එකකට ගිහින් මට පොඩ්ඩක් කොම්පියුටරෙ පාවිච්චි කරන්න දෙන්න කිව්වා.. එතන මනුස්සයා දෙන්ඩ බෑ කිව්වා... මට පුදුම විදිහට දුක හිතිලා අඩාගෙන ගෙදර ආවා... (මට වයස අවුරුදු 13ක් විතර ඇති) එදා මං හිතාගත්තා කොහොම හරි ඉක්මනටම කොම්පියුටරයක් ගන්නවා කියලා... අපේ අම්මා මට බැංකු පොතක් දාලා තිබ්බා.. මට වයස අවුරුදු 15ක් විතර වෙද්දී ඒකේ රුපියල් 12000ක් විතර එකතු වෙලා තිබ්බා... වයස අවුරුදු 18ක් වෙනකම් ගන්න බැරි ස්ථාවර තැන්පතුවක් තමයි දාලා තිබ්බෙ.. කොහොම හරි බැංකුවෙ මැනේජර් මාමාට ලියුමක් ලියලා මෙහෙම වැඩක් කරන්න යන්නේ කියලා සල්ලි ගත්තා...

අම්මත් එක්ක ගිහින් අනුරාධපුරෙ තිබ්බ එකම එක කොම්පියුටර් කඩෙන් පාවිච්චි කරපු පෙන්ටියම් 1 කොම්පියුටරයක් ගත්තා... ඔන්න දැන් තමයි මං වින්ඩොස් 98ට හරියටම මාරු වෙච්ච කාලේ... මේක ගත්තට පස්සේ නිකන් ඉතින් මට රටක් රාජ්ජයක් ඇල්ලුවා වගේ... සතුටට කඳුලුත් එනවා... අම්මව බදාගෙන ඇඩුවා... අපේ අක්කලාත් ටික ටික පරිගණක දැනගෙන හිටපු නිසා ඒ අයටත් මං වැඩිපුර ඉගැන්නුවා..

මං කොම්පියුටරෙ කියන වචනෙ මේ දවස් වල වෙනස් කරලා මැෂින් එක කියන්න පටන් ගත්තා... ඒවගේම 2001 2002 වෙනකොට අනුරාධපුරේ පැත්තේ මෘදුකාංග ගේම්ස් සීඞී කඩ පටන් ගත්තා... වීසීඞී කඩවල් වලම මේවා විකුණන්න පටන් ගත්තා.... මාත් ඉතින් එක එක මෘදුකාංග සීඞී ගත්තා.. වැඩියම හෙව්වේ පී 1 මැෂින් වලට ගැලපෙන එව්වා... මගේ මැෂින් එකට මං වැඩිය ගේම්ස් එහෙම දාගත්තේ නෑ... (හේතුව පී 1 මැෂින්) එක එක මෘදුකාංග මං දාගෙන පාවිච්චි කර කර බැලූවා.. පොටෝෂොප් එහෙම ඉගෙන ගත්තේ මේ කාලේ.. වර්ෂන් එක 4 තමයි මං මුළින්ම පාවිච්චි කලේ... 2006 වෙනකම්ම පාවිච්චි කලේ පොටෝෂොප් 5..

මගේ කථාවේ ඉතුරු ටික පස්සේ දාන්නම් හොඳේ ????

Wednesday, May 20, 2009

::Dialog GSM:: ඩයලොග් දැන් චයිනීස්... මැලේ නෙමෙයි...












(අපැහැදිලි නම් පොඩි කිලික් එකක් කරලා ලොකු කරලා කියවන්න... සමාවෙන්න කරදරේට.. )





මට ආපු ඊ-මේල් එකක් මං මේ දාලා තියෙන්නේ... හැමෝම දකින්න ඇති ඩයලොග් සමාගමේ පරිපාලනය වෙනස් වෙච්ච විත්තිය... තිලින බුවාත් මැයි මාසේ 10 වෙනිදාද කොහෙද මේ ගැනම කියලා බ්ලොගක් දාලා තිබ්බා..

මාත් ඩයලොග් කාරයෙක් හින්දා මෙහෙම කොම්පැනි වෙනස් වෙද්දි බයත් හිතෙනවා... වෙන මොකටවත් නෙමෙයි නම්බර වෙනස් කරන්න වෙයි කියලා.. ඇත්තට අපි ඉතින් ඩයලොග් එකට කියලා කොච්චර කඬේ ගියපු දැනටමත් යන මිනිස්සුද... සෙල්ටෙල් වලින් මොබයිල් පෝන් පාවිච්චි කරන්ඩ ඉගෙන ගෙන ඒ සෙල්ටෙල් වලට ඩයලොග් සිම් දාගත්ත උදවියනේ අපි... පේජර්, එස්එම්එස්, ජීපීආර්එස්, එම්එම්එස්, 3ජී, එච්එස්ඞීපීඒ කියන ඒවා දැනගත්තෙත් අපි ඩයලොග්ලගෙන්ම තමා...

සෙල්ටෙල් ටීගෝ වුනා... මොබිටෙල් එක ටෙලිකොම් මොබිටෙල් වුනා.... ඩයලොග් එකට මොනවා වෙයිද දන්නේ නෑ මේ චීන්නුන්ට දීලා...

තව පොඩි පුරස්නයක් තියෙනවා, දන්න කට්ටිය පොඞ්ඩක් කියන්නකෝ අපේ හාන්ස් විජේසූරිය මහත්තයට මොකද එතකොට උනේ කියලා... මනුස්සයාත් අස් වෙලාද ?

මගෙන් පොඩි තෑග්ගක්... අපේ ශ‍්‍රී ලංකාවට... My Sri Lanka !


අපේ ලංකාවට අළුත් ඉරක් පායලා.... අළුත් යුගයක් ආරම්භ වෙලා.... නිදහසේ අපේ මහ පොළොවේ පය ගහලා අපිට කැමති තැනක ඇවිදින්න දැන් පුළුවන්....


Friday, May 15, 2009

PC Security 6.4... හැම තැනටම හරියන නියම ලොක් එකක්...


PC Security, computer system security and password protection PC Security

PC Security™
is the ultimate in computer security, offering multiple locking systems for the windows environment and internet. Lock files, monitor programs activities, even detect intruders! PC Security offers flexible and complete password protection, "Drag and Drop" support, plus many other handy features. All together, an incredible security package.

ඔන්න දැන් නිදහසේ හුස්මක් කටක් අරගෙන ජීවත් වෙන්න කාලයක් අපට උදාවෙලා... ඉතින් ඒ සතුටට වැදගත් මෘදුකාංගයක් ගැන බ්ලොගක් දාන්න හිතුනා... පීසී සෙකියුරිටි තමයි මේ මෘදුකාංගයේ නම... සමහරු නම් දැනටමත් පාවිච්චි කරනවා ඇති... මේකේ තියෙන වැදගත්කම තමයි පරිගණකයේ සියළු ආරක්ෂණ අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවීම.... තනි ෆොල්ඩරයක සිට සමස්ථ පරිගණකයම ඉතාම ආරක්ෂාකාරී ලෙස අගුළු දැමීමට මෙයින් පුළුවන්.. කැමති අය බාගෙන පරීක්ෂා කරලා බලන්න...

http://www.mininova.org/get/1979009

Monday, May 4, 2009

හීන හතක් මැද... ඇයි මං මෙච්චර ආස ???


ඔන්න අදත් මට හිතුනා මං ආසම සින්දුවකට ග‍්‍රැෆික් එකක් කරලා බ්ලොගේ දාන්ඩ... මේ සින්දුව මං ඉස්සර එලකිරි එකේ ඉන්න කාලෙත් දැම්මා.. ඒ තරමට මේකට මං හරිම ආසයි... මේක අහලා මට අඩන්ඩ පුළුවන්... මටත් මේවගේම සිද්ධි එකක් දෙකක් වෙලා නැත්තෙමත් නෑ... ආහ් තව දෙයක් තමයි මේ සින්දුවට අපේ ආත්තම්මත් ගොඩාක් කැමති එක... එයා නැතිවෙලා දැන් අවුරුදු 5ක් විතර වෙනවා.. මේක අහද්දි ආත්තම්මත් මට මතක් වෙනවා... මොකද මං මේ සින්දුව මුලින්ම රස වින්දේ එයා ගෙන් නිසා... වික්ටර් රත්නායක මහත්තයා හරිම ලස්සනට සරළ පද පේලි ටිකක් හිත ඇඩවෙන විදිහට කියනවා... ගොඩාක් අය අහලා ඇති... අහලා නැති අයට අහන්න ඕනේ නම් මං ලින්ක් එකක් දෙන්නම්...

Sunday, May 3, 2009

පැනලා යන නංගිලාට.....


අද මට ටිකක් පරණ සින්දුවක් මතක් වුනා... අපේ අක්කාත් හරිම ආස සින්දුවක්... ලස්සන තේරුමක් තියෙන, හැම පදයක්ම හොඳින් අහලා විඳින්න හිතෙන සින්දුවක්.. මේකේ තේරුම නම් හැමදාටම ගැලපෙනවා කියලා හිතෙනවා... ආදරෙන් අන්ධ වෙලා ගෙදරින් පැනලා ගියපු ගැහැනු ලමයෙක්ට ජීවිතේ යථාර්තේ තේරිලා කියන සින්දුවක් තමයි මේක... හැමෝම රසවිඳී කියලා හිතනවා.. ඕගොල්ලන්ගේ අදහස් වලටත් මෙතන ඉඩ තියෙනවා...

Sirasa Superstar 3 --- සිරස සූප ස්ටාර් ආයෙත්....


http://cache.daylife.com/imageserve/02Gicz57SUcG8/340x.jpg

සිරස සූප ස්ටාර් සීසන් 3 ඔන්න පටන් අරගෙන... මේ පාර අළුත්ම වැඩ කෑ
ල්ලක් දාන්ඩ වගේ යන්නේ... රියැලිටි කලාවේ අන්තෙත් අනන්තෙට යන්ඩ හදනවා වගේ මට නම් පේන්නේ... අ.ල නොහොත් අපි නොදන්න ලයිව් එක නවත්තලා, ඒ වෙලාව අරගෙන මේ දවස් වල යන සූප ස්ටාර් මුල් වට ටික දැම්මා නම් හොඳයි කියලා හිතෙනවා... අපේ ගෙදර අය නම් කියන්නේ මේකෙ දාන ගොන් පාට් ඔක්කොම සිරසෙන් උවමනාවෙන් සල්ලි දීලා කරවපුවා කියලා... හැබැයි ඒ කථාවෙත් ඇත්තක් තියෙනවා කියලා හිතෙනවා... සිරස සල්ලි හොයන්න ඕනෙම බලූ වැඩක් කරන බව හැමෝම දන්න දෙයක්නේ...

මම නම් හැම එකටම බනින මනුස්සයෙක් නම් නෙමෙයි... හොඳ දෙයක් දැක්කොත් අගය කරනවා... මේ සූප ස්ටාර් එකෙන් හොඳ හොඳ දක්ෂ අයත් බිහිවෙනවා... ඒ වුනාට සිරස, බිහිවෙන දක්ෂයන්ගේ ඒකාධිකාරයක් පවත්වා ගෙන යන්න උත්සාහා කරන එක තමයි වැරැුද්ද... ඒ වුනාට කොන්ද පණ තියෙන කොල්ලො තමන්ගේ තැන තියාගෙන ඉස්සරහාට යන්න දන්නවා... ලංකාවේ ඉස්සර නම් පිබිදෙන ගායක පරපුර, අම්බිගා ගීතයෙන් ගීතය වගේ වැඩසටහන් තිබ්බා.. එත් අද ඒවා නැති නිසා වො හරි තියෙන එක හොඳයි කියලා මං නම් හිතන්නේ...

මේ පාරත් දක්ෂ වාසනාවන්ත තරුවක් බිහිවෙයි... බලමු කවුද කියලා...


පසුවදන : මේක හදිසියේ ලිව්වේ... තව හිතේ තියෙන අදහස් පස්සේ කියන්නම්...

Saturday, May 2, 2009

පිළිතුරක් : "FACEBOOK තුල "මම" මාකට් වීම"


http://tabisite.com/gallery_as/srilanka/h890212sigiriya.JPG

‘‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි’’ යන්න ප‍්‍රථමයෙන් මෙහි සඳහන් කිරීම උචිත වේ.

නොයෙකුත් වචන හරඹ කරමින් සිංහල භාෂාවේ තියෙන එකී මෙකී නොකී සියළුම වදන් භාවිතා කරමින් තම පොරත්වය, ජැක්සන් ඇන්තනී අබා ගැන කියනවාක් මෙන් කීමට මකබාස් උත්සුක වී තිබේ. නමුත් ෆේස්බුක් හි මොහු කියන්නාක් මෙන් වැරදි මා හට නම් දැකිය නොහැක. මා හට සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ මාගේ පැරණි පාසල් මිතුරන් නැවතත් සම්බන්ධ කරගැනීමට මෙම ජාලය මහත් පිටුවහලක් විනි... මාගේ අවිවේකී මනසට විවේකයක් ලබාගැනීමටද මෙහි සහාය ලැබිනි... එමෙන්ම දුර ඈත ලංකාවෙන් එපිට සිටින මාගේ ප්‍රොෆෙෂනල් මිතුරන් සමග සබඳතා දිගටම පවත්වා ගෙන යාමටද ඉඩ ලැබිනි... එමගින් දුරකථන ඇමතුමකට යන වියදම ඉතිරි කරගැනීමට ලැබුනු සහාය අගය කලයුතු වේ...

මගේ මතයට අනුව කාමය යනු වැරදි දෙයක් නොවේ, නමුත් කාමය වරදවා හැසිරීම වැරදි දෙයකි. ඈත අතීතයේ තරුණයෙක් තරුණියක්ව සෙට් කරගත් පරිදිම අදත් මෑත යුගයේදී කර ගත යුතු බව මා අනුමත නොකරන කරුණකි... එවැනි කාරණයකට මෙම ෆේස්බුක් එක භාවිතා කලාට වරදක් නැත. නමුත් ඕනෑම තැනක ගෝතයෝ, සෙප්පඩයෝ, හාල් පාරුවෝ සිටිති. ඔවුන් කරන පිස්සු කර්ම වලට අප පව් ගෙවිය යුතු නොවේ.

ඉතින් මෙවැනි සමාජ ජාලකරණ වෙබ් අඩවි හොඳ මුවහත් ඇති පිහියක් වැනිය... භාවිතා කරන පුද්ගලයා අනුව එහි ආදීනව තීරණය වනු ඇත...
 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009