Friday, June 19, 2009

මොකද්ද යකෝ මේ Flock 2.5 ?





(මේ ඡායාරූපය පමණක් මා විසින් ගත් එකක් වන අතර අනික් සියල්ල Flock අඩවියෙන් බාගත් ඒවා බව කරුණාවෙන් සලකන්න)



මෙන්න තියෙනවා නියම පිස්සු පහරක්... අපි වගේ සමාජ ජාලකාරයොන්ට කියාපු බරවුසරේ... මාත් මගේ යාළුවෙක්ගෙන් දැනගත්තේ... ටිකක් පාවිච්චි කරලා බැලුවාම ආආආආආස හිතුනා..... සමහරු නම් දැන්ටමත් පාවිච්චි කරනවත් ඇති... ‍මේ බරවුසරේ වැඩ පහසුකරණය උපරි‍මයෙන් කරලා තියෙනවා... UI එකත් දැක්කම බදා ගන්න හිතෙනවා.. නිකන් මුළු ලෝකෙම දොතේ වගේ... :)

හොඳ‍ම දේ තමයි මේක මොසිලා ෆයර්ෆොක්ස්ගේ මල්ලි කෙනෙක් වීම... ඉතින් ආයෙත් කියන්න ඕන නෑනේ මේක විවෘත මෘදුකාංගයක් කියලා... අපේ සිංහල බ්ලොග්කරුවෝ ගොඩක් ෆයර්ෆොක්ස් ලවර්ස්ලානේ... ඉතින් මේක දැක්කාම ආආආආස හිතෙයි... මේකේ ෆයර්ෆොක්ස් වල තියෙන සෑම සියළු දෙයක්ම වැඩිපුරත් එක්කම තියෙනවා... මුලින්ම සිං ගාලා සුපිරි වේගයයයයය......., ලස්සන ලස්සන බොත්තම්, චැට් බැට් වලට වැඩි ඉඩ, වීඩියෝ/සින්දු අමුතු විදිහකට, ඇයි ඒ විතරක්යැ අපි‍ට ඕනේ විදිහට වෙනස් කරගන්න පුළුවන් වීම, හොඳ ආරක්ෂාවක් ති‍බීම, ස්වයංක්‍රීය යාවත්කාලීන වීම හා තව ගොඩාක් දේවල් මේකේ තියෙනවා වගේ...

හෝව් හෝව් පොඩ්ඩක් ඉන්ඩ... මං මේ ලංකාවයි බටහිර ඉන්දීය කොදෙව්යි සෙමි ෆයිනල් එක බලන ගමන් ලියන්නේ... ඉතින් ටිකක් බිසී... :) ඒකයි මේ අද ටිකක් අවුල් වගේ.. :) :)

මං ඔන්න දැන් පිළිවෙලකට කියන්නම් ෆ්ලොක් එකේ තියෙන වැඩ කෑලි ටික...

1. මුලින්ම තියෙනවා ඔන්න My World කියලා එකක්... ඔන්න පල්ලෙහා තියෙනා ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන්නේ ඒක තමා... මේක නිකන් Google homepage එක customize කරපුවාම තියෙන විදිහ වගේ... එච්චරම ලොකු දෙයක් නෑ මේකෙ නම් ඉතින්.. හැබැයි ඒ වුනාට මට නම් මරු...




2. ඔන්න පුතේ ඊළඟට තියෙන්නේ ඕනෑම කරන භාණ්ඩයක්... ඒ තමයි People Sidebar එක... මේකෙන් ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවි ලෝඩ් කරගෙන තියා ගන්න පුළුවන් සයිඩ් බාර් එකක... සියළුම status update හා notifications මෙතන බලාගන්න පුළුවන්... හරිම ප්‍රයෝජනවත්.. Facebook, Twitter, Myspace, Bebo, Digg වගේ ජනප්‍රියතම ජාලයන් Flock එකට වැඩ... හරිම ආආආආආආස හිතෙනවා... ඔන්න එකෙත් ස්ක්‍රීන් ෂොට්ස් තියෙනවා බලන්න..




3. ඊළඟට තියෙන්න හරි ලස්සන භාණ්ඩයක්.. මේකට කියන්නේ Media Bar එක කියලා මහත්තුරුණේ... ඇත්තම කිව්වොත් මේක හරිම ප්‍රයෝජනවත් හැම වැඩේටම.. අපි අර පල්ලෙහා තියෙන ස්ක්‍රීන්ෂොට් එකෙ තියෙන මාධ්‍යයන් සම්බන්ධ වෙබ් අඩවි වගේ ඒවා තෝරලා දුන්නාම පින්තූර විතරක් නෙමේ, තියෙනවා නම් වීඩීයෝ පවා මේ තීරුවට ස්වයංක්‍රීයව එකතු වෙනවා... අනේ මං කියනවාට වඩා හොඳයි ඕගොල්ලෝ පොඩි චෙකින් පාරක් දාලම බැලුවනම්...






4. ඊළඟට තියෙන්නේ Feeds Sidebar එක... මෙතනටත් කැමති කැමති ෆීඩ්ස් එකතු කරලා හදාගන්න පුළුවන්.. පල්ලෙහා තියෙන ස්ක්‍රීන් ෂොට් එක දැක්කාම තව පැහැදිලි වෙයි ඕං...



5. මෙන්න පුතේ මේක නම් හරිම ෂෝක්.. මේකට කියන්නේ webmail කියලා... yahoo, g-mail වගේ ජනප්‍රියතම වෙබ්මේල් සේවා පල්ලෙහා තියෙන ස්ක්‍රීන්ෂොට් එකේ විදිහට අපිට මේ බරවුසරේට දාගන්න පුළුවන්... ආආආආආසයි නේ ??? :)




මං ඉතින් ඔක්කොම මෙතන දාන්න යන්නේ නෑ... තව වැදගත් දෙකක් තුනක් ගැන කියන්නම්... අපි ඉතින් දොයියන්නත් එපෑ...

6. මේක Web Clipboard එකක්... Text, Links, photos වගේ ඕනෙම දෙයක් ඇදලා දාන්න තියෙන්නේ සයිඩ් බාර් එකේ තියෙන කොටුව ඇතුළට... පස්සේ ඕනේ වුනොත් පාවිච්චි කරන්න.. අපේ ගොඩක් මලයෝ දැනට කරන්නේ නෝට්බුක් එකට කොපි කරලා තියාගන්න එකනේ, ඉතින් මේක ඒකට හොඳ විසඳුමක් වෙයි....



7. ඔන්න දූලා පුතාලා අපිට වැදගත් දෙයක් මේකේ තියෙනවා... අපිට කිව්වේ මේ බ්ලොග්කාරයොන්ට... මෙන්න මෙහෙමයි වැඩේ... මුලින්ම අපේ බ්ලොග් එකට අදාල මුරපද අනං මනං දීලා සෙටප් කර ගත්තට පස්සේ අපිට අළුත් බ්ලොග් පිටුවක් ලියන්න ඕනේ වුනාම කරන්න තියෙන එකම එක එක පාරක් ක්ලික් කරන්න විතරයි... අරෙහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ ඔන්න.. කෙලින්ම බඩු හෑව්... ආආආආආසයි නේ ??




ඔය මං කි‍ව්වේ මේ බරවුසරේ තියෙන දේවල වලින් පොඩිම පොඩි පොඩ්ඩක් විතරයි... කියන තරම් සීනී පැණි රහද කියලා බලන්න පල්ලෙහායින් කාලාම බලන්නකෝ ඉතින්... මෙන්න තියෙනවා Flock එකට යන්න ලිපිනය... ගිහිල්ලා බාලා දාලා බලලා මටත් කියන්න හොඳේ ?

www.Flock.com


ප.ලි : අපි මැච් එකත් දින්නා ඔන්න... දැන් ඉතින් ෆයිනල් එකත් ගොඩ දාගත්තා නං ගොඩම තමා... පව් අප්පා වෙස්ට් ඉන්ඩීස්ලා... :(

Sunday, June 14, 2009

කර්තකොළොම්බන් කමුද ?




මෙන්න මට ළගදී නියම චාන්ස් එකක් හම්බුනා අඹ කන්න ඇති තරම්... මගේ ඉතින් වැඩ ගොඩත් එක්ක අඹයක් කන්නවත් වෙලාවක් නෑනේ... ගෙදර අඹ ගහ වවුල්ලුන්ට සින්නක්කර ලියලා දීලානේ තියෙන්නේ... ඒක ගිරා අඹ අනික.. එච්චරම රහ නෑ... ඉතින් මං නිවාඩු දවසක ගියා අපේ ලොකු නැන්දලාගේ දිහා... මෙන්න බොලේ එහේ අඹ ගහක් තියෙනවා කර්ත‍කොලොම්බන්... මට ඉතින් වෙන වැඩක් නෑ... අඹ කඩා කඩා කප කපා කෑවා... ඔය තියෙන්නේ ඒ අඹ තමා... තාම කටට කෙළ උනනවා... යම් යම්ම්ම්ම්...... :)

ඉස්සර පොඩි කලේ මං කිව්වේ කරත්ත කොළොම්බන් කියලා... බලද්දි මේක දෙමළ වචනයක්නේ... හරි නම දැන් ගත්තේ පස්සේ කර්තකොළොම්බන් කියලා...

කෑල්ලක් ඕනේද ???


Saturday, June 13, 2009

මගේ පරිගණක ඉතිහාසය [2වන කොටස] - Flashback on ma history of computers (part 2)



වැඩ ගොඩාරියකට හිර වෙලා හිටියේ පහුගිය දොහේ... ඒකයි කිසිම පෝස්ට් එකක් දාගන්න වෙලාවක් ‍නැතිවුනේ... සිහල බ්ලොග්කරණ තරගාවලියට දැම්මා දැම්මාමයි එක පෝස්ට් කට්ටක් දාගන්න බැරිවුනානේ...
ඔන්න ඉතින් මගේ පරිගණක ඉතිහාසයේ දෙවනි කොටස තමයි දැන් මේ කියන්න යන්නේ...

කොතනින්ද අපි එදා නැවැත්තුවේ ? ආහ් පොටෝෂොප් ගැන කියලානේ... ඔන්න 2002, 2003 කියන කාලේ තමයි මං පො‍ටෝෂොප් ඉගෙන ගත්තේ... ඉස්සර මේ මෘදුකාංගේ ජනප්‍රිය වෙලා තිබ්බේ කදට ඔළු සෙට් කරන්න... ඉතින් මේ ආසාවට තමයි මාත් ඕක ඉගෙන ගන්න පටන් ගත්තේ... පොටෝෂොප් 4 තමයි මුලින්ම පාවිච්චි කලේ... එහාට මෙහාට එක එක ටූල් ඇද ඇද , ෆිල්ටර් එහෙම දදා බැලුවා.. කොහොම කො‍හොම හරි ටික ටික මං ගොඩාක් ‍ඉගෙන ගත්තා.. කරපු ග්‍රැෆික් ගෙදර අයට පෙන්නලා මං ගොඩාක් සතුටු වුනා...









මේ කාලේම තමයි මට ෆ්ලෑෂ් මෘදුකාංගේ හම්බුනේ.. ඒ කාලේ ඇඩෝබි ෆ්ලෑෂ් නෙමේනේ තිබ්බේ මැක්රෝමීඩියා නේ.. ඉතින් ෆ්ලෑෂුත් මට මේ කාලේ මාර මැජික්... පොඩි පොඩි ඇනිමේෂන් කරලා බැලුවා.. ඉතින් මේ හැම එකක්ම කරන්න මට ශක්තිය කොහෙන්ද? :) හොර සොෆ්ට්වෙයා සීඩී තමයි.. ඒවා තිබ්බේ නැත්තම් අද වෙනකනුත් අපි කොම්පියුටර් කියලා එකක් දන්නේ නැතුව තියෙන්න තිබ්බා...

ආහ් මට කියන්න බැරිවුනා මගේ මුල්ම පරිගණකේ විස්තර... මෙන්න ඒ විස්තර....

Compaq Desktop
133 MHZ speed
32 RAM
3.5GB hard disk
2 MB VGA

ඊළගට මං 2005දී විතර වෙනින් එකක් ගත්තා... ඒකේ විස්තර තමයි මේ තියෙන්නේ.. මේ මැෂින් එක තාමත් හොදට වැඩ, මේ අවුරුද්දේ මුල මං ලැප්‍ එක ගන්නකම් පාවිච්චි ‍කලෙත් මේක... ඔන්න පොටෝ එකකුත් තියෙනවා බලන්න... (කාමරේ බලන්න ඔනේ නෑනේ ?) :)


IBM Desktop
233 MHZ speed
64 Ram (පස්සේ මං 128ට වැඩි කර ගත්තා)
6.4 GB hard disk (2006දී විතර 80 ජීබී හාඩ් එකක් ගැහුවා)
4 MB VGA

අනේද කියන්නේ ගින්දර සහ ජලය වගේ තාමත් තිතට වැඩ මගේ දෙයියා...



ඉතින් ඔන්න ‍ඔහොම කාලේ ගෙවීගෙන යද්දී මට 2006දී නැණසල මධ්‍යස්ථාන දෙකක් භාරව වැඩකරන්න අවස්ථාව ලැබුනා... ඉතාමත් සාර්ථකව මං ඒ නැණසල මධ්‍යස්ථාන දෙකම ඉදිරියට කරගෙන ගියා... සැටලයිට් වලින් ඉන්ටර්නෙට් දීලා තිබ්බ නිසා මට ගොඩාක් අළුත් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුනා... දන්නේ නැති දේවල් සර් කෙනෙක්ගෙන් අහනවා වගේ ඉන්ටර්නෙට් එකෙන් අහලා හොයලා දැනගත්තා... ඔහොම යද්දී 2007 අවුරුද්දේ විතර මං එතනින් අයින් වුනා... පරිගණක ලෝකයෙන් අයින් වෙලා වෙනින් රැකියාවක් කලා...

2008 මුල් කාලයේදී තමයි මං දැන් වැඩ කරන තැනට එකතුවුනේ... පර්යේෂණ හා සන්නිවේදන නිළධාරී විදිහට සේවය කරන්න ලැබීමත් එක්ක අළුත් දේවල් ඉගෙන ගන්නත් අළුත් අය මුණ ගැහෙන්නත් අවස්ථාව ලැබුනා... ඒ වගේම මට නිදහසත් තියෙනවා... ලංකාවේ විතරක් නෙමේ වෙනින් රටවල් වලට යන්නත් අවස්ථාව මට ලැබෙනවා... ඒ වගේම කරන්න වැඩ ගොඩකුත් තියෙනවා... මේ රාජකාරී වැඩි ප්‍රමාණයක් පරිගණකයත් අන්තර්ජාලයත් එක්ක තියෙන නිසා මට හැකි ඉක්මනින් පරිගණකයක් ගන්න සිද්ද වුනා... ඔෆිස් එකේ පරිගණකයෙන් පමණක් සියළුම වැඩ කරන්න බැරි නිසාත් ගෙදර තියෙන පරිගණක‍ය වේගවත් නැති නිසාත් ලැප්ටොප් එකක් ගන්න උවමනා වුනා...

ඔන්න වෙලාවටම මගේ යාළුවෙක් කිව්වා ටිකක් පාවිච්චි කරපු ඒසර් ලැපක් තියෙනවා අඩුවට කියලා... ඔ‍ෆිස් එකට ඒ නිව්ස් එක කියපුවාම ඒක ගන්න සල්ලි මට දුන්නා... දැන් මං ළග තියෙන්නේ ඒ ලැප් එක... මෙන්න මගේ ලැප් එකේ විස්තර... දැන් අරගෙන මාස 4ක් විතර වෙනවා... හොදට වැඩ...


Acer Travelmate 3260 AWXMI
Intel Core Solo processor
(1.86GHz, 533 MHz FSB, 2 MB L2 cache)
14.1" WXGA Crystalbrite LCD
120GB HD
512 MB RAM (රැම් එක නම් මදි... හෙට අනිද්දට 2 ජීබී ගහනවා)
WLAN
Bluetooth
1.3 MP Webcam
DVD+RW


දැනට අවුරුදු 7කට 8කට උඩදී හීනයක් වෙලා තිබ්බ එක අද මගේ ඔඩොක්කුවේ... ජීවිතේ ගැන පුදුම හිතෙනවා වෙලාවකට... හීන මවපු දේවල් නොහිතපු වෙලාවක අපේ ළගට එනවා... බලාපොරොත්තුයි හීනයි තමයි අපිව ජීවත් කරන්නේ කියලත් ‍හිතෙනවා.. කම්පියුටර් ගැන කිය කියා හිටපු මම, මගේ ජීවිත කථාවම ලිව්වාද මන්දා? :) ලබන මාසේ මං බැන්කොක් හා බංග්ලාදේශය කියන රටවල් එකට යනවා රැස්වීමක් හා සමුළුවකට සහභාගී වෙන්න... එතකොට හිතුනොත් මීටත් වඩා හොද ලැප් එකක් ගන්නයි බලාපොරොත්තුව... කාට හරි මොනවා හරි ගේන්න ඕනේ නම් කියන්න ඔන්න... :) :)




 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009