පහුගිය සති කීපයේදී ලංකාවේ මොබයිල් ඉන්ටනෙට් සේවා සපයන්නන් අළුත් පැකේජ් කීපයක් අඳුන්වලා දුන්නා තරඟෙට වගේ.. මේ ඔක්කොම ලේට් නයිට් එහෙමත් නැත්තම් මධ්‍යම රාත්‍රීයෙන් පස්සේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි අඳුන්වලා දුන්නේ.. ඒ රෑ 12.00ත් පාන්දර 6.00ත් අතර කාලෙට.. මේ කාල සීමාව දකිද්දී මට මතක් වෙන්නේ දැනට අවුරුදු ගාණකට කලින් අපි ඩයල්-අප් ඉන්ටර්නෙට් පාවිච්චි කරපු විදිහ..

මුලින්ම මේ ලේට් නයිට් ප්ලෑන්ස් අඳුන්වලා දුන්නේ මොබිටෙල් එකෙන්.. ඩේටා ප්ලෑන්ස් 4ක් මේ විදියට අඳුන්වලා දීලා තියෙනවා.. හැබැයි මේ ප්ලෑන්ස් ඔක්කොම අදාල වෙන්නේ මොබිටෙල් පසුගෙවුම් පැකේජ් වලට විතරයි දැනට.. පහල තියෙන ඇඩ් එකේ වැඩි විස්තර තියෙනවා මේ ගැන..
1GB ඩේටා වලට රු. 50කුත්
3GB ඩේටා වලට රු. 140කුත්
8GB ඩේටා වලට රු. 350කුත්
15GB ඩේටා වලට රු. 600ක් විදිහට තමයි අය කිරීම වෙන්නේ..

ඊළඟට මේ වගේ ලේට් නයිට් ප්ලෑන්ස් දෙකක් අඳුන්වලා දුන්නා හච් එකෙන්.. මේ පැකේජ් දෙක රුපියල් 75ක රීලෝඩ් එකකට 2GB හා රුපියල් 175කට 4GB විදිහටයි දැනට අඳුන්වලා දීලා තියෙන්නේ.. අමතර වාසියක් විදිහට 75 එකට රු.40ක ටෝක් ටයිම් එකකුත් 175 එකට රු. 100ක ටෝක් ටයිම් එකකුත් ලබා දෙනවා..

ඊළඟට ලේට් නයිට් ඩේටා ප්ලෑන්ස් තරඟෙට බහින්නේ ඩයලොග් එක කියලයි ආරංචිය.. මේ එන ජුලි 10 වෙනිදා ලේට් නයිට් ඩේටා ප්ලෑන්ස් 3ක් අඳුන්වලා දෙන්න ඩයලොග් එක බලාපොරොත්තු වෙනවා.. මොබිටෙල් සහ හච් යන දෙකටම වඩා වැඩි පහසුකම් මේ ප්ලෑන් වල තියෙන බවයි පේන්නේ.. විශේෂයෙන් දවසට රු. 100 ප්ලෑන් එක අන්ලිමිටඩ් ඉන්ටනෙට් දෙනවා.. මේ වාසිය අනික් එක ප්ලෑන් එකකවත් දැනට නැති පහසුකමක්.. ඩවුන්ලෝඩ් කරන අයට නම් නියමෙට ගැලපෙන ප්ලෑන් එක.. අනිත් ප්ලෑන්ස් දෙකත් මොබිටෙල්, හච් ප්ලෑන්ස් වලට වඩා සෑහෙන වාසි පාටයි පේන්නේ.. දැනට දැන ගන්න ලැබුනු විදිහට මේ ප්ලෑන්ස් පෙරගෙවුම් හා පසුගෙවුම් යන ඕනෑම ඩයලොග් සම්බන්ධතාවයකට ලබාගන්න පුළුවන් කියලයි ආරංචිය..
5 අදහස්:
පෙරගෙවුම් දෙනවනම් නියමයි. ඩයලොග්ලා එක්ක පසුගෙවුම් කරන්න බෑ.
හච් ලා හැම තැනම 3G දුන්නා කියලා පම්පෝරි ඇද බැවට අ/පුර ත් නගරට විතරයි වගේ ගම් වලට තාම 2G Signal වත් නෑ. :P
බලමුකො ඩයලොග් 1 මෙනාද දෙනන යන්නෙ කියල.. මේ ගැන දැම්මට ගොඩක් ඉත්තුතියි....
මොනව උනත් ඩයලොග් එක නම් වටිනවාග
එළකිරි ඩයොලොග් ට ජය!
තෑන්කූ අපිව දැනුවත් කලාට
Post a Comment