Monday, August 10, 2009

ඔන්න මාත් දැම්මා Theme 1ක්...


ඕං එහෙනම් මාත් සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ දැම්මා ලස්සන කියන තීම් එකක්... ගූගල් එකෙන් පීරං පීරං යන කොට කොහෙදෝ තිබිලා ලස්සන කියන හිතට වදින තීම් කෑල්ලක් හම්බුනා... ආහ් ‍මෙන්න මෙතනින් තමයි හම්බුනේ...

‍ඒක ඉතින් අරගෙන මට ඕනේ විදිහට කපලා කොටලා දන්න කියන HTML වැඩ කෑලි ටික දාලා බොහොම අමාරුවෙන් අටවා ගත්තා... මුලින් දකිද්දී නම් මහසෝනාගේ නංගීගේ වෙබ් සයිට් එක වගේ... (ආහ් මේ බ්ලොග්කරන මහසෝනා නෙමේ ඕං ඈ..) දැන් දකිද්දී නම් ආසාවේ බෑ... මෙහෙම ටෙම්ප්ලේට් දදා බලන එකෙන් ටික ටික HTML ඉගෙන ගන්න පුළුවන් වෙයි වගේ හොඳට... බලමු බලමුකෝ...

අනේ ඉතින් යාළුවෝ ටික මොනවාහරි කොටලා යන්න හොඳ නරක කියලා අඩුපාඩු හදාගන්නත් එක්ක.. අපි ඉතින් හැදෙන කියන වයසෙ ඉන්න කොළු ගැටයෝ නොවැ...

15 අදහස්:

Gayan on August 10, 2009 at 3:58 AM said...

හෙන සිරා... මටනම් ඉතින් මෙච්චර වැඩ දාන්න අමාරුයි.

Kanishka on August 10, 2009 at 6:39 AM said...

හික් හික්, පට්ට තීම් එක... මටත් එකක් හොයල දියන්කො..

Aravinda on August 10, 2009 at 7:24 AM said...

තීම් එක ගත්තේ සල්ලිවලටද හැබෑට

on August 10, 2009 at 7:43 AM said...

තීම් එක නම් ලස්සනයි
හැබෑට බරට වියදම් වෙන්න ඇති නේ?
උඹ ඇයි බන් මේ ලොකුවට Free කියල ගහලා තියෙද්දි සල්ලි ගෙව්වේ?

පොතේ ගුරා on August 10, 2009 at 7:50 AM said...

එළ මචෝ..අමුතු ගතියක් තියෙනව තීම් එකේ.. රජරට පුත‍්‍රයා වැඩ කාරය!

Udara || උදාර ධර්මසේන on August 10, 2009 at 8:08 AM said...

මොන පිස්සුද මචෝලා... මං ගනීද සල්ලි දීලා... ගන්න දෙයක් ගන්නවා නම් ඉතින් නිකන් දුන්නොත් තමයි... ඔය මං දාල තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න.. ලස්සන ලස්සන තීම් ටිකක් හොයා ගන්න පුළුවන් වෙයි... ගොඩාඩාඩාඩාඩාක් ස්තූතියි ක‍මෙන්ට්ස් වලට...

Anu on August 10, 2009 at 8:26 AM said...

ලස්සන තීම් එක.

Sasika Nanayakkara on August 10, 2009 at 10:43 AM said...

මම ගොඩක් දවස් මේ තිම් එක දාලා. මමත් දාගෙන මාර ගෙමක් දිලා හදා ගත්තේ.එත් ‍දිනය ඔය විදියටම එන්න හදාගන්න බැරිවුනා.
ලස්සන තිම් එක දැන් උබ දාලා නිසා මම ලගදිම මගේ එක ගලවනවා.ඒ වගේම මෙකෙ පොඩි අවුලකට තියෙන්නේ පොඩ්ඩක් අදුරැ ගතිය වැඩියි.

Anonymous said...

රජරට පුතේ,මචන් අයියේ දකුණු අත පැත්තේ තියෙන ගැජට් නිසා බ්ලොග් එකේ දිග වැඩි වෙලා වගේ.ආර්ටිකල් පැත්ත හිස් නේ.ඒ නිසා කැතයි වගේ මටනම්.තීම් එකනම් ඔයාටත් වඩා ලස්සනයි

:)

NUWAN on August 10, 2009 at 12:34 PM said...

niyamayi....

Udara || උදාර ධර්මසේන on August 10, 2009 at 2:10 PM said...

@ සසික !
අනේ මචෝ මං කලින් දැක්කේ නෑ උඹ දාලා තියෙනවා මේක.. සමාවෙයන්... මේ තීම් එකට මං මාරම ආසයි.. දැන් අයින් කරන්න ලෝබයි.. ස්තූතියි දෙන සහයෝගයට.. ආහ් දිනේ මේ විදිහට හදාගන්නේ Settings වල Format එකට ගිහින් Timestamp Format එකෙන් Monday, August 10, 2009 කියන විදිහ තෝරන්න... එතකොට මගේ වගේ ලස්සනට :) පෙන්නුම් කරයි...

Udara || උදාර ධර්මසේන on August 10, 2009 at 2:14 PM said...

@ Kgdilanka !
මචෝ මං බලන්නම් ටිකක් දකුණු අත පැත්තේ ගැජට් බැජට් අඩු කරන්න.. ඒ වුනාට සාමාන්‍යයෙන් මං ටිකක් අඩියක් විතර දිග ලිපි තමයි දාන්නේ.. ඒක හින්දා වැඩේ චා..ම නෑනේ.. ආහ් මට වඩා ලස්සනයිද ? :( එහෙනම් කැත තීම් එකක් දානවා... :) :) 

malee_msg on August 10, 2009 at 2:34 PM said...

ලස්සනයි..

දුකා on August 11, 2009 at 11:08 AM said...

ela ela

Pathum Punchihewa on March 19, 2010 at 11:00 PM said...

හරිම ලක්සන තීම් එක.... අර සල්ලි ගෙවපු කතන්දරේ මොකක්ද හැබෑටම???

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009