Thursday, November 26, 2009

සුනිල් එදිරිසිංහ Vs. සරත් ෆොන්සේකා






කාලයක් තිස්සේ මගේ හිත කොනිත්තපු සින්දුවක් ගැන ලියන්න හිතුනා.. පහුගිය දවස් කීපයේ පුදුම විදිහට වැඩ ගොඩ ගැහිලා තිබුනා.. තාමත් ඒ විදිහමයි.. ඒත් කාලෙකින් බ්ලොග් ලිපියක් ලියන්න බැරි වුන දුකට අද මේ සින්දුව ගැන මගේ හිත කියන දේ ලියනවා...

ගොඩක් අය විරහා වේදනාව හොඳින් විඳලා ඇති... විරහාවේ රහා හොඳට දන්නවා ඇති... ඉතින් ඒ වගේ බූට් එකක් නෙමේ "ඩෙක් ෂූ" එකක් කාපු මනුස්සයෙක් වෙන්ඩ ඇති මේ සින්දුව ලියන්න ඇත්තේ... "වියෝවූ පසුවයි දැනෙන්නේ, ප්‍රේමයේ අභිමන්.." කියලා මේ මනුස්සයාට මුලින්ම කියවෙන්ඩ ඇත්තේ ඒ හින්දා වෙන්ඩ ඇති... කෙල්ල ඉන්නකම්ම නොදැනිච්ච "දැනිල්ල" දාල ගියාට පස්සෙ දැනිලා තියෙනවා.. අපි හැමෝටම ඔය කාරණේ නම් ඉතින් පොදුයි.. හැම මඟුලම ළඟ තියෙනකං අගයක් නෑනේ.. නැතිවුන දවසට තමයි හොක්ක බිම ඇණගෙන ඉන්නේ...

ඔන්න අපේ සරත් ෆොන්සේකා මහත්තයාටත් වෙන්නෙ ඔය ටිකම තමයි ජනාධිපතිවරණෙ ඉවර වුනාට පස්සේ... මේ සින්දුවේ දෙවෙනි කොටසෙන් ඒ කාරණේ තවත් පැහැදිලි වෙනවා.. "ඉවුරු දෑලේ හිඳ බැලූවිට ගඟ හැඩයි කදිමයි.. දියට වන් විට එවන් ගඟුලම බිහිසුනුයි චන්ඩයි" කියලා කියන්නේ ඒක තමා... ෆොන්සේකා මහත්තයාට තාම ග‍ඟේ සැර දැනෙන්නේ නෑ.. බැස්සාම තේරෙයි අමාරුව.... හා.. හා.. දේසපාලනේ ගාවා ගන්ඩ එපා ලව් ටෝක්ස් වලට... අනේ හෆොයි.. ආවේ සින්දුවක් කියන්ඩ දැන් මේ භූතයා දේසපාලන කථාවක් කියනවා..

ප.ලි. - මාතෘකාව දැම්මේ ලිව්වට පස්සේ... :D

2 අදහස්:

අමුතු.... on November 27, 2009 12:47 PM said...

නියම සින්දුව..... අවස්තා දෙකටම තිතට ගැලපෙනවා. මේ මල ඉලව් දේශපාලණයකට බැහැලා අපේ හිටපු හමුදාපති තුමා රටේ මිනිස්සුන්ගේ ඒ මහත්තයාට තියන ගෞරවෙත් නැති කොර ගන්න තමා ඔය දඟලන්නේ.....

මනුසත් on December 1, 2009 5:30 PM said...

නියම තේමාව . .

"සුනිල් එදිරිසිංහ Vs. සරත් ෆොන්සේකා "

ela ela . . .

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009