Tuesday, August 4, 2009

පූජාසනයේ ඔබ හිඳුවා... -- චන්ද්‍රිකා බණ්ඩාරණායක...






























අදත් මං ආස කරන අහන විඳින ගීතයක් ගැන වචන කීපයක් ලියන්න හිතුනා... නන්දා මාලනී මහත්මිය තමයි ගීතය ගායනා කරන්නේ... සුනිල් ආරියරත්න වෙන්න ඇති මේ ගීතයෙත් පද ගලපන්න ඇත්තේ...

ගොඩක් කාලෙකට කලින් මේ ගීතය ඇහුවත් මේ ළඟදී ඉඳන් මේකට ටිකක් වෙනස් විදිහකට අපේ කාලේ ඇත්ත කථාවක් ගලපන්න හිතුනා... ඒ කථාවේ කථා නායිකාව අපි කොයි කවුරුත් දන්න අඳුනන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය... මේ ගීතයේ කියවෙන දේ නම් සරළව වටහා ගන්න පුළුවන් ඇති කියලා හිතනව මේ ම‍ගේ බ්ලොග කියවන හැමෝටම... ඒ වුනාට මේ ගීතයේ පද වල තේරුම ගලප්පන්න චන්ද්‍රිකා මැතිණියගේ ජීවිතෙත් එක්ක... චන්ද්‍රිකා මැතිණි හිටපු කාලේ පුජාසනේ හිඳවලානේ කොයි කවුරුත් පිදුවේ කෙරුවේ... මට මතකයි 94 චන්ද්‍රිකා මැතිණි වේදිකා වල කථා කරනවා අහන්න පොඩි එවුනුත් කර ගහගෙන අපේ පැත්තේ උදවිය මීටිං වලට ගියේ... "චන්ද්‍රිකා මැතිණිගේ ගාම්භීරත්වේ, කටහඩේ තියෙන පෞරුෂේ... රටට තියෙන ආදරේ කැපවීම..." කියලා තමයි මිනිස්සු ඒ දවස් වල කිව්වේ.. චන්ද්‍රිකා මැතිණිට වඩා කෙනෙක් ඒ දවස් වල ලොවෙත් හිටියේ නෑ... ඒ වුනාට ලෝකේ හැටි කියන්නේ අද චන්ද්‍රිකා මැතිණිට සළකන විදිහ බලන්න පොඩ්ඩක් හිතලා... මේ ගීතයේ කියවෙන "ඔබට පුදන මේ ලෝකයමයි හෙට.. ඔබට එරෙහි වී නැගිටින්නේ" කියන පද පේළියෙන් ඒ කාරණේ කියවෙනවා... අද වෙනකොට චන්ද්‍රිකා මැතිණිට ලංකාවේ රෙද්දක් ඇඳන් පාරේ යන්න බැරි ගාණට අපේ ලොකු ලොක්කෝ වැඩ සලස්සලා ඉවරයි... හෙරක්, හිඟන්නියෙක්, බොරුකාරියෙක් කියන නම හංවඩු ගහලා ඉවරයි... චන්ද්‍රිකා මැතිණි හොරකම් කරන්න ඇති බොරු කියන්න ඇති, ඒත් කොච්චර වුනත් අපි කාල ඇඳලා හිටියනේ... ප්‍රේමදාසලාගේ කාලේ වගේ පාරක් පාරක් ගානේ හන්දියක් හන්දියක් ගානේ මිනී ගොඩ ගැහිලා තිබ්බේ නෑනේ... නිදහසේ පාරේ බැහැලා එහෙ මෙහෙ ගියා... අර පර කොටියෝ නැත්තම් කිසිම කරදරයක් නොවී ඉන්න තිබ්බා.. ඒත් චන්ද්‍රිකා මැතිණිට කරන්න පුළුවන් මට්ටමින් කලා කියලයි මං හිතන්නේ... මිනිස්සු වැරදි කරනවා, රහත් ‍වුන අය බුදු වුන අය නෙමේනේ ඉන්නේ... ඉතින් ඇයි මිනිස්සු මේ ගැන හිතන්නේ නැත්තේ කියලා මට පුදුමයි.. ඒ මදිවට වික්ටර් අයිවන් කියලා යකෙක් චන්ද්‍රිකා මැතිණිට විරුද්ධව පොතක් ලියලා "චෞර රැජින" කියලා... අනේ හත්දෙයියනේ හතුරෙකුට වුනත් මෙහෙම කථා කරනවාද ලෝකයක් ඉස්සරහා... පොතේ ඇතුලේ මොන මගුල තිබ්බත් අඩුම ගානේ පොතේ නමවත් ටිකක් පිළිවෙලකට ලියපන් රටේ හිටපු රාජ්‍ය නායිකාව කියලා හිතලා බලලා... මට නම් පුදුම දුකයි ඒ ගැන..

හපේ අපුච්චියේ.... මේ මං ‍මොනවාද ලියලා තියෙන්නේ... දේශපාලනේ නොවැ... හත්තිලව්වයි... අපේ අම්මා හැමතිස්සෙම කියනවා මට "මොන දේ ගැන උඹ කථා කරත් කමක් නෑ පුතේ, හැබැයි ඔය දේශපාලනේ ගැන නම් කථා කරන්නෙපා, මොකද මට ඉන්නෙ එක කොළුවයි සත 5 වගේ... ඉතින් උඹවත් අර සුදු වෑන් කෑල්ලක දාගෙන ගියොත් මං මොන අයියනායක දෙයියොන්ට කියන්ඩද?" කියලා...

හරි කොහොම වෙතත් මේ ගීතය මියුරු ගී අඩවියට ගිහින් අහන ගමන් මේක බලන්න... එතකොට ගීතය සෑහෙන්න විඳින්න පුළුවන් වෙයි.. මෙන්න තියෙනවා ලින්ක් කෑල්ල... මෙන්න මෙතන ක්ලික් කරන්න

‍ඉතින් මං ඉස්සරහට තව ලියන්නම් මේ වගේ... හැබැයි පොඩි කමෙන්ට් පාරක් හෙම දානවා නම් තමයි ඉතින් වැඩේ කික්...

8 අදහස්:

Indranama on August 4, 2009 at 11:56 PM said...

"චෞර රැජින" පොතේ කතා වස්තුව වෙනම කතා කල යුතුයි.
හැබැයි ඉතිං ඒ පොතේ තියෙන්නෙ බොරුත් නෙමේ !

Udara || උදාර ධර්මසේන on August 5, 2009 at 12:27 AM said...

@ ඉන්දරේ - ඒක තමයි මාත් කිව්වේ.. ඇත්ත හෝ නැතා, රටේ හිටපු ජනාධිපතිතුමිය කියන ගෞරවේ වත් තියන්න කියලා මං කියන්නේ... හා වැරදිද ?

රොයිලි on August 5, 2009 at 2:57 AM said...

@ උදාර

මේකනේ මචං පොතේ තියෙන්නේ බොරුත් නෙමේ කියන්නේ එයා හැසිරිලා තියෙන්නේ හරිහමන් නායකත්වයේ ගුණාංග එක්ක නෙවේනේ. එහෙමනම් ගරුත්වය මුලින්ම කෙලෙසගෙන තියෙන්නේ කවුද?

:D

on August 5, 2009 at 8:38 AM said...

තමන්ට බලේ හම්බ උනාම ඒක කවදා හරි නැතිත් වෙනවා කියලා හිතාගෙන වැඩ කරනවනම් එච්චර අවුලක් වෙන එකක් නැහැ.

නදුන් උයන on August 5, 2009 at 11:04 AM said...

ලෝකෙ හැටි තමයි.. ඕක ඉතින් එතුමියට විතරක් නෙමෙයි.. හැමෝටම පොදුයි...
අපිත් ඕක දැනගෙන වැඩකළොත් අපේ ජීවිතයට වටිනවා...
හැබැයි මේ ගීතයට ලස්සන විසුවල් එකක් හදන්නනම් චන්ද්‍රිකා මැතිණියගේ කතාව මරේ මරු.... !!! (බැරිද ඒ වැඩේ කාට හරි කරන්න...)

Thameera on August 5, 2009 at 2:11 PM said...

මමත් ගොඩක් කැමති සින්දුවක්. හැබැයි චන්‍ද්‍රිකාට නෙවෙයි. අපි හැම දෙනාටම ඔය දේට මුහුණ පාන්න වෙනව. චන්ද්‍රිකා තවත් එක්කෙනෙක් විතරයි.

ප්‍රදීප් ලසන්ත on August 10, 2009 at 4:57 AM said...

ඇත්තටම ලස්සනයි සින්දුව... මමත් ආසම කරන සින්දුවක්.. ඔයා කියන විදියට ඒ කාලෙ හොරකම් කරානම්, රටේ නායිකාව නෙවේ මොකා උනත් හෙරක්නෙ.. එහෙනම් කිව්වට කමක් නැහැ.. ඒ විදියටම ඉන්න "රජතුමාටත්" ඔය සෙතේම තමයි..

Shiron Pathirana on October 9, 2009 at 7:33 PM said...

Chandrikata sudu hunu gaana gaman, anik athin Premadasata thara gaanawa needa...?
Moko danne nehe meya C>B>K ta mechchara anukampawa....

Kawruth minissu thamai....

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009