
(මේ ඡායාරූපය පමණක් මා විසින් ගත් එකක් වන අතර අනික් සියල්ල Flock අඩවියෙන් බාගත් ඒවා බව කරුණාවෙන් සලකන්න)

හොඳම දේ තමයි මේක මොසිලා ෆයර්ෆොක්ස්ගේ මල්ලි කෙනෙක් වීම... ඉතින් ආයෙත් කියන්න ඕන නෑනේ මේක විවෘත මෘදුකාංගයක් කියලා... අපේ සිංහල බ්ලොග්කරුවෝ ගොඩක් ෆයර්ෆොක්ස් ලවර්ස්ලානේ... ඉතින් මේක දැක්කාම ආආආආස හිතෙයි... මේකේ ෆයර්ෆොක්ස් වල තියෙන සෑම සියළු දෙයක්ම වැඩිපුරත් එක්කම තියෙනවා... මුලින්ම සිං ගාලා සුපිරි වේගයයයයය......., ලස්සන ලස්සන බොත්තම්, චැට් බැට් වලට වැඩි ඉඩ, වීඩියෝ/සින්දු අමුතු විදිහකට, ඇයි ඒ විතරක්යැ අපිට ඕනේ විදිහට වෙනස් කරගන්න පුළුවන් වීම, හොඳ ආරක්ෂාවක් තිබීම, ස්වයංක්‍රීය යාවත්කාලීන වීම හා තව ගොඩාක් දේවල් මේකේ තියෙනවා වගේ...
හෝව් හෝව් පොඩ්ඩක් ඉන්ඩ... මං මේ ලංකාවයි බටහිර ඉන්දීය කොදෙව්යි සෙමි ෆයිනල් එක බලන ගමන් ලියන්නේ... ඉතින් ටිකක් බිසී... :) ඒකයි මේ අද ටිකක් අවුල් වගේ.. :) :)
මං ඔන්න දැන් පිළිවෙලකට කියන්නම් ෆ්ලොක් එකේ තියෙන වැඩ කෑලි ටික...
1. මුලින්ම තියෙනවා ඔන්න My World කියලා එකක්... ඔන්න පල්ලෙහා තියෙනා ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන්නේ ඒක තමා... මේක නිකන් Google homepage එක customize කරපුවාම තියෙන විදිහ වගේ... එච්චරම ලොකු දෙයක් නෑ මේකෙ නම් ඉතින්.. හැබැයි ඒ වුනාට මට නම් මරු...

2. ඔන්න පුතේ ඊළඟට තියෙන්නේ ඕනෑම කරන භාණ්ඩයක්... ඒ තමයි People Sidebar එක... මේකෙන් ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවි ලෝඩ් කරගෙන තියා ගන්න පුළුවන් සයිඩ් බාර් එකක... සියළුම status update හා notifications මෙතන බලාගන්න පුළුවන්... හරිම ප්‍රයෝජනවත්.. Facebook, Twitter, Myspace, Bebo, Digg වගේ ජනප්‍රියතම ජාලයන් Flock එකට වැඩ... හරිම ආආආආආආස හිතෙනවා... ඔන්න එකෙත් ස්ක්‍රීන් ෂොට්ස් තියෙනවා බලන්න..

3. ඊළඟට තියෙන්න හරි ලස්සන භාණ්ඩයක්.. මේකට කියන්නේ Media Bar එක කියලා මහත්තුරුණේ... ඇත්තම කිව්වොත් මේක හරිම ප්‍රයෝජනවත් හැම වැඩේටම.. අපි අර පල්ලෙහා තියෙන ස්ක්‍රීන්ෂොට් එකෙ තියෙන මාධ්‍යයන් සම්බන්ධ වෙබ් අඩවි වගේ ඒවා තෝරලා දුන්නාම පින්තූර විතරක් නෙමේ, තියෙනවා නම් වීඩීයෝ පවා මේ තීරුවට ස්වයංක්‍රීයව එකතු වෙනවා... අනේ මං කියනවාට වඩා හොඳයි ඕගොල්ලෝ පොඩි චෙකින් පාරක් දාලම බැලුවනම්...


4. ඊළඟට තියෙන්නේ Feeds Sidebar එක... මෙතනටත් කැමති කැමති ෆීඩ්ස් එකතු කරලා හදාගන්න පුළුවන්.. පල්ලෙහා තියෙන ස්ක්‍රීන් ෂොට් එක දැක්කාම තව පැහැදිලි වෙයි ඕං...

5. මෙන්න පුතේ මේක නම් හරිම ෂෝක්.. මේකට කියන්නේ webmail කියලා... yahoo, g-mail වගේ ජනප්‍රියතම වෙබ්මේල් සේවා පල්ලෙහා තියෙන ස්ක්‍රීන්ෂොට් එකේ විදිහට අපිට මේ බරවුසරේට දාගන්න පුළුවන්... ආආආආආසයි නේ ??? :)

මං ඉතින් ඔක්කොම මෙතන දාන්න යන්නේ නෑ... තව වැදගත් දෙකක් තුනක් ගැන කියන්නම්... අපි ඉතින් දොයියන්නත් එපෑ...
6. මේක Web Clipboard එකක්... Text, Links, photos වගේ ඕනෙම දෙයක් ඇදලා දාන්න තියෙන්නේ සයිඩ් බාර් එකේ තියෙන කොටුව ඇතුළට... පස්සේ ඕනේ වුනොත් පාවිච්චි කරන්න.. අපේ ගොඩක් මලයෝ දැනට කරන්නේ නෝට්බුක් එකට කොපි කරලා තියාගන්න එකනේ, ඉතින් මේක ඒකට හොඳ විසඳුමක් වෙයි....

7. ඔන්න දූලා පුතාලා අපිට වැදගත් දෙයක් මේකේ තියෙනවා... අපිට කිව්වේ මේ බ්ලොග්කාරයොන්ට... මෙන්න මෙහෙමයි වැඩේ... මුලින්ම අපේ බ්ලොග් එකට අදාල මුරපද අනං මනං දීලා සෙටප් කර ගත්තට පස්සේ අපිට අළුත් බ්ලොග් පිටුවක් ලියන්න ඕනේ වුනාම කරන්න තියෙන එකම එක එක පාරක් ක්ලික් කරන්න විතරයි... අරෙහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ ඔන්න.. කෙලින්ම බඩු හෑව්... ආආආආආසයි නේ ??

ඔය මං කිව්වේ මේ බරවුසරේ තියෙන දේවල වලින් පොඩිම පොඩි පොඩ්ඩක් විතරයි... කියන තරම් සීනී පැණි රහද කියලා බලන්න පල්ලෙහායින් කාලාම බලන්නකෝ ඉතින්... මෙන්න තියෙනවා Flock එකට යන්න ලිපිනය... ගිහිල්ලා බාලා දාලා බලලා මටත් කියන්න හොඳේ ?
www.Flock.com
ප.ලි : අපි මැච් එකත් දින්නා ඔන්න... දැන් ඉතින් ෆයිනල් එකත් ගොඩ දාගත්තා නං ගොඩම තමා... පව් අප්පා වෙස්ට් ඉන්ඩීස්ලා... :(