Monday, April 12, 2010

ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...




මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ...කැලුම් දිදුලවන සරා සුපුන් සඳ...
එක වහළක් යට එකට දකින්නට...පූරුවෙ කල පින් මහිම කියන්නට...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී... පැතූ පැතුම් පෙල දැවී ගියාවූ...
ජීවිතයට ඔබ අලුතින් එක්වී...මා ජීවත් කර සතුට ගෙනාවූ...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කිළිටි මගේ අත ඔබට සුදූසු නැත...එබැවින් වෙනතක බැඳුනද කම් නැත...
එනමුඳු මෙලොවේ නැවත උපන් කළ...ඒ අත් භවයෙන් එළිය දකින්නට...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

මෙන්න මෙතනින් අහන්න පුළුවන්.. තිස්සායියාගෙන් ඉස්සුවේ.. ;)



පහුගිය ලිපියෙන් පොරොන්දු වුන විදිහට මේ ගීතය ගැන මගේ අදහස ලියන්න පොඩි නිවාඩුවක් හම්බුනා.. අපේ තිස්සායියා එයාගේ හදගීපොතේ මේ ගීතය ගැන ලිපියක් ලියලා ‍තියෙනවා කියලා දුකායියා මට කිව්වා.. ඒත් වෙනදා වගේ විදග්ග විචාරයක් නම් ලියන්න අමතක වෙලා අයියණ්ඩිට.. ;)

මේ ගීතය ගායනා කරන්නේ වික්ටර් රත්නායක මහත්තයා.. මියුරු අර්ථවත් පද රචනාව ප්‍රේමකීර්ති ද අල්විස්ගෙන්.. සංගීතය නම් කාගෙද කියලා දන්නේ නෑ.. :(

ඉතින් මට මේ ගීතය මගේ බොකු නහර පෙණහැලි අක්මා පිත්තාශ උණ්ඩුක පුච්ච කියන හැම එකටම වැදුන නිසා පොඩි පහේ රසවින්දනයක් කරන්න ඕනේ කියලා හිතුනා.. අපේ ලොකු අක්කාත් පොඩි අක්කාත් මේ ගීතයට හරි ආසයි.. ඉතින් ඒ දෙන්නාගේ විචාරත් මේකට එකතු කරගත්තා..


මම දකින විදිහට මං මේ ගීතයට කථාව ගොඩ නගන්නම්..

එක්තරා තරුණයෙක් ඉන්නවා "පැතුම්" කියලා, අවුරුදු 27-34 ත් අතර වයස් සීමාවක පසුවෙන.. මේ මනුස්සයා ජීවිතේ යම් තරමක් දුරට විනාස කරගත්ත පුද්ගලයෙක්.. හැබැයි ‍ඒ පැතුම්ගෙම වරදින්ම නෙවෙයි.. හ්ම්.. ඒක ටිකක් විතර දිග කථාවක්..

පැතුම්ට දැනට අවුරුදු 4කට 5කට විතර කලින් "කාමිනී" කියලා ගෑණු ළමයෙක් හම්බෙනවා.. පැතුම්ගේ ප්‍රථම ප්‍රේමය වෙන්නේ මේ "කාමිනී".. පැතුම්ගේ ජීවිතය කාමිනීත් එක්ක ගමන් අරඹනවා.. පැතුම්ටත් අනික් තරුණයන්ට වගේම පැතුම් කන්දරාවක් තියෙනවා.. ඒ හැම එකක්ම පුළුවන් මට්ටමින් කාමිනීත් එක්ක එකතුවෙලා ළඟාකරගන්න තමයි පැතුම්ගේ සූදානම.. කාලය ගත වෙනවා.. දින සති මාස ගණන්.. කාමිනී ගැන නොදැන ගෙන හිටපු කරුණු කාරණා පැතුම්ගේ කණට වැටෙනවා.. පැතුම්ගේ පැතුම් කන්ද ටික ටික ක්ෂය වේගෙන යන්න දැන් සූදානම.. කාමිනී කියන්නේ පිරිසිදු චරිතයක් තියෙන ගෑණු ළමයෙක් නෙමෙයි කියන එක දැන ගන්නවා.. පැතුම් එක්ක පැතුම් ගොඩ ගහන ගමන් තවත් අය එක්ක පැතුම් විඳින බව අපේ කථා නායක තරුණයට ඇස් දෙකින්ම දකින්න ලැබෙනවා.. එකින් එක සිහින බොඳ වෙන්න පටන් ගනිද්දී ජීවිතේට අරුතක් නැති වෙනවා.. මෙන්න මේ කාරණේ ගීතයේ මෙන්න මේ පද පෙළින් කියවෙනවා..

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී... පැතූ පැතුම් පෙල දැවී ගියාවූ...

කපුරු පෙති පුලුස්සලා දාපුවාම අළුවත් රැඳෙන්නේ නෑ.. ඒ වගේ පැතුම් පැතූ පැතුම් පෙලත් දැවී යනවා කිසිම නශ්ඨාවශේෂයක් ඉතුරු නොකරම.. සුරාවට සුදූවට ව‍ගේම සල්ලාල කමට පැතුම් ටික ටික හුරු වෙනවා.. කාමිනී ගැන තියාගෙන හිටපු බලාපොරොත්තු සුන් වෙලා මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා.. අතේ තියෙන තුට්ටු දෙක නැති වෙනකම් වියදම් කරන ජීවිතේකට හුරුවෙනවා..

මෙහෙම කාලය ගතවෙද්දී පැතුම්ට මුණ ගැහෙනවා ප්‍රාර්ථනා කියලා ගෑණු ළමයෙක්.. ආත්ම ගානක් පෙරුම් පුරාගෙන ආපු කෙනෙක් විදිහට තමයි පැතුම්ට දැනෙන්නේ.. තමන්ගේ අතීතය හංගාගෙන ප්‍රාර්ථනා එක්ක ආදර සම්බන්ධයක් ගොඩනගා ගන්න දිරියක් පැතුම්ට දැනෙනවා.. පැතුම්ගේ නරක පුරුදු මග හැරගන්නත් මේ සම්බන්ධය සෑහෙන උදව්වක්.. ආයෙත් සිහින මාළිගා හැදුවේ නැතිවුනාට රටට වැඩක් ඇති මිනිහෙක් කරවන්න ප්‍රාර්ථනාට පුළුවන් වුනා.. මෙන්න මේ කාරණා ටික මෙන්න මේ පෙළෙන් කියවෙනවා..

ජීවිතයට ඔබ අලුතින් එක්වී...මා ජීවත් කර සතුට ගෙනාවූ...

ටිකෙන් ටික කාලය ගතවෙද්දී පැතුම්ගේ පරණ පුරුදු ගැන ප්‍රාර්ථනාට දැන ගන්න ලැබෙනවා.. ප්‍රාර්ථනාට මේවා ප්‍රශ්ණ නොවුනට එයාගේ දෙමාපියන්ට මේක ලොකු ප්‍රශ්ණයක් වෙනවා.. ඒ නිසා ප්‍රාර්ථනාව වෙනත් කෙනෙකුට විවාහ කරදෙන්න දෙමව්පියෝ සූදානම් වෙද්දී පැතුම් අමාරුවෙන් හිත හදාගෙන මෙන්න මෙහෙම කියනවා..

කිළිටි මගේ අත ඔබට සුදූසු නැත...එබැවින් වෙනතක බැඳුනද කම් නැත...

නමුත් සුනු විසුනු වෙලා ගිය ජීවිතේ කැබලි ටික එකින් එක එකතු කරලා ආපහු හදාගන්න උදව් කරපු කෙල්ලව ලේසියෙන් අමතක කරන්න පුළුවන් කමක් පැතුම්ට නෑ.. මේ ආත්මයේදි ප්‍රාර්ථනාව හිමි කරගන්න බැරි වුනාට ලබන ආත්මයකදිවත් ලබාගන්න පෙරුම් පුරන්න තරම් ආදරයක් පැතුම්ගේ හිතේ පිරිලා තිබුනා..

එනමුඳු මෙලොවේ නැවත උපන් කළ...ඒ අත් භවයෙන් එළිය දකින්නට...

දුර ඉන්න ප්‍රාර්ථනාගේ ගෙට උඩිනුත් මෑත ඉන්න පැතුම්ගේ ගෙට උඩිනුත් පුර පෝයට පායන පුන්සඳ දෙන්නම එක වහලක් යට ඉඳලා එක දවසක දකින්න තරම් පූරුවේ පින් කරලා තියෙන බව කියන්නට...
ප්‍රාර්ථනා... නුඹ මගේම වෙලා ජාති ජාතීත් හමුවේවා..

මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ...කැලුම් දිදුලවන සරා සුපුන් සඳ... එක වහළක් යට එකට දකින්නට...පූරුවෙ කල පින් මහිම කියන්නට... ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...


3 අදහස්:

නිදහසේ බ්ලොග් ලිවිම on April 13, 2010 at 7:56 AM said...

සුභ අලුත් අවුරැදක් ඔයාට මම අනුරාධපුරේ කෙනෙක් තම‍ා

indi on April 13, 2010 at 10:31 AM said...

එක ජාතක කතාවක තියනව මෙහෙම.......මරණය සිය හිස මත ‍රැව් දෙද්දිත් ඇයගෙ අසලම ඔහුගෙ සිත ගැවසුන හෙයින්....මතු ආත්මයෙක සුනඛ ආත්මයක් ලබාත් පෙර ජාතියෙහි ඇති පුරුදු පරිදි ඇය අසලම ගැවසෙන්නට විය......පස්සෙ මේක වදයක් වුන නිසා අර ස්ත්‍රිය බල්ල මරණව.....වතුරෙ ගිල්ලල.....

දුකා on April 14, 2010 at 2:19 PM said...

ම් ම් ම් විචාරය හොඳයි . . . වෙනස්ම නමුත් වෙනස් නැති අරුතක් එන විදිහට ලියලා තියෙනවා . . .

දැම්ම මේ පොඩි වයසට ඔහොම නම් පහුවෙන කොට සිරා විචාරකයෙක් වෙන්න ඇහැක් වෙයි මළේ . .

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009