Wednesday, May 20, 2009

::Dialog GSM:: ඩයලොග් දැන් චයිනීස්... මැලේ නෙමෙයි...












(අපැහැදිලි නම් පොඩි කිලික් එකක් කරලා ලොකු කරලා කියවන්න... සමාවෙන්න කරදරේට.. )





මට ආපු ඊ-මේල් එකක් මං මේ දාලා තියෙන්නේ... හැමෝම දකින්න ඇති ඩයලොග් සමාගමේ පරිපාලනය වෙනස් වෙච්ච විත්තිය... තිලින බුවාත් මැයි මාසේ 10 වෙනිදාද කොහෙද මේ ගැනම කියලා බ්ලොගක් දාලා තිබ්බා..

මාත් ඩයලොග් කාරයෙක් හින්දා මෙහෙම කොම්පැනි වෙනස් වෙද්දි බයත් හිතෙනවා... වෙන මොකටවත් නෙමෙයි නම්බර වෙනස් කරන්න වෙයි කියලා.. ඇත්තට අපි ඉතින් ඩයලොග් එකට කියලා කොච්චර කඬේ ගියපු දැනටමත් යන මිනිස්සුද... සෙල්ටෙල් වලින් මොබයිල් පෝන් පාවිච්චි කරන්ඩ ඉගෙන ගෙන ඒ සෙල්ටෙල් වලට ඩයලොග් සිම් දාගත්ත උදවියනේ අපි... පේජර්, එස්එම්එස්, ජීපීආර්එස්, එම්එම්එස්, 3ජී, එච්එස්ඞීපීඒ කියන ඒවා දැනගත්තෙත් අපි ඩයලොග්ලගෙන්ම තමා...

සෙල්ටෙල් ටීගෝ වුනා... මොබිටෙල් එක ටෙලිකොම් මොබිටෙල් වුනා.... ඩයලොග් එකට මොනවා වෙයිද දන්නේ නෑ මේ චීන්නුන්ට දීලා...

තව පොඩි පුරස්නයක් තියෙනවා, දන්න කට්ටිය පොඞ්ඩක් කියන්නකෝ අපේ හාන්ස් විජේසූරිය මහත්තයට මොකද එතකොට උනේ කියලා... මනුස්සයාත් අස් වෙලාද ?

3 අදහස්:

meegodaya/saman on May 21, 2009 at 7:10 AM said...

අපෝ මතක්කරන්න එපා ඩයලොග්.හාන්ස් උන්නැහේ නම් ලංකාවෙ අහිංසකයින්ගෙ ධනය හූරාගෙන මැලේවල ඔයසැපට ඉන්නේ.

GNS on May 21, 2009 at 7:21 AM said...

"axiata" එකත් 'මැලේ' නෙමෙයිද? :O

GNS on May 21, 2009 at 7:24 AM said...

axiata.com එකට ගිහින් බලන්න footer එක ;)

"© Copyright Axiata Group Berhad (242188-H) (formerly known as TM International Berhad). All rights reserved.
Level 42, North Wing, Menara TM, Jalan Pantai Baharu, 50672 Kuala Lumpur, Malaysia.
Copyright © 2008. MalaysiaPLC.com. All Rights Reserved."

නිකංම නිකං නම මාරු කිරිල්ලක් විතරයි. කැලේ මැරු නොකර කොටියා පුල්ලි මාරු කිරිල්ලක් වෙලා තියෙන්නෙ ;)

TelecomMalaysia එකට අලුතෙන් වෙන රටවල් 2-3ක ‍කට්ටිය එකතු වෙලා නෙ (http://www.axiata.com/global-presence/ ) ;)
ඒක නිසා වෙන්න ඇති :)

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009