Wednesday, February 8, 2012

එකල දඹදිව ලව් ස්ටෝරි: කුස-පබා..







ඔන්න සෑහෙන සෑහෙන සෑ...හෙන කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනා.. පහුගියේ ටිකේ මගේ වාසදේසෙත් එහෙට මෙහෙට වුනා.. අන්තර්ජාලයට දෙයක් එකතු කලා නම් ඒ වැඩිපුරම කලේ ට්වීටරේට.. තව මෑතකදී ඉංග්‍රීසි භාෂාවෙන් බ්ලොග් එකක් ලියන්නත් පටන් ගත්තා..

ඉතින් පහුගිය සති අන්තේ අනුරාධපුරේ ගියපු වෙලේ ගෙදර අයත් එක්කගෙන ගියා “කුස-පබා“ බලන්න.. අනුරාධපුරේ සිනෙස්ටාර් හෝල් එකේ තමයි මේ චිත්‍රපටිය තිරගතවුනේ.. ආහ් තව කාරණයක් කියන්න අමතක වුනා.. දැන් සිනමාහල් තුනක් අනුරාධපුරේට තියෙනවා.. ඒ තමයි ඉස්සර කැලෑ විජේන්ද්‍රා කියපු හෝල් එක “නිව් විජේන්ද්‍රා“ නමිනුත් ඊ.ඒ.පී. මණ්ඩලයේ “සිනෙස්ටාර්“ හෝල් එකත් ලංකාවේ හොඳම සිනමාහල් 10ට අයිති වෙනවා කියන්න පුළුවන් වායුසමනය කල ඩීටීඑස් ශබ්ද තාක්ෂණය අඩංගු “විල්සිටි“ සිනමාහලත්..

කුස-පබා චිත්‍රපටිය මේ දවස් වල ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාහල් සියල්ලේම තිරගත වෙනවා.. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයකුත් තියනවා කියලයි ආරංචිය.. කොහොම වුනත් පහුගිය කාලේ බිහිවුන අබා, මහින්දාගමනය වගේ චිත්‍රපටි එක්ක සසඳලා බලද්දී සෑහෙන ප්‍රමිතියකට කුස-පබා නිෂ්පාදනය කරලා තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්..

මහින්දාගමනයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිරරචනයේ ඉඳලා අංග රචනය දක්වාම අවුල් ගොඩක් දැක්කා.. පසුතල නිර්මාණයේදී තමයි ඒ අඩුපාඩු සෑහෙන්න පෙනුනේ.. තෝරාගත් නළු නිළියන්, දෙබස් හා රංගනයෙත් පොඩි පොඩි අඩු පාඩු තිබ්බේ නැතුවම නෙමෙයි.. ඉතින් කුස-පබා එකේ තිර රචනය හා දෙබස් ඒ අතින් බලපුවාම විශිෂ්ඨයි කියන්න පුළුවන්.. අප අතරේ දැන් නැති ආචාර්ය තිස්ස අබේසේකර මහත්තයා තමයි මේ තිර රචනය කරලා තියෙන්නේ.. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඔහුගේ උපරිමයෙන් තමන්ගේ අධ්‍යක්ෂණ කාර්යභාර්යය මේ වගේ කථා තේමාවකට පණ දෙන්න යොදාගෙන තියෙනවා කියන්න පුළුවන්.. මොකද මේ කථාව ඉන්දියානු රාජවාංශික කථා තේමාවක් ගැන කියවෙන එකක් නිසා හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න අවශ්‍යයි..

විශේෂයෙන්ම රේණුකා බාලසූරිය මේ චිත්‍රපටියේ නිෂ්පාදන කාර්යය මනාවට කරලා තියෙනවා කියන්න පුළුවන්.. ඇඳුම් නිර්මාණය හා පසුතල නිර්මාණය ඒ අතරින් සුවිශේෂයි..

පොඩි පොඩි ගොන් පාට් ටිකක් මේ චිත්‍රපටියෙත් නැතුවාම නෙමෙයි.. එත් ඉතින් මම නම් හිත හදා ගත්තා මේ සිංහල සිනමාවනේ කියලා..

මම දැක්ක හොඳම කාරණේ තමයි මේකේ එන ලව් ස්ටෝරි එක.. හින්දි සිනමාවෙවත් මේ තරම් ලස්සන ස්ටෝරි නෑ මගේ හිතේ.. පන්සිය පනස් ජාතකේම ඉස්සරහට මේ වගේ ලව් ස්ටෝරි කරයිද දන්නේ නෑ.. ඊළඟට ගහනවා නම් හොඳම එක තමයි සඳ කිඳුරු ජාතකේ.. මරු ලව් ස්ටෝරි එකක් ඒකත් මේ වගේම.. ටයිටැනික්, කුච් කුච් හෝතා හේ කැලේ.. :P

3 අදහස්:

Unknown on February 8, 2012 at 3:36 PM said...

අබා වගේ මේකෙත් ජැක්සොන්ගේ කොල්ලා ලොකු වෙන්න තියලා කතාව ඉවර කොරනවද?

hare :-) on February 9, 2012 at 12:29 AM said...

අනේ මන්ද බං... ගෙදර උන් එක්ක යනවද නොයනවද කියල හිත හිත ඉන්නේ... :-(

Buru Babe on February 9, 2012 at 12:59 AM said...

ඇත්තෙන්ම මම හිතන් හිටියේ ලංකාවේ මිනිස්සු ඔන් ලයින් ඇරෙන්න ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් බලන්නේ නෑ කියලා ඔය ඔන් ලයින් ඩවුන්ලෝඩ් කරන අය දැක්කම.
මතක ඇති කාලයක සිංහල චිත්‍ර පටියක් බලලා නෑ. මම හිතන්නේ මම අන්තිමට බලලා තියෙන්නේ අක්ශරය වෙන්න ඕනේ. මට නම් ෆිල්ම් හමු උනත් අර පොඩි ස්ක්‍රීන් එකක බලන්න කම්මැලි හින්දා කොම්පියුටරෙන් ෆිල්ම් බලන්නේ නෑ.

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009