Wednesday, February 8, 2012

ලංකාවේ ඔන්ලයින් වෙළඳපොළවල්.. ibuy.lk




ඉංග්‍රීසියෙන් ලියන බ්ලොග් එකේ කප්රුක ත්‍යාග හා පාර්සල් බෙදාහැරීමේ සේවය ගැන පොඩි විමංසනයක් පසුගිය සතියේ මම ලිව්වා.. ලංකාවේ දැනට තියෙන මේ වගේ සේවාවන් තව මොනවද කියලා හොයලා බලන්නත් පොඩ්ඩක් හිතුනා..

ඒ අතරින් ඩයලොග් ආයතනයෙන් ක්‍රියාත්මක වෙන ibuy.lk සේවය විශේෂයි.. දැනට ඉතාමත් ක්‍රියාකාරී මට්ටමේ තිබීමත් මුදල් ගෙවීම පහසු වීමත් ප්‍රධාන හේතු ලෙස සඳහන් කරන්න පුළුවන්.. දැනට ලංකාවේ බොහෝ දෙනෙක් ebay වගේ පිටරට ඔන්ලයින් වෙළඳපොලවල් භාවිතා කරනවා.. නමුත් ලංකාවේ තියෙන ඔන්ලයින් වෙළඳපොලවල් හරහා ගණුදෙනු කරන්න ගොඩක් අය එක්කෝ දැනුවත් නෑ නැත්නම් බියක් තියෙනවා..

මේ බිය සැක දුරු කරන්නත් හැමෝම දැනුවත් වෙන්නත් එක්ක ibuy.lk එකේ තියෙන වාසි කීපයක් ගැනත් මේ දවස් වල තියෙන offers කීපයක් ගැනත් කියන්නම්..

1. ජංගම දුරකථනයෙන් ගෙවීමට ඇති හැකියාව
කප්රුක සේවය හා ibuy.lk අතර තියෙන ප්‍රධානතම වෙනස විදිහට ජංගම දුරකථනයෙන් අදාළ භාණ්ඩයට මුදල් ගෙවීමට ඇති හැකියාව සඳහන් කරන්න පුළුවන්. ebay, කප්රුක වැනි සේවා වල ගෙවීම කටයුතු සඳහා ක්‍රෙඩිට් කාඩ්පතක් තිබීම අනිවාර්යයි. නමුත් ibuy.lk වලදී ඕනෑම ඩයලොග් පෙරගෙවුම් හෝ පසුගෙවුම් සබඳතාවයකින් රු.5000ක් දක්වා මුදල් ගෙවීම කරන්න හැකියාව තියෙනවා.

2. විවිධාකාරයේ භාණ්ඩ හා සේවා සපයන ආයතන එකම තැනකින්
ibuy.lk හීදී විවිධ වෙළඳ ආයතන එකම තැනකට ගොනු කර තිබීම තවත් සුවිශේෂීත්වයක්. මේ නිසා එක් එක් ආයතන වල මිළ සසඳලා බලලා භාණ්ඩ මිළදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව ලැබෙනවා.

3. ලබන්නාගේ දොරකඩටම භාණ්ඩ බෙදාහැරීම
අදාළ පුද්ගලයා (ලබන්නා) ලංකාවේ කොහේ සිටියත් එම පුද්ගලයාගේ ලිපිනයටම අදාළ භාණ්ඩය බාරදීම සිදුකිරීම තවත් සුවිශේෂීත්වයක්. සංසන්දනාත්මකව බැලීමේදී මේ සඳහා අය කරනු ලබන ගාස්තුත් ඉතාම සාධාරණයි.

පෙබරවාරි 14 වෙන දිනට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය එහෙමත් නැත්නම් වැලන්ටයින් දිනය මුල් කරගෙන හොඳ offers කීපයක් හඳුන්වලා දීලා තියෙනවා දැක්කා.. තමන්ගේ ආදරවන්තිය/ ආදරවන්තයා ටිකක් පුදුම කරවන විදිහේ වැඩක් කරන්න හිතෙනවා නම් පොඩි උත්සාහයක් කරලා බලන්න පුළුවන්.. අතටම ගිහින් දෙන නිසා surprise ගතියත් වැඩී.. පහල තියෙන offers ටික තමයි දැනට දැක්කේ.. තව දැනගන්න ලැබුනොත් දාන්නම්..



10 අදහස්:

Lishan Puwakovitage on February 8, 2012 at 11:19 PM said...

වටිනවා. දුරකතනය හරහා මිල ගෙවන්න පුලුවන් නිසා ප්‍රජාව අතර ජනප්‍රිය වෙයි කියලා හිතෙනවා..!

Buru Babe on February 8, 2012 at 11:26 PM said...

මට මතකයි ඔය ඩයලොග් එකෙන් මෙඩිකල් කන්සල්ටින් කරන්නත් පුළුවන් නේද?
මම කලින් එහෙම ගෙවීම් කරලා තියෙන බවක් මතකයි. මොනවා උනත් මේ දේවල් නම් දියුනුවෙමින් පවතින රටකට අත්‍යාවශ්‍යයි කියලායි මා හිතන්නේ.
හැමදාම කියනවා වගේ ඔයා ලියන්න ගත්ත එක නම් අගේ කලයුතුමයි මල්ලි.

Malith on February 8, 2012 at 11:32 PM said...

මේවගෙ තියෙන ගැටලුව තමයි භාණ්ඩයේ මිලට වඩා වැඩියෙන් ප්‍රවාහන ගාස්තු ගෙවන්න වෙන එක.

Udara || උදාර ධර්මසේන on February 8, 2012 at 11:39 PM said...

@ලිෂාන් - බොහොම ස්තූතියි කමෙන්ටුවට සහෝ..

@රංගි අක්කා - ඔව් අක්කේ.. ඊ-චැනලින් ගැන වෙනම වෙලාවක ලියන්නම්.. මේ සම්බන්ධ දේවල් පිළිබඳව මම වෘත්තීමය වශයෙන් වැඩ කරන නිසා ඉස්සරහට තව දේවල් ලියන්න පුළුවන් වෙයි.. අක්කාගේ දිරිගැන්වීම හින්දම තමයි ආයෙත් ලියන්න පුළුවන් වුනේ ඉස්සර වගේම.. ඒකට අක්කාට පින්.. :)

@MewMew - බස්නාහිර පළාත ඇතුලේ ප්‍රවාහන ගාස්තු රු.125 - 200ත් අතර වගේ මුදලක් වෙන්නේ.. ටිකක් ibuy.lk වෙබ් අඩවියට ගිහින් මිළ ගණන් බලලා තීරණය කරන්න පුළුවන්..

hare :-) on February 9, 2012 at 12:43 AM said...

ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන් එකනම් වටිනවා... ඔය ඩිස්කවුන්ට් තියෙන එක බැලුවමත් පොඩි චාන්ස් එකක් තියෙනවා. හැබැයි කුරියර් කරගද්දි ඒ ගානත් එකතු වෙනකොට වෙනසක් නැදිද මන්දා... මොනව වුණත් මේක ගැන තොරතුරු දුන්න එකටනම් උඹට රොම්බ තැංකිව්....

පන්සල් හංදිය on February 9, 2012 at 5:34 AM said...

වැදගත් විස්තර ටිකක්, බොහොම ස්තුතියි ...

Nandasiri Wanninayaka on February 9, 2012 at 10:04 AM said...

Is there an online place to buy books from leading bookshops?

Udara || උදාර ධර්මසේන on February 9, 2012 at 10:08 AM said...

@Wanni - http://www.sarasavi.lk/ is the best local site so far..

on February 9, 2012 at 3:31 PM said...

මම නම් ibuy.lk එකට වඩා odel.lk එකට කැමතියි. ඕක ගම්පහට එවන්න රුපියල් 500ක් ගන්නවා ඔඩෙල් එකේ 250යි ගන්නේ . sarasavi.lk වගේ නම් ෆ්‍රී ඩිලිවරි තියෙනවා ටොරානා, me.lk එහෙම ඩිලිවරි ගන්නේම නැහැ

Bearer on February 9, 2012 at 4:41 PM said...

ඇත්තටම ප්‍රවාහනය ගැන හිතුවොත්, අපි කඩ කිහිපයකට ගිහිල්ල, කලේ නාස්ති වෙලා ගෙවන බස් ගාස්තු හරි වාහනේට ගහන පෙට්රෝල් ගාණ බලද්දී, මේක හොඳටම වටිනවා. අමතරව, අර කිව්වා වගේ බදු ගොඩක් තියනවා ODEL එහෙම සීමිත ප්‍රමාණයක් විතරිනේ තියෙන්නේ.

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009