Sunday, June 14, 2009

කර්තකොළොම්බන් කමුද ?




මෙන්න මට ළගදී නියම චාන්ස් එකක් හම්බුනා අඹ කන්න ඇති තරම්... මගේ ඉතින් වැඩ ගොඩත් එක්ක අඹයක් කන්නවත් වෙලාවක් නෑනේ... ගෙදර අඹ ගහ වවුල්ලුන්ට සින්නක්කර ලියලා දීලානේ තියෙන්නේ... ඒක ගිරා අඹ අනික.. එච්චරම රහ නෑ... ඉතින් මං නිවාඩු දවසක ගියා අපේ ලොකු නැන්දලාගේ දිහා... මෙන්න බොලේ එහේ අඹ ගහක් තියෙනවා කර්ත‍කොලොම්බන්... මට ඉතින් වෙන වැඩක් නෑ... අඹ කඩා කඩා කප කපා කෑවා... ඔය තියෙන්නේ ඒ අඹ තමා... තාම කටට කෙළ උනනවා... යම් යම්ම්ම්ම්...... :)

ඉස්සර පොඩි කලේ මං කිව්වේ කරත්ත කොළොම්බන් කියලා... බලද්දි මේක දෙමළ වචනයක්නේ... හරි නම දැන් ගත්තේ පස්සේ කර්තකොළොම්බන් කියලා...

කෑල්ලක් ඕනේද ???


2 අදහස්:

යූත්මැක්ස් on June 15, 2009 at 1:38 PM said...

අඹ ගොඩක් කන්න එපා. සැරයි හොඳේ...

දුකා on July 16, 2009 at 9:29 PM said...

ගිරා අඹ එච්චර රහ නෑ කියන්නෙ නම් බොරු . . . හික් හික් හික්. . .

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009