Wednesday, July 29, 2009

රුවල් ඉරී ගිය නෞකාවක්...




හිතට පුදුම විදිහට දැනුන සින්දුවක්... මං මාත් එක්කම මේ සින්දුවේ පද පේලි හා තේරුම ගැන විචාරයක් කලා... පුදුම ලස්සනක්...

"රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවාණනේ... නොගිලී දළ රළ පෙල අතරේ... මා හා යා නොහැකිය ගොඩබිමකට... රුවල් ඉරී ගිය නෞකාවේ"

"දෝතට එක්කල වැහිදිය පොවමින් පවසට.... ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම.... මා රැකගත් ඔබ රැකගත යුතුවේ අද දින... දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම..."

"සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට... අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස... දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට... ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩි කොට..."

ජීවිතේ වරද්දා ගත්ත ගැහැණු ළමයෙක්ට හොඳ පිරිමි ළ‍මයෙක් මුණගැහෙනවා... වරද්දා ගත්ත ජීවිතේ හරි මගට ගන්න මනුස්සයා ගොඩක් උදව් කරනවා... කරන්න පුළුවන් හැම‍දෙයක්ම වගේ මිනිහා කරනවා... නමුත් කෙල්ලගේ ජීවිතේ ආයෙත් ගොඩගන්න බැරි තරම් අගාධයකට ඇදිලා යන්නේ... නමුත් ඒ ටික කාලේ හරි ජීවත් වෙන්න මේ පිරිමි ළමයා උදව් කරනවා... මට දැනුනු විදිහට මේ ගෑණු ළමයා ගණිකාවක් වගේ...

ටික කාලයක් හරි සතුටින් තියපු මේ මනුස්සයාවත් අර අගාධයට ඇද ගෙන යන්න තරම් මේ ගෑණු ළමයා නපුරු නෑ... ඒක නිසා තමයි මේ ගෑණු ළමයා කියන්නේ මේ විපත අතෑරලා දාලා යන්න කියලා.. පිරිමි ළමයා අකමැති වුනත් දාලා යන්න, කොහොමහරි හිත දැඩි කරගෙන යන්න කියලා ආයෙ ආයෙත් මේ ගෑණු ළමයා කියනවා... මේ පවුකාර ජීවිතේ පංගුකාරයෙක් නොවී හැමදෙයක්ම අමතක කරලා දාලා යන්න කියලා කියන්න තරම් මේ ගෑණු ළමයා අවංකයි...

-- ඇත්තටම මේ සින්දුව ගැන විචාරයක් කරන්න පුළුවන් දවස් ගානක් වුනත්... ඒ තරමට එකිනෙකට වෙනස් අදහස් මට දැනෙනවා... --

12 අදහස්:

සයිමන් නවගත්තේගම on July 30, 2009 at 12:05 PM said...

did you wright this one? are there more to this poem? if so please publish them also? tell me about the author of this?

Udara || උදාර ධර්මසේන on July 30, 2009 at 5:47 PM said...

අයියෝ ළමයෝ... මේක සින්දුවක් නන්දා මාලනී මහත්මිය කියන... ලින්ක් එක දෙන්නම් අහලා බලන්න ඕන නම්...

දුකා on July 31, 2009 at 12:16 PM said...

මෙක මගෙත් ප්‍රියතම ගීතයක් . . . ස්තූත්යි මෙකම විචාරයක් ලියපු එක ගැන . . . මෙච්චර ගැඹ්‍රින් මම මේ ගීතය අහල නෑ . . . මම මේ ගීතයේ සංගීතය තමයි මෙපමන කල් රස වින්ඳේ . . . දැන්වත් ඔයා පෙන්නුවට පස්සෙවත් පදමාලවත් රස විඳින්න ඕන . . .

Udara || උදාර ධර්මසේන on July 31, 2009 at 10:52 PM said...

අනේ දුකා ඇත්තම කිව්වොත් මට මේ ගීතයේ සංගීතය අහුනේ නැති තරම්... ඒ තරම් දක්ෂ විදිහට සංගීතය යොදලා තියෙනවා පද වලට හානියක් නොවෙන විදිහට... මේ පද ටික හොඳින් අහන්න එක පාරක්... දහස් පාරක් අහන්න හිතෙයි..

Narada on August 1, 2009 at 5:51 AM said...

මම මේක දැක්කේත් පරක්කු වෙලා. බොහොම ස්තුතියි ආයුබොවන්ට කණක් ඇහිලා තියෙන සින්දුවක් පෙන්නුවට!

දැන් මේක මං ආසම එකක් වෙලා, මේක මට සමීපයි නෙව!

දුකා on August 2, 2009 at 12:56 PM said...

mm m ahuwa . . .adenawaa appaa . .. pissu hadhenawaa . . . beenkutath tnx karanna oena ekata . . . !

Udara || උදාර ධර්මසේන on August 10, 2009 at 2:23 PM said...

@ බින්කු සහ දුකයියා !

බොහොම ස්තූති ප්‍රතිචාර හා දිරිගැන්වීම් වලට.. අපි කට්ටියගේ රසඥතාවය එක විදිහක වගේ.. මේ වගේ ගීතයක් අහලා රස විඳින්න පුළුවන් යාළුවෝ ටිකක් ලැබීම ගැන මට තියෙන්නේ පුදුම සතුටක්.. දිගටම මාත් එක්ක ඉන්න... එච්චරයි මට ඕනේ..

Jay on September 11, 2010 at 10:03 PM said...

wow.., this is one of my favourites..
:)

Shabith Ishan Thennakone on September 12, 2010 at 8:44 AM said...

ඇත්තමයි මේ සින්දුව මෙච්චර අහලා තිබ්බට මෙහෙම තෙරුමක් ඇති කියලා හිතුනෙ නෑ.
කට්ටිය මේවගේ සින්දු රසවිදිම ගැන බොහොම සතු‍ටුයි. :)

Neo on September 12, 2010 at 11:26 AM said...

kawuda meke pada galapala thiyenne ???

පිටස්තරයා on October 22, 2010 at 1:15 PM said...

මේක මම මුලින්ම ඇහුවෙ පහන් කන්ද වැඩසටහනෙදි. අර සාමාන්‍යයෙන් එන නන්දා මාලිනී ගීත ටිකේ මේක නැහැ. මම ආස කරන පද ටිකක්.

සොබනි on January 26, 2011 at 9:30 AM said...

ගීතයක අර්ථය එකිනෙකාට දැනෙන්නේ විවිධාකාර විදියට. මේ සිංදුවට පාදක වුණු කතාව මොකක් හෝ ගීතමය වැඩසටහනකදි අමරදේව මහත්තයා කිව්වා. ඒ කතාව නම් උදාර ලියල තියෙන කතාවට වඩා සෑහෙන වෙනස්.

මේ නිධාන කතාව තියෙන්නේ වලගම්බා රජතුමා සහ එතුමාගේ අග බිසව වුණ සෝමා දේවිය ගැනයි.

එක් වරක් වලගම්බා රජු සටනකින් පැරදී පලා යනකොට ඔවුන් ගමන් කළ රථය වැලි තලාවක් මැදින් ගමන් කරවලා තියෙනවා. ඒ වෙලාවේ රථයේ සිටි පිරිස වැඩි නිසා අශ්වයින්ට ඇදගෙන යෑම අපහසු වෙලා තියෙනවා. සතුරන් ලඟ ලඟම එද්දී නිර්භිත කාන්තාවක් වූ සෝමා දේවිය තමන්ගේ දිවි පරදුවට තබා රථයෙන් බැහැලා රජුට දිවි බේරාගෙන පලා යෑමට අවස්ථාව සැලසුවාලු.

මෙන්න මේ සිද්ධිය ඇසුරෙන් තමයි මේ ගීය රචනා වෙලා තියෙන්නේ.

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009