
ඔන්න පුතේ කකුල් දෙකේ කොටින්ගේ කාලෙත් ඉවරයි වගේ... අද උදේ දයා මාස්ටරුයි ජෝර්ජ් මාස්ටරුයි භාරවෙලා... දයා මාස්ටර් නම් ගොඩක් අය දන්නවා ඇති.... එක පාරක් බයිපාස් එකක් කරන්න සටන් විරාම කාලේ කොළඹටත් අරන් ආවා... මනුස්සයා කලින් ඉංග්රීසි මාස්ටර් කෙනෙක්ලු... පස්සේ සුසෙයි තමයි පිරභාහරන්ට අඳුන්නලා දීලා නරක් කරලා තියෙන්නේ... මොළේ තියෙන මිනිහෙක් විදිහට මේ මනුස්සයාට තේරෙන්න ඇති දැන් කොටින්ගේ කෙරුවාව ඉවරයි කියලා.. ඒක හින්දා තමයි සිය පවුලත් එක්කම භාරවෙන්න හිතෙන්ඩ ඇත්තේ... අනික් මනුස්සයා ඒ කියන්නේ ජෝර්ජ් මාස්ටර් කියන එක්කෙනා හිටපු තැපැල් ස්ථානාධිපති කෙනෙක්ලු... ඒ කියන්නේ රජයේ සේවකයෙක්... *උපහාර පැකේජයක් තියෙනවද දන්නෙ නෑ* ශ්රී ලංකා රජයෙන් පඩි ගත්ත මිනිහෙක්.... මිනිහටත් වයසට ගිහින් හරි මොළේ පෑදිච්ච එක හොඳට ගියා...
තව ඉතින් ටිකයි පුතේ... තව පැය කීපයයි... මහ කොටින්ට මොලේ නැති හින්දා උන්ට භාර වෙන්න තරම් පණක් නෑ... බල්ලෝ බළල්ලු වගේ මැරිලා යයි... හැබැයි ඒත් උන්ට නම් ඒ හොඳ වැඩි... පත්තර කන්තෝරු වලින් මහ කොටින්ගේ පොටෝ දැන් එකතු කරලා තියා ගත්තොත් හොඳයි වගේ... මරණ බැනර් හදන්න...
අද මං පෝස්ට් දෙකම දැම්මෙ යන එන ගමන් මගෙ ලැප දිග ඇරගෙන... ගෙදර ඉඳන් කිසි මගුලක් කරන්ඩ බෑ අප්පා... මහ පාර හොඳයි හැම එකටම... හැබැයි එකක් ඇර...
P.S : ඉන්ඩියා ටයිම්ස් වෙබ් අඩවියේ පොඩි ජන්දයක් දාලා තියෙනවා... වෙලාවක් තියෙනවා නම් මෙකටත් ජන්දයක් දාන්න රට ගැන හිතලා...
http://timesofindia.indiatimes.com/poll/4421214.cms