Tuesday, August 4, 2009

සිත අතරමං වෙලා....






























අදත් ඔන්න හිතුනා මං ආස කරන ගීතයක් ගැන පොඩ්ඩක් ලියන්න... මගේ යාළුවොන්ගේ උනන්දු කිරීමත් දිරිගැන්වීමත් නිසා තමයි දැන් දවස් තුනක් තිස්සේ එක දිගට ගීත තුනක් ගැන ලිව්වේ... කලින් ගීත දෙක වගේම මේකත් හැමෝම රසවිඳී කියලා බලාපොරොත්තු වෙනවා...

මේ ගීතය ටිකක් අළුත් ගීතයක්... 2005 විතර ඉන්දික ප්‍රසාද් කියලා මහත්මයෙක් තමයි ගායනා කලේ... මගේ රසවින්දනයට අළුත්ද පරණද සිංහලද හින්දිද දෙමළද ඉංග්‍රිසිද බෙංගාලිද ජපන්ද කියලා භේදයක් නෑ... විඳින්න පුළුවන් නම් ඇඟට දැනෙනවා නම් ඕනම ගීයකට මේ හිත ඇරලා... ආහා ඇති පොර ටෝක් දුන්නා...

මේ ගීතයේ ඇත්තම තේරුම මොකක්ද කියලා මට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා... ඒ වුනාට මං විඳින අහන හැම ගීතයකටම අමාරුවෙන් හරි මං කථාවක් ගොඩනගා ගන්නවා.. මේකේ පද පේලි අනුව මං හිතුවෙ මෙහෙම...

විවාහ වෙලා ආදරයෙන් කාලය ගතකරපු ජෝඩුවක් එක පාරටම විරසක වෙනවා... ඒකට හේතුව වෙන්නේ මේ තරුණයාගේ බිරිඳ වෙනත් පිරිමියෙකු සමග අනියම් ඇසුරක් ‍පවත්වාගෙන යන බව අතටම අහුවීම නිසා... ගොඩාක් ආදරෙන් හිටපු මේ තරුණයාට මේක දරා ගන්න බෑ... ජීවිතේ සෑහෙන්න කළකිරෙනවා... තමන්ගේ ජීවිතේට තිබ්බ එකම අරමුණත් නැති වෙලා... දැන් ජීවිතේ විඳිනවා නෙමෙයි විඳවනවා... තව දුරටත් හිතන්න කිසිවක් නෑ කියලා මේ තරුණයා කියන්නේ සියදිවි නසා ගන්නවත්ද ?

මට නම් සමහර තැන් හිතා ගන්න බෑ... පුදුම ගීතයක් මාව අමාරුවේ දාපු..

මෙන්න මේ පද පේළියට මං පුදුම විදිහට ආසයි...

"පිය මනිනවා නොවෙයි පා නැගෙයි මාවතේ
සිත නැවතිලා වගෙයි නීරසයි ජීවිතේ
තව හිතන්න කිසිවක් විහඟුනි නෑ මගේ හිතේ
තෙපිත් ඉගිලියව් අහසට නොසිට කෑ පතේ"



8 අදහස්:

෴ Residence Of Hasiya ෴ on August 4, 2009 at 7:21 AM said...

තැන්කූ වේවා....මතකය අළුත් කරදුන්නට...
මගෙ ප්‍රියතම සින්දුවලින් එකක් තමයි ඕක.
හිහ් හිහ්....
:D

දුකා on August 4, 2009 at 1:48 PM said...
This comment has been removed by the author.
දුකා on August 4, 2009 at 1:48 PM said...

මේ සිංදුව අහන්න විදිහකුත් සැට් කොරල දුන්නනම් මලේ . . පංකාදුයි . . .

දුකා on August 4, 2009 at 1:51 PM said...

ඇත්තෙන්ම ලස්සන පද පෙලක් . . . මට හිතුනු ලස්සනම දේ තමා ආදරේ කල හදින් වෛර කරන්න බෑ වගේ යමක් කියන්න හදන එක මේ ගීතයේ . . .

Udara || උදාර ධර්මසේන on August 4, 2009 at 7:54 PM said...

@ හසී... ඔයාගේ කමෙන්ට් එකට තැන්කුන්...

@ දුකයියා... ඔන්න සින්දුව අහන්න විදිහකුත් සැට් කොලා... හ්ම්... ඒ කථාවෙත් ඇත්තක් තියෙනවා...

Anonymous said...

නියම සිංදුවක්....නැවත අහන්න හිතෙන එකක්...

AKM on May 11, 2013 at 4:02 PM said...

මේක එක පාර්ශ්වික ආදරයක් ගැන ලිය උණු එකක්. පොඩි කොල්ලෙක් තමන්ගේ ෆස්ට් ලව් එක විදියට නොගැලපෙන කසාදයක් කරගත්තු අක්කා කෙනෙක්ව තොර ගන්නවා. ඒ කෙල්ල මේක දන්නෙවත් නෑ. පස්සේ බැඳපු කෙනාගෙන් නොලද සතුට හොයාගෙන ගමෙන් පිට වෙලා අතරමං වෙනවා.

පොඩි කොල්ලා ක්ලබ් එකක සිඟර් කෙනෙක් වෙලා ඉද්දි ඒ කෙල්ල එනවා තාවකාලික පෙම්වතෙක් එක්ක. මේ කොල්ලට හිතෙන්නේ
සිත නතර වී ගියත් එදා දුටුවා හීනයේ...
නෑ ලතවුලක් මගේ චන්න කින්නරාවියේ...


මොකක් උණත් මං ඔයාව බාර ගන්නවා කියලයි.

ඔන්න මට හිතෙන විදිය.

AKM on May 11, 2013 at 4:04 PM said...

මේක එක පාර්ශ්වික ආදරයක් ගැන ලිය උණු එකක්. පොඩි කොල්ලෙක් තමන්ගේ ෆස්ට් ලව් එක විදියට නොගැලපෙන කසාදයක් කරගත්තු අක්කා කෙනෙක්ව තොර ගන්නවා. ඒ කෙල්ල මේක දන්නෙවත් නෑ. පස්සේ බැඳපු කෙනාගෙන් නොලද සතුට හොයාගෙන ගමෙන් පිට වෙලා අතරමං වෙනවා.

පොඩි කොල්ලා ක්ලබ් එකක සිඟර් කෙනෙක් වෙලා ඉද්දි ඒ කෙල්ල එනවා තාවකාලික පෙම්වතෙක් එක්ක. මේ කොල්ලට හිතෙන්නේ
සිත නතර වී ගියත් එදා දුටුවා හීනයේ...
නෑ ලතවුලක් මගේ චන්න කින්නරාවියේ...

මොකක් උණත් මං ඔයාව බාර ගන්නවා කියලයි.

ඔන්න මට හිතෙන විදිය.

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009