Normal 0 false false false MicrosoftInternetExplorer4 ඔන්න ඉතින් සෑහෙන කාලෙකින් පස්සේ තමයි බ්ලොග් ලිපියක් ලියන්න ගන්නේ... බංගලාදේශය හා තායිලන්ත සංචාරයෙන් පස්සේ පුදුමාකාර විදිහට වැඩ තිබ්බා.. ඉතින් මේ පැත්තේ ගොඩ බහින්න වෙලාවක් කලාවක් හොයා ගන්න බොහොම අමාරුවෙන් හිටියේ... ඉතින් මං හිතුවා මුලින්ම බංගලාදේශය ගැන කියන්න.. මං ජූලි මාසේ ඒ කියන්නේ මේ මාසේ 04 වෙනිදා තමයි බංගලාදේශය බලා පිටත් වුනේ... රාජකාරීමය වැඩමුළුවකට හා රැස්වීම් කීපයකට සහභාගී වෙන්න අවශ්‍ය නිසයි ගියේ...
බංගලාදේශයයි ලංකාවයි අතර ලොකු වෙනස්කම් නම් නෑ... පොඩිහරි වෙනස්කමකට තියෙන්නේ එහේ තියෙන අපිරිසිදුකමයි අපිළිවෙලයි... "සියා" ජාත්‍යාන්තර ගුවන් තොටුපලෙන් බැහැපු ගමන් හොඳට තේරුණා ඒ වෙනස්කම් දෙක නම්... එහේ ගුවන් තොටුපල අපේ ලංකාවේ ගුවන් තොටුපල අහලකින් වත් තියන්න බෑ... හරිම නොදියුණු මට්ටමක ඒ ගුවන් තොටුපල තියෙන්නේ... එතනදී මං දැක්ක එක උදාහරණයක් තමයි ගුවන් තොටුපල ඇතුලේ එක කඩේක අළුත්වැඩියාවකට ලෑලි වගයක් මිනිස්සු යන පාර මැද්දේ දාගෙන කියතකින් කපන එක... ලී කුඩු හැම තැනම විසිරිලා.. පිටරටක ඉඳන් එන මනුස්සයෙකුට රටේ තත්වේ හිතාගන්න ඉඩ දීලා තියෙනවා ගුවන් තොටුපල ඇතුලෙදීම..
ගුවන් තොටුපලෙන් එළියට එද්දී හිඟන්නෝ 10 දෙනෙක් විතර ඇඟේ එල්ලෙන්න පටන් ගත්තා.. අපේ ලංකාවේ කොටුවේ ස්ටේෂන් එක ළඟ ඉන්න හිඟන්නෝ කොච්චර "රෙස්පට්" ද කියලා මට හිතුනා... අපිව එක්කන් යන්න වාහනයක් ඇවිත් තිබුනු නිසා ගොඩින් බේරුනා.. නැත්නම් ඉතින් ටැක්සි කාරයොන්ට අහුවුනොත් බේරෙන්න වෙන්නෙ නෑලු... ඔහොම ඔහොම අපි ඉන්න හෝටලේට යනකොට පාර දෙපැත්තෙ යන වාහන වල ඡායාරූප දෙක තුනක් ගත්තා... ඒ වාහන වලත් විශේෂ දෙයක් මට දැක ගන්න පුළුවන් වුනා... ඒ තමයි වාහනේ ඉස්සරහයි පස්සෙයි යකඩ බට වලින් ආරක්ෂාවට ආවරණයක් ගහලා තියෙන එක... හැම වාහනේම ඒක අනිවාර්ය අංගයක් වගෙයි... අහලා බලපුවාම එහේ වාහන ට්‍රැෆික් එකේදි නවත්තන්නේ ඉස්සරහ වාහනේ පොඩ්ඩක් ඉඹලාලු... ඉතින් වාහන අපේ මුණත්තහඩු වගේ නෙමේනේ... හරි සුමුදුයි... පොඩ්ඩ ඇත්තන් හීරෙනවානේ... ඉතින් මං මේ පහල දාල තියෙන ඡායාරූපෙන් පේනවා ඇති බස් එක හීරිලා තියෙන තරම... 

එහේ මනුස්සයෝ නම් අපේ හැඩරුවම තමා.... හැබැයි ගැහැණු ළමයි නම් ටිකක් ලස්සනයි... :) ආහ් ගෑනු ළමයි කියවපුවාම මතක් වුනේ... එහේ ගෑණුන්ට හොඳ තැනැක් තියෙනවා වෙග්... රෑ 10ට 11ටත් ගැහැණු තනියම එහාට මෙහාට යනවා දැක්කා... රටේ තියෙන මුස්ලිම් නීතිත් අගමැති කාන්තාවක් වීමත් ප්‍රධාන හේතු වෙන්න ඇති කියලා මට හිතුනා...
මං යන්න කලින් අපේ චරිත් සහෝදරයා දාපු බංගලාදේශය ගැන තිබ්බ බ්ලොග් ලිපිය ටිකක් ප්‍රයෝජනවත් වුනා... එයා කියපු මස් කඩවල් වලටත් මං බලන්න ගියා.. මේ තියෙන්නේ ඒ ඡායාරූප.. මස් ගොඩක් ගණන් අඩුවට තියෙනවා... හැබැයි ගන්දස්තාරේ බෑ.....
ආහ් මං රික්ෂෝ එකකත් ගියා.. බයිසිකලේක පිටිපස්සට රෝද දෙකක් හයි කරලා තියෙන සරළ වාහනයක්.... හැම තැනම වගේ මේවා තියෙනවා... අපි ත්‍රීවීල් එකකට දෙන රු. 50ක මුදල වෙනුවට මේ රික්ෂෝ එකකට ටකා 10 ක් දීලා ඒ දුරම යන්න පුළුවන්... (ටකා 1 = රු. 1.50) ඔන්න තියෙනවා ඒ රික්ෂෝ එකක ඡායාරූපයකුත්... ආහ් ඒ ගමන් යද්දි මං දැක්කා එහේ දුරකථන රැහැන් වල තත්වෙ... බය හිතෙනවා දැක්කහම නේද ?? 

මං දවස් 6ක් විතර බංගලාදේශේ හිටියා... හැබැයි ගොඩක් ඇවිදින්න ලැබුනේ නෑ වැඩ රාජකාරි හින්දා... ඒ වගේම වැඩිපුර හිටියේ මාර්ග තදබද වල.... හප්පේ............. ඒක ගැන නම් කියලා වැඩක් නෑ... උදේට හවසට පුදුම තදබදයක් තියෙන්නේ.... එක පාරක් මං විනාඩි 45ක් විතර එකම තැන හිටියා මේ ට්‍රැෆික් හින්දා... අපරාදේ වෙලාව...
මං හිතන්නේ මේ ඇති බංගලාදේශේ ගැන ලිව්වා... ඊළගට තායිලන්තය ගැන ලියන්නම්...