Tuesday, November 16, 2010

ග්‍රැවිටි.. අතිශයින්ම ටුයිටර්කාරයන්ටම පමණයි... (Gravity)





මාස ගණනකින් ඔන්න අළුත් ලිපියක් පළකරන්න යන්නේ.. රාජකාරී අධික වීමත්, ඊටත් වඩා බ්ලොග් ලිපි ලිවීම කම්මැලි රාජකාරියක් වීමත් හේතු කරගෙන තමයි ලිපියක් දෙකක්වත් ලියා ගන්න බැරිවුනේ.. ඒත් මගේ පැරණි හින්දි ගී බ්ලොග් එකට නම් ලිපි කීපයක් එකතු කරන්න වෙලාව කලාව ආශාව තිබුනා..

හරි.. අපි දැන් මාතෘකාවට එමු.. Twitter එක එහෙමත් නැත්තම් ක්ෂුද්‍ර බ්ලොග්කරණයේ ජනප්‍රියතම නැවතුම.. සයිබර් ජනතාවගේ Facebook වලින් මීළඟ පිම්ම.. වගේ කිව්වොත් හරි.. අද වෙන කොට Twitter කියන සමාජ ජාලය නොදන්න කෙනෙක් නෑ මම හිතන්නේ.. අකුරු 140කට කොටු කරලා තියෙන Twitter ජාලය බොහොම සරළයි.. Facebook වගේ සංකීර්ණ ගතියක් දැනෙන්නේ නෑ.. ආකර්ශනීයයි.. නිදහස උපරිමයි.. පුද්ගලිකත්වය උපරිමයි.. ප්‍රයෝජන උපරිමයි..

ඉතින් මේ Twitter එක ජංගම දුරකථනයෙන් පාවිච්චි කරද්දී අපිට පොඩි මෘදුකාංගයක් තිබු‍නොත් පහසුයි.. නොකියා වර්ගයේ ජංගම දුරකථනයක් තියෙනවා නම් වඩාත් සුදුසු ‍මෘදුකාංගය ගැන කියන්න තමයි මේ යන්නේ.. ඒ තමයි "ග්‍රැවිටි" ! අමු සිංහලෙන් කිව්වොත් "ගුරුත්වාකර්ශණය" තමයි නමේ තේරුම.. :) Twitter, Facebook, Foursquare යන සමාජ ජාල වලට සම්බන්ධ වෙන්න පහසු මෘදුකාංගයක්.. ඒත් S60 කාණ්ඩයේ S60v3, S60v5 සහ Symbian^3 කියන අනු කාණ්ඩ ය‍ටතේ තියෙන ජංගම දුරකථන එක්ක විතරයි මේ මෘදුකාංගය වැඩ කරන්නේ.. ඒ අනු කාණ්ඩ වලට අයත් වෙන දුරකථන මාදිලි දැන ගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න..

මුලින් සඳහන් කරපු සමාජ ජාලා වලින් වැඩිපුරම Twitter වලට සම්බන්ධ වෙන්න තමයි Gravity වඩාත් ගැලපෙන්නේ.. පහලින් තියෙන්නේ ගත්ත Screenshots කීපයක්..



මම පාවිච්චි කරන්නේ Nokia 5800 XpressMusic වර්ගයේ ජංගම දුරකථනයක්.. Gravity 1.30 (build 6501) කියන version එක තමයි මම පාවිච්චි කරන්නේ.. දැනට තියෙන Twitter වලට සම්බන්ධ විය හැකි මෘදුකාංග වලින් හොඳම එක විදිහට බය නැතිව අනුමත කරන්න පුළුවන් Gravity !

twitter account කීපයක් එක විට විවෘත කර තබාගැනීමත්, දැකුම්කලු වීමත්, පින්තූර ක්ෂණිකව අප්ලොඩ් කිරීමට හැකිවීමත්, Foursquare භාවිතා කිරීමට හැකිවීමත්, සැහැල්ලු වීමත් මේ මෘදුකාංගයේ සුවිශේෂී අංග ලෙස සඳහන් කරන්න පුළුවන්..

දැනට මේ මෘදුකාංගය මිළදී ගතයුතු එකක් විදිහටයි තියෙන්නේ.. රුපියල් 1000/-කට අඩු මුදලකට මිළට ගන්න පුළුවන් මේ වෙබ් අඩවියෙන්.. ජැනෝලේ කියලා ජර්මන් ජාතිකයෙක් තමයි නිර්මාතෘ.. ඒ වගේම 2009 අවුරුද්දේ හොඳම දුරකථන මෘදුකාංගය විදිහට සම්මානයකුත් ලැබුනා නොකියා මගින්..

නොකියා ජංගම දුරකථනයක්, Twitter ගිණුමක්, තියෙනවා නම් පාවිච්චි කරලා බලන්න අමතක කරන්න එපා...

ප.ලි. : කැමති අයට මෙතනින් ක්‍රැක් කරපු එක බාගන්න පුළුවන්.. මොනවාහරි ප්‍රශ්ණයක් තියෙනවා නම් අහන්නත් පුළුවන්..

3 අදහස්:

Anonymous said...

නොදන්න දෙයක් දැනගත්තා....

රාජ් on January 15, 2012 at 11:38 AM said...

පොඩි උදව්වක් අවශ්‍යයි. raj_wvp@yahoo.com එකට ඊයක් එවන්න පුළුවන් නම්.

Anonymous said...

But Foursquare for Gravity does not work. Sorry I don't have the Sinhala unicode installed.

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009