Tuesday, February 14, 2012

සෝනු නිගාම් සජීවීව..




මගේ බ්ලොග් කියවන හුඟක් අය දන්නවා මම හින්දි ගීත රසිකයෙක් කියලා.. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී කියන බ්ලොග් එක.. මෑත කාලයේ බිහිවුනු ඉන්දියානු ගායකයින්ගෙන් මම වඩාත් ප්‍රිය කරන ගායකයෙක් තමයි සෝනු නිගාම් කියන්නේ.. මොහොමඩ් රාෆිලා, උදිත් නාරායන්ලා, කුමාර් සානුලාට පස්සේ කොයි කා අතරෙත් ජනප්‍රිය වුනු ගායකයෙක් තමයි සෝනු නිගාම්.. මේ දක්ෂ ගායකයා මුල් කාලයේ “රාෆි කී යාදීන්“ නමින් ගීත ඇල්බම් කීපයක් කලා.. මොහොමඩ් රාෆිගේ ගීත හරිම මියුරු විදිහට සෝනු ගායනා කරලා තියෙන හැටි පහලින් අහන්න පුළුවන්..




මෑත කාලේ හින්දි නළුවෝ විදිහට හඳුන්වන්න පුළුවන් ශාරුක් ඛාන්, ආමීර් ඛාන්, සල්මන් ඛාන්, හ්රිතික් රෝෂන් වගේ අති ජනප්‍රිය නළුවන් බොහෝමයකගේ චිත්‍රපටි වල පසුබිම් ගායනය කලේ අපේ මේ කථා නායකයා.. හරිම ලයාන්විත ආදරබර මධුර කටහඬක් වගේම වෙනස් වූ ශෛලීන්ට ගීත ගායනා කිරීමේ හැකියාවක් සෝනු නිගාම්ට හිමී.. තාල්, කල් හෝ නා හෝ, කබි කුෂි කබි ගම්, වීර් සාරා, සාතියා, ෆනා, මේ හූන් නා, ඕම් ශාන්ති ඕම්, පරිනීතා, 3 ඉඩියට්ස් වැනි චිත්‍රපටිවල ගීත මේ අතරින් ගොඩක් ජනප්‍රියයි..



සෑහෙන කාලෙක ඉඳලා මම බලාගෙන හිටියා සෝනු නිගාම් සජීවීව ගායනා කරන ප්‍රසංගයක් බලන්න.. ඉතින් ඒ හීනේ මේ 18 වෙනිදා සැබෑ වෙන්නයි යන්නේ.. CH&FC ක්‍රීඩා පිටියේ හවස 6.30 ට තමයි පටන් ගන්නේ..

නොමිලේ ටිකට් ඕනේ අයට මේ ප්‍රසංගයේ ප්‍රධාන අනුග්‍රහයක් දක්වන ඩයලොග් එකෙන් පොඩි අවස්ථාවක් දීලා තියෙනවා.. පහලින් තියෙන ෆේස්බුක් පේජ් එකට ගිහින් තමන්ගේ විස්තර ඇතුලත් කරලා සබ්මිට් කරන්න.. සමහරවිට නොමිලේම ප්‍රසංගය බලන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්..



5 අදහස්:

කිරිපුතා on February 15, 2012 at 8:48 AM said...

ගොඩක් ස්තූතියි මචන්........

Anonymous said...

good work...

on February 17, 2012 at 11:38 AM said...

මොනාද බන් උඹ අවුරුදු දෙකකට පස්සේ බ්ලොග් ලියන්න පටන් ගත්තේ ඩයලොග් එකට කඩේ යන්නද???

Udara || උදාර ධර්මසේන on February 17, 2012 at 1:57 PM said...

මරණේ - පොඩි දැනුවත් කිරීමක් මිසක් කඩේ යෑමක් නෙමෙයි බං.. උඹ කොහොමත් දන්නවනේ මම හින්දි සින්දු පිස්සා කියලා.. නිකං ටිකට් දෙන චාන්ස් එකක් තියෙන හින්දා ඒක ගැනත් ලියලා දැම්මේ..

on February 17, 2012 at 1:59 PM said...

කලින් එකත් ඩයලොග්

අපිට තද වෙනවා ඈ ඕවා දැක්කාම :-D

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009