Sunday, May 3, 2009

Sirasa Superstar 3 --- සිරස සූප ස්ටාර් ආයෙත්....


http://cache.daylife.com/imageserve/02Gicz57SUcG8/340x.jpg

සිරස සූප ස්ටාර් සීසන් 3 ඔන්න පටන් අරගෙන... මේ පාර අළුත්ම වැඩ කෑ
ල්ලක් දාන්ඩ වගේ යන්නේ... රියැලිටි කලාවේ අන්තෙත් අනන්තෙට යන්ඩ හදනවා වගේ මට නම් පේන්නේ... අ.ල නොහොත් අපි නොදන්න ලයිව් එක නවත්තලා, ඒ වෙලාව අරගෙන මේ දවස් වල යන සූප ස්ටාර් මුල් වට ටික දැම්මා නම් හොඳයි කියලා හිතෙනවා... අපේ ගෙදර අය නම් කියන්නේ මේකෙ දාන ගොන් පාට් ඔක්කොම සිරසෙන් උවමනාවෙන් සල්ලි දීලා කරවපුවා කියලා... හැබැයි ඒ කථාවෙත් ඇත්තක් තියෙනවා කියලා හිතෙනවා... සිරස සල්ලි හොයන්න ඕනෙම බලූ වැඩක් කරන බව හැමෝම දන්න දෙයක්නේ...

මම නම් හැම එකටම බනින මනුස්සයෙක් නම් නෙමෙයි... හොඳ දෙයක් දැක්කොත් අගය කරනවා... මේ සූප ස්ටාර් එකෙන් හොඳ හොඳ දක්ෂ අයත් බිහිවෙනවා... ඒ වුනාට සිරස, බිහිවෙන දක්ෂයන්ගේ ඒකාධිකාරයක් පවත්වා ගෙන යන්න උත්සාහා කරන එක තමයි වැරැුද්ද... ඒ වුනාට කොන්ද පණ තියෙන කොල්ලො තමන්ගේ තැන තියාගෙන ඉස්සරහාට යන්න දන්නවා... ලංකාවේ ඉස්සර නම් පිබිදෙන ගායක පරපුර, අම්බිගා ගීතයෙන් ගීතය වගේ වැඩසටහන් තිබ්බා.. එත් අද ඒවා නැති නිසා වො හරි තියෙන එක හොඳයි කියලා මං නම් හිතන්නේ...

මේ පාරත් දක්ෂ වාසනාවන්ත තරුවක් බිහිවෙයි... බලමු කවුද කියලා...


පසුවදන : මේක හදිසියේ ලිව්වේ... තව හිතේ තියෙන අදහස් පස්සේ කියන්නම්...

6 අදහස්:

Ravimal on May 3, 2009 at 10:51 PM said...

ඔය කතාව අපේ ගෙදර කට්ටියත් කිව්වා. ඒවයේ ඇත්ත බොරු දන්නේ සිරසම තමයි.
අනිත් එක කවුරු සුපර්ස්ටාර් වුනත් අන්තිම දෙතුන්දෙනාට එන්නේ නියම සුදුස්සන් කියලයි මම හිතන්නේ. මුලින් කැපෙන අයට තමයි ප්‍රෂ්න වෙන්නේ.. ඒත් එහෙම වෙන්නෙත් සිරස දාන ගොං පාට් හින්දයි.

meegodaya/saman on May 3, 2009 at 11:41 PM said...

උපුටා ගැනීම-"මේකෙ දාන ගොන් පාට් ඔක්කොම සිරසෙන් උවමනාවෙන් සල්ලි දීලා කරවපුවා කියලා... හැබැයි ඒ කථාවෙත් ඇත්තක් තියෙනවා කියලා හිතෙනවා... සිරස සල්ලි හොයන්න ඕනෙම බලූ වැඩක් කරන බව හැමෝම දන්න දෙයක්නේ"-
ඇයි මලේ ඔයාම බැනලා ඔයාම අන්තිමේ හොඳ කියනවා.සිරස හොඳයිම කියනවා නොවේ.නමුත් එයාල පටන් ගත්ත ඒවා ඡාතික එකත් කරන්නේ.සිරස රේඩියෝ-රෑපවාහිනී නොතිබ්බානම් අපේ පරන නාළිකා තාමත් එතැනමයි නේද?.ගුවන් විදුලියේ ඉස්සර කොහොමද ගෑස්.සිරසෙන් බිහිවෙන අය හිරවෙලා හෝ බැඳිලා ඉන්න එක තාවකාලික දෙයක්නේ.අළුත් දේවල් එන කොට පැවති යදම් බිඳී යන නිසා ඒකට ගැරහීම අපේ ගතියක්දෝ මන්දා.නමුත් වෙනසට හිත යටින් කැමතියි.මීයක් කඩන්නෙ අත ලෙව කන්න නොවේ තමයි.වියදම පියවා ගන්න හෝ ලාභ ලැබීමේ අරමුණින් වත් මේ ඔළුවක් නැතැයි කියන සිරස කල විප්ලවය රැල්ලට නොයා උපේක්ෂාවෙන් හිතා බලත්වා!(කඩේ ගියාට මටත් ගෙවිවා...!:)

Udara || උදාර ධර්මසේන on May 3, 2009 at 11:50 PM said...

@meegodaya...

ඔව් ඉතින් අයියේ... බනින්න ඔනේ දේට මං බනිනවා. අගය කරන්න ඔනේ දේ මං අගය කරනවා... නිකං අන්තගාමී වෙන්ඩ ඔනේ නෑනේ... අයියා කියපු දේවල් නම් හරියට හරි... පිටරටකින් කොපි කරලා හරි ‘‘ලංකාවට’’ අළුත් දෙයක් දෙන්න සිරස මාධ්‍ය ජාලය උත්සාහා කලා... මං ගිය සතියේ කොළඹ ගුවන් විදුලි සංස්ථාවට ගියා... දුක හිතෙනවා දැක්කම... ගී ඉල්ලීම් තීරයට සින්දුවක් ඉල්ලලා කොල් එකක් වත් එන්නැති සයිස් එකේ ඉන්නේ... ප‍්‍රධාන පාලක මැදිරිය පාළුවට ගිහින්... හරි හමන් කළමණාකාරීත්වයක් තිබ්බොත් ගොඩ එන්ඩ පුළුවන් වෙයි මගේ හිතේ...

Sankha on May 4, 2009 at 10:30 AM said...

ලංකාවේ මිනිස්සුන්ගේ ගොන්පාට් කරවන්න සල්ලි දෙන්න ඕන නැහැ. ඔය එන මිනිස්සු සුපර්ස්ටාර් හීනය සැබෑකරගන්න ගොන්පාට් දානවා වගේම, ඒ හින බිදිලා ගියහම ඊටත් වඩා ගොන්පාට් වෙනවා. මේ සියළු දේවල් සිරස තමන්ගේ මුදල් ඉපයීමට භාවිතා කරනවා. ලොකුම ගොන්පාට් එක තමයි අපි ගොන්පාට් වෙලා ඒකට සිරස පාවා දෙන එක. ඇත්තටම වැරදි සිරස නෙවෙයි සිරස මුදුනෙ තියං ඉන්න බහුතර ශ්‍රී ලාංකිකයොයි

on May 4, 2009 at 10:43 AM said...

සේරම නාලිකා වල යන තරු තරඟ එක්ක බැලුවහම සිරසෙ ඉදිරිපත් කිරීම අනික්වාට වඩා ඉස්සරහින් කියලා මට හිතෙන්නේ.

Udara || උදාර ධර්මසේන on May 4, 2009 at 8:23 PM said...

ඔව් ඒ කථාව නම් ඇත්ත... සිරස මොන දේ කරත් ඉතින් අමුතුයි තමයි... අපිත් හරි ආසයිනේ අමුතු අමුතු දේවල් වලට... ඒක තමයි පැල් බැඳගෙන බලන්නේ... ඊට පස්සේ අනික් පැත්තට බනින්නෙත් අපිම තමයි...

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009