Sunday, September 20, 2009

සන්නස්ගල මහත්තයා...


කාලෙකින් බ්ලොග් එකේ මුකුත් ලියන්ඩත් බැරි වුන හින්දා අද නම් මොනවාහරි ලියන්ඩම ඕනේ කියලා හිතුනා.. පහුගිය දවස් ටිකේ වැඩ කීපයක් යෙදිලා තිබුන නිසයි ඔළුව නිදහසේ මුකුත් ලියා ගන්ඩ බැරුව හිටියේ.. ඒත් පුළුවන් හැම වෙලාවකම සින්ඩියේ තියෙන ලිපි නම් කියවනවා.. තව පුරුද්දක් විදිහට ඊ-මේල් චෙක් කරනවා වගේ සින්ඩිය බලනවා මොනවද අළුත් ලිපි කියලා..

අද ලියන්ඩ හිතුනේ මගේ හිතට තදින් වැදිච්ච ලිපියක් ගැන.. අද සිළු‍මිණේ (2009.09.20) සිත් මල් යාය කියව්වා නම් කවුරුත් මේ ලිපිය කියවන්ඩ ඇති... මම නම් සාමාන්‍යයෙන් පත්තරේ බලන පළමු මුරේ කරන්නේ ඔහේ බලාගෙන ශීර්ෂ ටික කියවං යන එක විතරයි.. හැබැයි ‍මේ ලිපිය දැක්කාම එක හුස්මට පළවෙනි මුරේදිම කියවන්න හිතුනා.. මේ ලිපියේ ලියලා තිබ්බේ අපේ සිංහල සන්නස්ගල මහත්තයාගේ අම්මා ගැන ඒ මහත්තයා කියන අදහස්... මට ටිකක් විතර මේ මහත්තයා ගැන පහුගිය ටිකේ කළකිරිලා හිටියත් මේ ලිපිය කියව්වාට පස්සේ ටිකක් විතර ඒ කහට මැකුනා... සන්නස්ගල මහත්තයාගේ නිර්ව්‍යාජ බවට මං නම් කවදත් ආදරෙයි.. සමහර වෙලාවට මෙච්චර පුංචි අපිටවත් වෙන්න බැරි නිර්ව්‍යාජභාවයක් සන්නස්ගල මහත්තයට තියෙනවා... දවසක් මං අහගෙන ඒ මහත්තයා කියනවා "තනියම මං වාහනේ එළවාගෙන නුවර යද්දී කඩුගන්නාව හරියෙන් වාහනේ නවත්තලා පාර අයිනේ ඉඳන් චූ කරන මනුස්සයෙක් මම" කියලා කිව්වා.. අද මේ ලිපිය කියවපුවාම මේකටත් වඩා හොඳ ආකල්පයක් මගේ ඔළුවට දැනුනා... ඒත් සන්නස්ගල මහත්තයා හොඳටම හොඳ මිනිහෙකුත් නෙමෙයි.. වැරදි අඩුපාඩු ගොඩක් තියෙන මනුස්සයෙක්... ඒකෙත් ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ, මොකද අපි කවුරුත් Perfect නෑනේ... මේ ලිපියේ "මගේ අම්මාව මට මඟ හැරුනා" කියලා තියෙන්නේ මං හිතන්නේ සන්නස්ගල මහත්තයාට හරියට තමනගේ අම්මාට සළකා ගන්න බැරිවුනා කියන එක වෙන්ඩ ඕනේ.. මං වටින් ගොඩින් අහලා තියෙන විදිහට සන්නස්ගල මහත්තයා තමන්ගේ දෙමව්පියන්ට හරියට සළකලා නෑ.. ඉතින් අද හිතෙන් දුක් විඳිනවා.. දැන් කොච්චර දාන මාන දුන්නත් වැඩක් නෑ, තමන්ගේ දෙමව්පියෝ ඉන්න කාලේ නොසලකා.. ඉතින් මේ මහත්තයා මෙච්චර වමාරන්නේ ඒ දුකයි වේදනාවයි පසුතැවිල්ලයි...

මොනවා වුනත් සන්නස්ගල මහත්තයා හොඳට දුක් විඳපු හොඳට කටු කාපු මනුස්සයෙක් කියලා මට අද ලිපියෙන් තවත් තේරුම් ගියා.. මන්ද පෝෂණය පවා හැදිලා පයින් ඇවිද ගන්නවත් බැරුව, සමහරක් වේල් කන්ඩ බොන්ඩවත් නැතුව දුක් විඳපු එකෙක්.. ඒකයි ඒ මනුස්සයා අද දියුණු වෙලා ඉන්නවා නම් ඒකට රහස.. ඉතින් මේ දේවල් කටක් ඇරලා කියන්ඩ තරම් හයියක් තියෙන එකත් ඇති අප‍්පේ... අද කාලේ අම්මලාගේ තාත්තලාගේ තුට්ටු දෙකට විදලා කකා බිබී විතරක් ඉන්න එවුන් හැදෙන්ඩවත් අඩුම ගානේ...

අවසානෙට මෙන්න මේ පේලි ටික මෙතන දාන්න හිතුනා.. සන්නස්ගල මහත්තයා ලියපු මුල්ම පොත වන "සරසවි දියණියෝ" පොතේ පිදුමයි මේ..

”දෑස නොපෙනෙනා හින්දා
මගේ පොතේ අකුරක්වත්
අප්පච්චී දකිනු කොයි ලෙසින්
අකුරු නොදන්නා හින්දා
අප්පච්චිට අහන් ඉන්න
අම්මා කියවන්නෙ කොයි ලෙසින්”

මේ ලිපිය කියවන්න.. පල්ලෙහා දාලා තියෙනවා ලින්ක් එක.. අදට ලිව්වා ඇති වගේ.. මට ජය සිරිමා ‍බෝ සමිදු පිහිටයි ! :)

ලිපිය මෙතැනින් කියවන්න...

10 අදහස්:

-බිன்ku- on September 21, 2009 8:11 AM said...

ලිපිය ගැන කියන්න වචන නෑ. ඒමක කියෙව්වාම මටත් මේ වගේ කෙලින් කතා කරන්න පුළුවන් ශක්තියක් තිබ්බා නම් කියලා හිතෙනවා.


බොහොම ස්තුතියි මිත්‍රය! ඇත්තටම මම සන්නස්ගලට වඩා වැරදි කරලාත් ඇති මගේ දෙමව්පියන්ට. අදත් ඒ පොඩි සීන් එකක් ගියත් එක්ක.

දිසා on September 21, 2009 8:25 AM said...

ඇත්තටම හොද ගුරුවරයෙක් මචන් මමත් සිංහල පන්ති ගියේ මෙ සර් ගාව පන්තියෙදි පමණත් නෙවෙයි දෙවියන් වහන්සේ ගාව උනත් කුණුහරපයක් කියන්න හිතුනොත් කියන ජාතියෙ මිනිහෙක්

අනිතක ලමයින්ට ඉගන ගන්න ගොඩක් උදව් කරා ප්‍රි කාඩ් පමණක් අපෙ පන්තියේ 200 පැනලා හිටියා

පන්ති යන දවස් වල අපිට හිතුණා මිනිහා විරයා වගේ අනේ දැන් හිතේනවා උ මොකාද කියලා සර් තියපු සමහර පච දැන්නේ වැටහෙන්නේ;D අනිත එ දවස් වල අපි සර් එකක් පොඩ්ඩක් කොක්ක මොකද මෙ කෙල්ලෝ හැත්ත සර්ට මාර ලව් එක අපි උන්නාද මළාද නැ සර් අපිට කියනවා තොපිට වඩා මෙ නාති මට කෙල්ලො ඉන්නවා කියලා ;P

දිසා on September 21, 2009 8:43 AM said...

මචන් සම්පුර්ණ ලිපිය කියෙවුවාම මට ගොඩත් අප්සට් සන්නා ගැන නෙවේ මට මම ගැනම මම අවුරුදු 3 කින් විතර අම්මාව දැක්කා තියා ගෙදර පස් පැගුවෙ නැ එත් අම්මා මට ගොඩක් ආදරේ බව දන්නවා එත් එක මට අවුරුදු 10 පස්සේ දැනුනේ නැ මම මහා පව්කාරයෙක් මචන්

මම දුෂාන් on September 21, 2009 1:22 PM said...

රජෙක් උනත් අඩුපාඩු තියෙන්න පුලුවන්.සන්නස්ගල ගුරැතුමාගෙ නිර්ව්‍යජත්වය ගොඩක් වටිනව.මේ ලිපියෙන් අපිට හිතන්න ගොඩක් දෙවල් ඉතුරැකරල තියනව.මටත් ජිවිතේ දිහා අාය හැරිල බලන්න මතක්කරා

මම දුෂාන් on September 21, 2009 1:22 PM said...
This comment has been removed by the author.
ushan on September 21, 2009 3:11 PM said...

ලිපිය නියමයි එක හුස්මටම කියෙව්ව , කොහොම උනත් අවංකව කතාව කියල තියනව

කිරිමාමා on September 21, 2009 4:21 PM said...

මල්ලිලා ඔගොල්ල මාර විදිහට අන්දන්න පුලුවන් ! පව් ඔයාලා !

Prashan Fernando on September 21, 2009 8:08 PM said...

sannasgala kiyanne aththatama mama garu karana me rate prasidda kihipa denekugen 1 kenek. Aththatama eyage nirviyajathwa gana nam kiyala wadak nehe. kiyanna thiyena de kelin katha kiyana manussayek. ela ost eka macho

Supun Sudaraka on September 21, 2009 9:47 PM said...

නියම ලිපියක්... පිස්සු හැදෙනවා. බොහොම ස්තූතියි අවධානය යොමු කළාට ලිපියට.

Anjula on October 10, 2009 7:27 PM said...

මාත් මේ ලිපිය කියෙව්වා..ඇත්තටම බොක්කටම වදින කථාවක්.

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009