Monday, August 24, 2009

ලැපට අළුත් හමක්.. Laptop Skin..


ඔන්න කලකට පස්සේ වෙලකට බැස්සා... පුදුම් කම්මැලි කමක් හිතෙන්නේ බ්ලොග් ලිපියක් ලියන්න.. ඒක නිසයි මේ ටිකේ ලිපියක් දාන්න කල්ගියේ.. නැතුව ලියන්න දේවල් හෙම නැතුව නෙවෙයි ඕං..

ඉතින් ඕං අද ලියන්න හිතුනා මගේ ලැපට දාපු අළුත් වැඩක් ගැන කියන්න.. කව්රුහරි අහලා තියෙනවාද ලැප්ටොප් ස්කින් ගැන ? මං මේක ගැන ටිකක් විතර උනන්දු වෙන්න පටන් ගත්තේ මගේ ලැප් එකේ පිට ටිකක් හීරිලා තිබුනා නිසයි.. ඒ වගේම මං දැක්කා ලැප්ටොප්.එල්කේ අඩවියේ මේවාගේ ලැප්ටොප් ස්කින් වල ගණන් මිණුම් ගැන දාලා තියෙනවා.. ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා..

ලැප්ටොප් ස්කින් කිව්වට මහ දෙයක් නෑ ඒකේ.. ලස්සනට ප්‍රින්ට් කරපු නිකන් ස්ටිකර් එකක් විතරයි.. ඒ වුනාට ගති අපේ වගේ හීරිච්ච ලැප්ටොප් වලට‍.. :) ලංකාවේ මේ වගේ ස්කින් එකක් රුපියල් 1750ක් විතර වෙනවා කියලා තමයි දැන ගන්න ලැබුනේ.. ළඟදී බැංකොක් ගියපු වතාවේ එහේ ගණන් බලපුවාම මාරම ලාබයි.. එක ස්කින් එකක් බාත් 100ක් විතර තමයි වෙන්නේ.. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 330ක් විතර.. මාත් ඉතින් ගත්තා පැනලා.. (ආහ් ඒ කඩේ ලස්සන කෙල්ලෙක් හිටියා.. පොඩි පැණි ටෝක් එකකුත් දුන්නා :) ) ඕක ගෙනල්ලා සති දෙකකට විතර පස්සෙ තමයි මගේ ලැප් එකට ඇලව්වේ.. ලැප් එකේ ප්‍රමාණයට ගානට කපා ගෙන තමයි ඇලව්වේ.. අපේ අක්කාගේ සහයෝගෙත් ලැබුනා වැඩේට.. ඔන්න ඔය පල්ලෙහා දාලා තියෙන්නේ ඒකේ ෆොටෝ තමයි..





තව මාස කීපයකින් මේක ගලවලා අළුත් එකක් ගහන්න ඕනේ.. අපේ සිංහල බ්ලොග් අයියලා අක්කලා නංගිලා මල්ලිලා මේ වගේ ලැප් ස්කින් ගහලා තියෙනවා නම් අපිටත් කියන්න..

පිටරට අයියා කෙනෙක් ලැප් ස්කින් එකක් ගහපු හැටි මෙන්න මෙතනින් බලාගන්න පුළුවන් ඕං..

11 අදහස්:

on August 24, 2009 at 9:41 PM said...

උඹ එහෙනම් ලැප්ටොප් එකත් හමගැහුව්වා එහෙනම් ආ

rane on August 24, 2009 at 10:14 PM said...

මරු මරු

Narada on August 24, 2009 at 10:16 PM said...
This comment has been removed by a blog administrator.
Narada on August 24, 2009 at 10:16 PM said...

ලංකාවේ ස්කීන්ස් තියෙනවා කියලා ඇහුවාමයි.


මාත් මගේ ලැප්පීට ගහන්න හිටියේ, ඒත් හොඳ සරල ආයිත්තමක් ලැබු‍ණේ නෑනේ හිතට වැදෙන. ලැබුණත් හුරුබුටි 14.1" ඒවාට බෑ. තිබ්බත් ඒවා Girly එව්වා.


නොදකිං!

Udara || උදාර ධර්මසේන on August 24, 2009 at 10:33 PM said...

@ මරණේ -
අතෑරියේ නෑ මචෝ.. ගැහුවා හම සිටු කියලා.. :)

@ බින්කුන්ඩා -
ඉම්පෝටඩ් බඩු තියෙනවා මෙහෙ මොනවා නැතත් මලයෝ.. බැංකොක් යන කෙනෙකුට කියලා බලන්න, හොඳ එකක් හොයා ගන්න පුළුවන් වෙයි.. බැරිම වුනොත් ඩිජිටල් ප්‍රින්ට් කරන තැනකට ගිහින් ඔයාගෙම ඩිසයින් එකක් දීලා කරගන්න...

ශාකුන්තල | Shaakunthala on August 24, 2009 at 11:14 PM said...

මොන ස්කින්ස් ද බං? මට පුළුවන් නම් අඩුවට බැටරියකුයි hinge ඩබලකුයි හොයල දීපල්ලකෝ.... :( :( :(

%$#$&&^%^*%!!!!

Udara || උදාර ධර්මසේන on August 24, 2009 at 11:16 PM said...

@ ශාකුන්තල - මචෝ අඩුවට බැටරි හෙවිලි නම් බොරු.. ඔය hinge කෑලි දෙක තාම හයි කොලේ නැද්ද ? ebay පැත්තේ පොඩ්ඩක් සර්චින් පාරක් දැම්මා නම් හොයා ගන්ඩ අමාරු වෙන එකක් නෑ මයේ හිතේ..

Unknown on August 25, 2009 at 4:42 AM said...

අලුත් ඇදුමට කෙල්ල හරි හැඬයි නෙ.. ;)

Kanishka on August 25, 2009 at 6:52 AM said...

මගෙ ලැපටත් හමක් දානව තව ටික කාලෙකින් පස්සෙ...

උෂාන් කෝදාගොඩ විතාරණ on August 25, 2009 at 7:55 AM said...

ශා..... වීඩියෝ එක මරු. ලස්සනට ක්‍රමේට ගහනව.. ලැපක් ගත්ත කාලෙක මාත් ගහනව :D

දුකා on September 8, 2009 at 3:47 PM said...

oya ham wada walata hari dhakshai wage malliya . .. hiks

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009