Saturday, June 13, 2009

මගේ පරිගණක ඉතිහාසය [2වන කොටස] - Flashback on ma history of computers (part 2)



වැඩ ගොඩාරියකට හිර වෙලා හිටියේ පහුගිය දොහේ... ඒකයි කිසිම පෝස්ට් එකක් දාගන්න වෙලාවක් ‍නැතිවුනේ... සිහල බ්ලොග්කරණ තරගාවලියට දැම්මා දැම්මාමයි එක පෝස්ට් කට්ටක් දාගන්න බැරිවුනානේ...
ඔන්න ඉතින් මගේ පරිගණක ඉතිහාසයේ දෙවනි කොටස තමයි දැන් මේ කියන්න යන්නේ...

කොතනින්ද අපි එදා නැවැත්තුවේ ? ආහ් පොටෝෂොප් ගැන කියලානේ... ඔන්න 2002, 2003 කියන කාලේ තමයි මං පො‍ටෝෂොප් ඉගෙන ගත්තේ... ඉස්සර මේ මෘදුකාංගේ ජනප්‍රිය වෙලා තිබ්බේ කදට ඔළු සෙට් කරන්න... ඉතින් මේ ආසාවට තමයි මාත් ඕක ඉගෙන ගන්න පටන් ගත්තේ... පොටෝෂොප් 4 තමයි මුලින්ම පාවිච්චි කලේ... එහාට මෙහාට එක එක ටූල් ඇද ඇද , ෆිල්ටර් එහෙම දදා බැලුවා.. කොහොම කො‍හොම හරි ටික ටික මං ගොඩාක් ‍ඉගෙන ගත්තා.. කරපු ග්‍රැෆික් ගෙදර අයට පෙන්නලා මං ගොඩාක් සතුටු වුනා...









මේ කාලේම තමයි මට ෆ්ලෑෂ් මෘදුකාංගේ හම්බුනේ.. ඒ කාලේ ඇඩෝබි ෆ්ලෑෂ් නෙමේනේ තිබ්බේ මැක්රෝමීඩියා නේ.. ඉතින් ෆ්ලෑෂුත් මට මේ කාලේ මාර මැජික්... පොඩි පොඩි ඇනිමේෂන් කරලා බැලුවා.. ඉතින් මේ හැම එකක්ම කරන්න මට ශක්තිය කොහෙන්ද? :) හොර සොෆ්ට්වෙයා සීඩී තමයි.. ඒවා තිබ්බේ නැත්තම් අද වෙනකනුත් අපි කොම්පියුටර් කියලා එකක් දන්නේ නැතුව තියෙන්න තිබ්බා...

ආහ් මට කියන්න බැරිවුනා මගේ මුල්ම පරිගණකේ විස්තර... මෙන්න ඒ විස්තර....

Compaq Desktop
133 MHZ speed
32 RAM
3.5GB hard disk
2 MB VGA

ඊළගට මං 2005දී විතර වෙනින් එකක් ගත්තා... ඒකේ විස්තර තමයි මේ තියෙන්නේ.. මේ මැෂින් එක තාමත් හොදට වැඩ, මේ අවුරුද්දේ මුල මං ලැප්‍ එක ගන්නකම් පාවිච්චි ‍කලෙත් මේක... ඔන්න පොටෝ එකකුත් තියෙනවා බලන්න... (කාමරේ බලන්න ඔනේ නෑනේ ?) :)


IBM Desktop
233 MHZ speed
64 Ram (පස්සේ මං 128ට වැඩි කර ගත්තා)
6.4 GB hard disk (2006දී විතර 80 ජීබී හාඩ් එකක් ගැහුවා)
4 MB VGA

අනේද කියන්නේ ගින්දර සහ ජලය වගේ තාමත් තිතට වැඩ මගේ දෙයියා...



ඉතින් ඔන්න ‍ඔහොම කාලේ ගෙවීගෙන යද්දී මට 2006දී නැණසල මධ්‍යස්ථාන දෙකක් භාරව වැඩකරන්න අවස්ථාව ලැබුනා... ඉතාමත් සාර්ථකව මං ඒ නැණසල මධ්‍යස්ථාන දෙකම ඉදිරියට කරගෙන ගියා... සැටලයිට් වලින් ඉන්ටර්නෙට් දීලා තිබ්බ නිසා මට ගොඩාක් අළුත් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුනා... දන්නේ නැති දේවල් සර් කෙනෙක්ගෙන් අහනවා වගේ ඉන්ටර්නෙට් එකෙන් අහලා හොයලා දැනගත්තා... ඔහොම යද්දී 2007 අවුරුද්දේ විතර මං එතනින් අයින් වුනා... පරිගණක ලෝකයෙන් අයින් වෙලා වෙනින් රැකියාවක් කලා...

2008 මුල් කාලයේදී තමයි මං දැන් වැඩ කරන තැනට එකතුවුනේ... පර්යේෂණ හා සන්නිවේදන නිළධාරී විදිහට සේවය කරන්න ලැබීමත් එක්ක අළුත් දේවල් ඉගෙන ගන්නත් අළුත් අය මුණ ගැහෙන්නත් අවස්ථාව ලැබුනා... ඒ වගේම මට නිදහසත් තියෙනවා... ලංකාවේ විතරක් නෙමේ වෙනින් රටවල් වලට යන්නත් අවස්ථාව මට ලැබෙනවා... ඒ වගේම කරන්න වැඩ ගොඩකුත් තියෙනවා... මේ රාජකාරී වැඩි ප්‍රමාණයක් පරිගණකයත් අන්තර්ජාලයත් එක්ක තියෙන නිසා මට හැකි ඉක්මනින් පරිගණකයක් ගන්න සිද්ද වුනා... ඔෆිස් එකේ පරිගණකයෙන් පමණක් සියළුම වැඩ කරන්න බැරි නිසාත් ගෙදර තියෙන පරිගණක‍ය වේගවත් නැති නිසාත් ලැප්ටොප් එකක් ගන්න උවමනා වුනා...

ඔන්න වෙලාවටම මගේ යාළුවෙක් කිව්වා ටිකක් පාවිච්චි කරපු ඒසර් ලැපක් තියෙනවා අඩුවට කියලා... ඔ‍ෆිස් එකට ඒ නිව්ස් එක කියපුවාම ඒක ගන්න සල්ලි මට දුන්නා... දැන් මං ළග තියෙන්නේ ඒ ලැප් එක... මෙන්න මගේ ලැප් එකේ විස්තර... දැන් අරගෙන මාස 4ක් විතර වෙනවා... හොදට වැඩ...


Acer Travelmate 3260 AWXMI
Intel Core Solo processor
(1.86GHz, 533 MHz FSB, 2 MB L2 cache)
14.1" WXGA Crystalbrite LCD
120GB HD
512 MB RAM (රැම් එක නම් මදි... හෙට අනිද්දට 2 ජීබී ගහනවා)
WLAN
Bluetooth
1.3 MP Webcam
DVD+RW


දැනට අවුරුදු 7කට 8කට උඩදී හීනයක් වෙලා තිබ්බ එක අද මගේ ඔඩොක්කුවේ... ජීවිතේ ගැන පුදුම හිතෙනවා වෙලාවකට... හීන මවපු දේවල් නොහිතපු වෙලාවක අපේ ළගට එනවා... බලාපොරොත්තුයි හීනයි තමයි අපිව ජීවත් කරන්නේ කියලත් ‍හිතෙනවා.. කම්පියුටර් ගැන කිය කියා හිටපු මම, මගේ ජීවිත කථාවම ලිව්වාද මන්දා? :) ලබන මාසේ මං බැන්කොක් හා බංග්ලාදේශය කියන රටවල් එකට යනවා රැස්වීමක් හා සමුළුවකට සහභාගී වෙන්න... එතකොට හිතුනොත් මීටත් වඩා හොද ලැප් එකක් ගන්නයි බලාපොරොත්තුව... කාට හරි මොනවා හරි ගේන්න ඕනේ නම් කියන්න ඔන්න... :) :)




12 අදහස්:

charithsriyan on June 14, 2009 at 1:03 AM said...

බංග්ලාදේශයෙ ඩකා වලටද චිතගොං වලටද යන්න ඉන්නෙ?ඩකා වල නම් Bashundhara City කියල shopping mall එකක් තියෙනව.ඒකෙ බඩු ටිකක් ගනන්.අනිවාර්යෙන් ඩකා වලට ගියොත් වලට Bashundhara City යන්නත් අමතක කරන්න එපා.Bashundhara City තමා දකුණු ආසිඅයාවෙ තියෙන ලොකුම එක.ඒවගේම Jamuna Future Park, Mouchak Market කියන වලටත් යන්න අමතක කරන්න එපා.චිතගොං වලනම් Ocean City වලට යන්න.

බංග්ලාදේශයෙදි කෑම ගනිද්දි සමහර විට ටිකක් අසනීප වෙන්නත් පුලුවන්.ලංකාවෙ වගේ කුලුබඩු, පොල් කිරි එහෙම පාවිච්චියක් එහෙ නැහැ.

බංග්ලාදේශයට යන්නෙ කොයි කාලෙද?මේ අවුරුද්දෙ නොවැම්බර් වල මාත් යන්න ඉන්නෙ.

charithsriyan on June 14, 2009 at 1:10 AM said...

කියන්න අමතක උනා, laptop එකක් ගන්න යනවනම BCS Computer City වලට යන්න.

Udara || උදාර ධර්මසේන on June 14, 2009 at 1:15 AM said...

මං නම් යන්නේ ඩකා වලට.. මාත් අහලා තියෙනවා බසුන්දරා සිටි එක ගැන... සතියක් විතර එහේ ඉන්න නිසා අවස්ථාවක් ලැබෙයි යන්න.. මං ඡායාරූප කීපයක් මෙතනට එකතු කරන්නම් ගිහින් ආවට පස්සේ...

කෑම ගැනනම් මටත් ආරංචි වුනා.. මං වැඩිපුර පළතුරු තමයි කන්නේ පිටරටකට ගියාම..

බංග්ලාදේශේ යන්නේ ලබන මාසේ 3 වෙනිදා.. එහෙන් එන්නේ 11 වෙනිදා... 12 වෙනිදා විතර බැංකොක් යනවා... ගිහින් එහේ දවස් 3ක් විතර ඉන්නවා... මාත් සැප්තැම්බර් වලයි නොවැම්බර් වලයි කොල්කටා යනවා...

බලමු අපි සමහර විට මුණ ගැහෙයි... බොහොම ස්තූතියි විස්තර වලට...
සුභ රාත්‍රියක්...

Udara || උදාර ධර්මසේන on June 14, 2009 at 1:16 AM said...

@ චරිත් : ඒකත් තියෙන්නේ බංග්ලාදේශ් වලද නැත්නම් බැංකොක් වලද ? ඔබතුමා එහේ යන්නේ ඉගෙන ගන්නද නැත්නම් වෙනත් කටයුත්තකටද ?

Thilina on June 14, 2009 at 1:20 AM said...

අඩේ මට හොද VGA කාඩ් එකක් ඕනේ...

Udara || උදාර ධර්මසේන on June 14, 2009 at 1:25 AM said...

@තිලින - සල්ලි දීපන් කොල්ලෝ.. ගෙනත් දෙන්නම්.. :)

charithsriyan on June 14, 2009 at 1:54 AM said...

මෙහෙම කියමු, අඩක් බෙන්ගාලි, අඩක් ලාංකික.එහෙම කිව්වොත් තේරෙනවනෙ...:)

BCS Computer City තියෙන්නෙ ඩකා වල.

2001 ඉදන් තමයි ලංකාවෙ දිගටම ඉන්නෙ.ඊට කලින් හිටියෙ ඩකා වල.ලංකාවට ආවෙ ඉගෙන ගෙන යන්න.මෙහෙ අධ්‍යාපන තත්වය ටිකක් එහෙට වඩා හොද නිසා.

තව දෙයක්, බොන වතුරත් කඩෙන් ගන්න ඕනෙ.ටැප් වතුර මෙහෙ වගේ හොදට පිරිසිදු කරල නෙමේ එවන්නෙ.මම පාවිච්චි කලේ Fresh කියන වතුර බෝතල් ජාතිය.2lක් 50Tk වෙනව.

ලංකාවෙ අය ඉගෙන ගන්න එන්නෙ චිතගොං වල තියෙන විශ්ව විද්‍යාලයකට.ඩකා වලට ලංකාවෙ අය ඉගෙන ගන්න එන්නෙ අඩුවෙන්.ඒ වුනාට ඩකාවල වැඩ කරන ලංකාවෙ අය නම් ගොඩක් ඉන්නව.

ඒ වගේම තමා ඉන්න හෝටල් කාමරෙ ගින්දර පාවිච්චි කරන්නත් යන්න එපා.ගෑස් බට තියෙන්න පුලුවන්.අවුරුදු 3, 4කට කලින් හෝටලේක ලංකාවෙ කෙනෙක් මැරුන ඕක දන්නෙ නැතුව.

තව දෙයක් තමා රික්ෂෝ වල යනවනම් පරිස්සමින් යන්න ඕනෙ.CNG(ත්‍රී රෝද රථ)වලත් පරිස්සමින් යන්න ඕනෙ.එහෙ වාහන එලවන හැටි ගියාම තේරෙයි.ඒ නිසා පරිස්සමින් පාරවල් පනින එක කරන්න වෙන්නෙ....:D

බඩේ ලෙඩක් ආවොත් ගන්න බේතුත් මතක ඇතුව අරන් යන්න.මොකද පලතුරු වුනත් එහෙ sure නැහැ.

සිංගප්පූරුවට ගිහින් එතනින් Biman Bangladesh වලින්ද ඩකා යන්නෙ?නැත්නම් Qutar Air Ways වලින්ද යන්නෙ?නැත්නම් බැංකොක් ගිහින් Thai Air ways හරි Biman Bangladesh වලින්ද යන්නෙ?නැත්නම් ඉන්දියාවට ගිහින්ද?

තව ඩකා ගැන ඕන දෙයක් තියෙනවනම් අහන්න...:)

Kanishka on June 14, 2009 at 7:39 AM said...

හාපෝ රට යන එකත් ලේසිනෑනෙ...
IBM pc එක ගැන කියන්න ඕන, මගෙත් තිබුන ඕකක්.. ගින්දර වගේ වැඩ.

Udara || උදාර ධර්මසේන on June 14, 2009 at 1:15 PM said...

@ චරිත් - හප්පේ... මේක වෙනම බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ඕන සබ්ජෙක්ට් එකක් වගේ.. ඔයා ගොඩක් ඒ පළාත ගැන දන්න නිසා ටිකක් ලිව්වොත් හැමෝටම ප්‍රයෝජනවත් වේවි... තව විස්තර පුළුවන් නම් කියන්න... මට නම් ගොඩක් වැදගත්.. මොකද දෙතුන් වතාවක් බෙංගාලි ප්‍රදේශ වලට යන්න තියෙන නිසා (ඉන්දියාවේ බටහිර බෙංගාලය හා බංග්ලාදේශය)...

@කණිෂ්ක - ගොඩාක් අය ළග අයි බී එම් තියෙනවා.. ලංකාවට ගොඩාක් ආවා සෙකන්ඩ් හෑන්ඩ් පරිගණක.. ඒවා ගොඩාක් මේ ජාතියේ එවා... නියම බඩු...

ශාකුන්තල | Shaakunthala on June 14, 2009 at 1:51 PM said...

ආ.. මේ තියෙන්නේ ඉතිරිය...
මම නං පොඩි කාලේ කලේ VB6 විතරයි. තව වින්ඩෝස් OS එකේ රහස් තැන් අතගාන එකත් කළා. :D

@Charith,
බම්බලපිටියේ වැල්ලවත්තේ සයිවර් කඩවල පිළුණු කෑම කාල කාලා දැං අපට නං ඕන එකක් ඔට්ටුයි. Rock solid.

Udara || උදාර ධර්මසේන on June 14, 2009 at 1:56 PM said...

@ ශාකුන්තල - මට නම් වීබී ඉගෙන ගන්න ලැබුන්නෑ... ආසයි ඉගෙන ගන්න.. දැන්වත් ඒ වැඩේට අතගහන්න ඕන..

ආහ් ඒ කථාව නම් ඇත්ත.. ඒ වුනාට බම්බලපිටියේ වැල්ලවත්තේ කඩවල් ගොඩක් හොදයි ඉන්දි‍යාවේ බංග්ලාදේශේ කඩවල් එක්ක කම්පෙයා කරලා බලද්දී... එක පාරක් එහේ ගිහින් බලන්නකෝ... ලංකාවේ වගේ නෙමේ ගොඩක් අපිරිසිදුයි...

charithsriyan on June 14, 2009 at 5:36 PM said...

@ ශාකුන්තල - මට නම් ඕන කෑමක් කන්න පුලුවන්.ඒත් බංග්ලාදේශයේදී ලංකාවෙ අය තමන්ම උයා ගෙන කෑවත් ලෙඩ වෙනව.

@ Udara - මම ඉන්දියාවට නම් ගිහින් නැහැ.ඒත් boarder එකට නම් ගිහින් තියෙනව.මම හිතන්නෙ කොල්කටාත්, ඩකා වගේම ඇති කියලයි.

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009