Saturday, October 10, 2009

ලැප්ටොප් වල සද්දේ මදිද ? SRS WOW Sandbox...



























කාලෙකින් මෘදුකාංගයක් ගැන ලියන්න බැරි වුනා නිසා අද හිතුනා මං වැඩිපුරම පාවිච්චි කරන ගොඩක් වැදගත් වටිනා පොඩි මෘදුකාංගයක් ගැන කියන්න...

ලැප්ටොප්, ඩෙස්ක්ටොප් පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්ණයක් තමයි හරි හමන් විදිහට ශබ්දය රසවිඳින්න ක්‍රමයක් නැති එක.. මේ දෙගොල්ලෝ අතරින් ලැප්ටොප් පාව්ච්චි කරන අය තමයි මේ ප්‍රශ්ණයට වැඩිපුරම මූණ දෙන්නේ... (මාත් මේ අත්දැකීම් වින්දා) බොහෝ වේලාවට ලැප්ටොප් වල ශබ්දය ගොඩක් අඩුයි... ඉතින් සමහර වෙලාවට ටිකක් සද්ද බද්ද තියෙන තැනක ලැප් එකෙන් මොනවා හරි අහන්න ගියාම හරි පුරස්නේ... ඒ වගේම ගීත අහන වෙලාවට ජරබර සද්ද එනවා නම් ඒකත් හරිම පුරස්නයක්... ඉතින් මේකට හොඳම විසඳුම විදිහට දැනට මම හොයා ගත්තේ SRS WOW Sandbox කියන කුඩා මෘදුකාංගය... මේ මෘදුකාංගයෙන් ශබ්දය ඉතාමත් ගුණාත්මක මට්ටමකට ‍හැරවීමත් දැනට තියෙන ශබ්දය හතර (4) ගුණයකින් පමණ වැඩි කිරීමටත් (ස්පීකර්ස් වල‍ට හානියක් නොවී) හැකියාව තිබෙනවා...

ඉතින් DVD බලන MP3 අහන අයට මේ කුඩා මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනවත් වේවි.. මේක අවශ්‍ය අයට පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් බාගන්න පුළුවන්...


SRS WOW Sandbox v. 1.9.0.4

7 අදහස්:

Thameera on October 10, 2009 at 4:32 PM said...

ඔව් ඔය සවුන්ඩ් මදි එක ලොකු ප්‍රශ්නයක් ලැප් වලට. මං නං පාවිච්චි කරන්නෙ VLC player (ලිනක්ස්). ඒකෙන් සද්දෙ 200%ක් වැඩි කරල දෙනවා.

Narada on October 10, 2009 at 6:08 PM said...

මගේ ලැපට SRS Premium Sound තියෙන නිසා මදියැයි කියන්න තරම් නැති වුණත් මම Bass වලට හා Low Pitch Sound වලට ප්‍රිය නිසා iHome කියලා ස්පීකර් ජෝඩුවක් ගත්තා. ඒක iPod හා Portable Players වලට නිපදවුවත් USB මගින් ලැපට සවි කරන්න පුළුවන්. ඒක නම් නියම විකල්පයක්, Dolby Stereo Sound වගේමයි.

SRS WOW Sandbox හොඳයි තමා, ඒත් ස්පීකර් වලින් අධික ශබ්ද ලබා දීමේදී ඇතිවන විකෘති වීම් හා ශෝෂාව නිසා එතරම් සාර්ථික නෑ නේද?

ලැප්ටොප් එකකින් ලැබෙන ශබ්දය මදි නම් වඩා යෝග්‍ය පියවර තමා Portable Speaker System එකක් හෝ Speaker එකක් ගන්න ඒක.

Anonymous said...

මං නම් ලැප්ටොප් වල දැකපු ලොකුම අවුල තමා ස්පීකර් වල කොලිටිය අඩුකම. මං අලුතින් ගත්තු එකෙත් ස්පීකර් දෙක ගොඩක්ම හොඳ නෑ. ඒත් මේකෙ ඩොල්බි optimization එකක් තියෙනව. විසඳුමක් විදියට මට හෙඩ්ෆෝන් දෙකක් පාවිච්චි කරන්නෙ. ඕන ගානට සද්දෙ වැඩිකරගන්නත් පුළුවන්, කොලිටියෙ අවුලක් වෙන්නෙත් නෑ.

Udara || උදාර ධර්මසේන on October 10, 2009 at 8:50 PM said...

බිං - වෙනම ස්පීකර්ස් දෙකක් ගන්න එක තමයි හොඳම විසඳුම.. ඒත් එහෙ මෙහෙ අරං යන්න කරදරයිනේ බං.. මේ මෘදුකාංගයෙන් නම් තාම එහෙම විකෘතිවීම් වෙලා නෑ මචං.. මාත් මුලින් හිතුවේ එහෙම.. ඒත් මේක ඊට වඩා හිතලා හදපු මෘදුකාංගයක් මං හිතන්නේ..

Madhawa Ariyarathna on October 10, 2009 at 11:53 PM said...

ඔයා දීපු link එකෙන් download කරපු folder එකේ patch එකේ Trojan එකක් තියෙනවා. මගේ Avira virus scanner එකට අහු වුනා.

අමිල on October 11, 2009 at 6:43 AM said...

මචන් වයිරස් එකකුයි ට්‍රෝජන් එකකුයි තියනවා
මට නෝර්ටන් අයියා අල්ලලා දුන්නා.

Udara || උදාර ධර්මසේන on October 11, 2009 at 11:53 AM said...

මාධව, අමිල - සමාවෙන්න එහෙම වුනා නම්.. මෙන්න දැන් මං ලින්ක් එක අළුත් කලා.. ‍ටොරන්ට් එකක් දැන් තියෙන්නේ.. පොඩ්ඩක් බලලා කරලා ගන්න..

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009