Saturday, May 2, 2009

පිළිතුරක් : "FACEBOOK තුල "මම" මාකට් වීම"


http://tabisite.com/gallery_as/srilanka/h890212sigiriya.JPG

‘‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි’’ යන්න ප‍්‍රථමයෙන් මෙහි සඳහන් කිරීම උචිත වේ.

නොයෙකුත් වචන හරඹ කරමින් සිංහල භාෂාවේ තියෙන එකී මෙකී නොකී සියළුම වදන් භාවිතා කරමින් තම පොරත්වය, ජැක්සන් ඇන්තනී අබා ගැන කියනවාක් මෙන් කීමට මකබාස් උත්සුක වී තිබේ. නමුත් ෆේස්බුක් හි මොහු කියන්නාක් මෙන් වැරදි මා හට නම් දැකිය නොහැක. මා හට සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ මාගේ පැරණි පාසල් මිතුරන් නැවතත් සම්බන්ධ කරගැනීමට මෙම ජාලය මහත් පිටුවහලක් විනි... මාගේ අවිවේකී මනසට විවේකයක් ලබාගැනීමටද මෙහි සහාය ලැබිනි... එමෙන්ම දුර ඈත ලංකාවෙන් එපිට සිටින මාගේ ප්‍රොෆෙෂනල් මිතුරන් සමග සබඳතා දිගටම පවත්වා ගෙන යාමටද ඉඩ ලැබිනි... එමගින් දුරකථන ඇමතුමකට යන වියදම ඉතිරි කරගැනීමට ලැබුනු සහාය අගය කලයුතු වේ...

මගේ මතයට අනුව කාමය යනු වැරදි දෙයක් නොවේ, නමුත් කාමය වරදවා හැසිරීම වැරදි දෙයකි. ඈත අතීතයේ තරුණයෙක් තරුණියක්ව සෙට් කරගත් පරිදිම අදත් මෑත යුගයේදී කර ගත යුතු බව මා අනුමත නොකරන කරුණකි... එවැනි කාරණයකට මෙම ෆේස්බුක් එක භාවිතා කලාට වරදක් නැත. නමුත් ඕනෑම තැනක ගෝතයෝ, සෙප්පඩයෝ, හාල් පාරුවෝ සිටිති. ඔවුන් කරන පිස්සු කර්ම වලට අප පව් ගෙවිය යුතු නොවේ.

ඉතින් මෙවැනි සමාජ ජාලකරණ වෙබ් අඩවි හොඳ මුවහත් ඇති පිහියක් වැනිය... භාවිතා කරන පුද්ගලයා අනුව එහි ආදීනව තීරණය වනු ඇත...

5 අදහස්:

මහෞෂධ on May 2, 2009 at 4:15 PM said...

මෙහිදි සෑලකිය යුතු කාරුනු කිහිපයක් තිබෙ. මම ද Facebook Application නිපදවා තිබේ. මෙහිදි ඉතා ලෙහෙසියෙන් Application භාවිතා ක‍රන අයගේ personal details ලබා ගත හෑක.

එම නිසා ප‍රිස්සම් වීම කොකටත් හොදය.

Indranama on May 2, 2009 at 4:25 PM said...

@mahen3d
පාස්වර්ඩ් එකත් ලබාගත හැකිද?

මහෞෂධ on May 2, 2009 at 7:29 PM said...

full name, address, Phone number, city, country .. age, date of birth, relationship status, home town, friends names, your photos, your login date, your applications, your notes.. ... මෙ ඔන එකක් Application එක Approve කල වහම, අපෙ database එකට ගන්න පුලුවන්, මෙ applications facebook එකෙ Run වෙනව වගෙ පෙනුනට, එව Run වෙන්නෙ වෙන වෙන servers වල, ex: මගෙ application එක මගෙ වෙබ්සිටෙ එකෙ run වෙන්නෙ, මට මෙ ඔක්කොම ඩට මගෙ database එකේ store කරන්න පුලුවන් එත් password එක සහ email එක ගන්න බැහැ . email yawanna puluwan.

penenwane BAYANAKA KAMA..

Rakhitha on May 3, 2009 at 10:46 PM said...

ඈත්තම කියනවනම් මට ෆෙස් බුක් කියන්නෙ එපාම වෙච්ච තෑනක් ඉස්සර යලුවො සෙට් උනා තමයි න්මුත් ඩන් එක එපා වෙලා, නිකමට හරි ලොග් උනොත් දන්න නොදන්න ඔක්කොම හායි ගනවා සමහර වෙලාවට කවදාවත් නොදන්න කෙනෙක් ෆුල් බර ටොක්ස් දෙනවා, ඔය වගෙ හෙතු ගොඩක් නිස මට ඔක එපා වෙලා තියෙන්නෙ!!!!!!

Udara || උදාර ධර්මසේන on May 3, 2009 at 11:22 PM said...

ඇත්තම කියනවා නම් දැන් මටත් ෆේස්බුක් එපා වෙලා තියෙන්නේ... හැබැයි හදිස්සියකට නම් හොදයි... අපි ඉතින් ඔතන ගිහින් බූරු ගහන්න යන්නේ නෑනේ... නිකන් ජොලියට හොඳයි...

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009