ඔන්න ඉතින් මං බංගලාදේශේ ඩකා නුවර දවස් 6ක් විතර ඉඳලා ඊළඟට ගියේ තායිලන්තේ බැංකොක් නුවරට... “ශියා” ජාත්‍යාන්තර ගුවන්තොටුපලෙන් නැගලා බැංකොක් වල ස්වර්ණභූමි ජාත්‍යාන්තර ගුවන් තොටෙන් තමයි ගොඩබැස්සේ... නිකන් හරියට අපායේ ඉඳලා දිව්‍ය ලෝකෙකට බැස්සා වගේ... අධිවේගී මාර්ග, පිරිසිදු පාරවල්, ලස්සන ලස්සන වාහන, ලස්සන මිනිස්සු, ලස්සන ගහකොළ, ලස්සන වටපිටාව ඇතුළු මේ හැමදෙයක්ම...



තායිලන්තය කියන්නේ අපේ රට වගේ බෞද්ධ රටක්.. බහුතරය බෞද්ධයෝ... හැබැයි එහේ බුද්ධාගමේ අදහන චාරිත්‍ර වාරිත්‍ර ටිකක් වෙනස්.. මීටර් 100න් 100ට වගේ පන්සලක් තියෙනවා... වැදගත්ම කාරණය තමයි එහේ පිරිමි අය අවම වශයෙන් මාස 03කට වත් මහණ වෙලා ඉන්න එක... සිවුරු ඇරියට කිසිම ප්‍රශ්ණයක් නෑ... කැමති අයට ඉන්න පුළුවන්, අකමැති අයට යන්න පුළුවන්... සමාජයෙන් කොන් කිරීමක් නෑ... මහණ වෙලා මාස 03න් වුනත් උපසම්පදාව එහේ ගන්න පුළුවන්... එවගේම වැඩි කාලයක් මහණ වෙලා හිටිය අයට සමාජයේ තැන වැඩී... කවදා හරි කසාද බඳින්න ගියත් මහණ වෙලා හිටපු කාලය හරියට උපාධියක් ගත්තා හා සමානයි... ඒගොල්ලෝ මහණ වෙන එකෙන් බලාපොරොත්තු වෙනවා ඇත්තේ විනය එහෙම හැදෙන එක වෙන්නැති.. එහේ කාන්තාවෝ ගැනත් ටිකක් කියන්නම්... ඇත්තටම මුලින්ම මං පොඩි අපහසුතාවයකට පත්වුනා... මොකද ඔක්කොම එක වගේ... එක අච්චුවේ හදපුවා වගේ... අඳුරන්න අමාරුයි වෙන් කරලා... ඔක්කොම ඉතින් සුදු කෙල්ලෝ... අයෙ අහන්න දෙයක් නෑනේ තායිලන්තේ කිව්වාම... ගණිකා වෘත්තියට ලයිසන් පවා දීලා තියෙන්නේ... අවුරුදු 30ට අඩු කෙල්ලොන්ගෙන් බහුතරයක්ම අඩි භාගයක විතර සායක් තමයි අඳින්නේ... මං ඉතින් හැදිච්ච කොල්ලා හින්දා අහක බලාන හිටියා.. මං දිහා නම් කෙල්ලෝ බලන්න ඇති අනන්තවත්... මං නම් ඇහැක් ඇරලා බැලුවේ නෑ ඕං... හීහීහිහි...
අපි නවාතැන් ගත්තේ හොටෙල් ඩී මොක් කියන හෝටලයේ... ඒ වගේම “වත් ඉන්” කියන පන්සලේත් නැවතුනා.. අපේ අඳුනන යාළුවෙක් එහේ ඉන්න නිසා පන්සලේ නවාතැන් ගන්න අවස්ථාව ලැබුනා... ඒක පන්සලක් කිව්වාට හොඳ හෝටලයක් වගේ... එහේ පන්සල් කොහොමත් ඒ වගේ තමයි... මේ පන්සල බැංකොක් නගරයට ටිකක් විශේෂ පන්සලක්... අපිට දැනගන්න ලැබුනු විදිහට බැංකොක් නුවර උසම බුදු පිළිමය තියෙන්නේ මේ පන්සලේ.. පහලින් දාලා තියෙන්නේ ඒ බුදුපිළිමේ... ඒ වගේම මේ පන්සලේ තියෙනවා තවත් ඉතා සුවිශේෂි දෙයක්... ඒ තමයි අවුරුදු 50ක් පමණ පැරණි නායක ස්වාමීන් වහන්සේ නමකගේ මෘත දේහය.. ඒ දේහය භාවනා කරන ඉරියව්වකින් තැන්පත් කරලා තමයි තියෙන්නේ... මේ නායක හාමුදුරුවෝ දැන් අපවත් වෙලා අවුරුදු 50කටත් වැඩීලු.. තායිලන්තයේ බුදු දහම වෙනුවෙන් විශාල මෙහෙයක් කරපු හාමුදුරු නමක් කියලයි දැනගන්න ලැබුනේ... අපේ යාළුවාගේ උදව්වෙන් අපේ වාසනාවට ඡායාරූප කීපයක් ගන්න අවස්ථාව ලැබුනා.. මේ පහලින් තියෙන්නේ ඒ ඡායාරූප.. දවසේ පැය 24ම මේ කුටිය ඇතුලේ පිරිත් කියවෙනවා... මේ කුටිය සම්පූර්ණයෙන් වායු සමීකරණය කරලා තියෙන්නේ...
බැංකොක් නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ක්‍රම කීපයක් තියෙනවා... ටුක් ටුක් කියලා ත්‍රීරෝද රථ වර්ගයක්, මීටර් ටැක්සි කාර්, පොදු බස්රථ, අහස් දුම්රිය සේවා (Sky Train), භූගත දුම්රිය සේවා (underground train), බෝට්ටු සේවා තමයි තියෙන්නේ ඉතින්... මේවායින් බස් හැර අනික් එවා ඔක්කෝගෙම මං ගියා... වැඩිපුරම ගියේ මීටර් ටැක්සි වලින් තමයි... පාරෙ යන වාහන වලින් 4/10ක්ම මීටර් ටැක්සි කාර් තියෙන්නේ... ඉතින් වැඩිපුර මේ ක්‍රමේ තමයි හැමෝම පාවිච්චි කරන්නේ... මං ටුක් ටුක් වල දෙතුන් පාරක් ගියා... තායිලන්තේ දිගම ගඟ වන චාඕ ප්රයා වල තියෙන බෝට්ටු ප්‍රවාහන සේවේ ගිහින් එතනින් බැහැලා ස්කයි ට්‍රේන් එකේ ගිහින් ආපහු අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එකේ හිටපු තැනටම ආවා... පහලින් තියෙන ඡායාරූප ඒවා තමයි...

බැංකොක් වල පරිගණක ආශ්රිත දේවල් ගන්න ඕන නම් යන්න ඕනේ පන්ටිප් ප්ලාසා කියන සාප්පු සංකීර්ණයට... අපේ යුනිටි ප්ලාසා එක වගේ... අඩුවට ලැප්ටොප් එහෙම ගන්න ඕන නම් පන්ටිප් ප්ලාසා එක කියාපු තැන... හැබැයි සමහරක් දේවල් වල නම් ලංකාවෙයි එහෙයි ගණන් වල වෙනසක් නෑ... රු. 40,000 ඉඳලා වගේ හොඳ Compaq ලැප්ටොප් එකක් ගන්න පුළුවන්... මොබයිල් ෆෝන් ගන්න නම් බැංකොක් යන්න එපා... ගණන් වල කිසි වෙනසක් නෑ.. ලංකාවෙන් ගන්න එක ඊට වඩා හොඳයි... ඩිජිටල් කැමරා නම් යාන්තන් ටිකක් විතර අඩුයි.. හැබැයි ඇඟට දැනෙන තරම් නෑ...


බැංකොක් වල ඇඳුම් පැළඳුම් ගැන කියන්න ඕනෙ නෑනේ... එහේ ගොඩක් ලාබෙට ගන්න දෙයක් තියෙනවා නම් ඉතින් ඒ හොඳ තත්වයේ ඇඳුම පැළඳුම් තමයි... ටී ෂර්ට් නම් ගොඩාක් ලාබයි... ඩෙනිම් වගේ නම් තොග ගන්නවා නම් ලාබයි... කාන්තා ඇඳුම් නම් ලෝකයක්... හිතාගන්න බෑ... ආහ් ලස්සන අළුත් අළුත් තාලේ සපත්තු සෙරෙප්පු තියෙනවා හැම තැනම... මං සපත්තු ජෝඩු 03ක්ම ගෙනාවා... හික්ස්... ඔය අතරේ තායි මසාජ් සෙන්ටර් එකක් දැක්කා.. එකේ ඡායාරූපයක් තමයි පහල තියෙන්නේ.. තායිලන්තේ හැම තැනම වගේ තායි මසාජ් සෙන්ටර් තියෙනවා... ලංකාවෙත් තියෙන්නේ ඔය මසාජ් සෙන්ටර් නම් නේද? ;)
තායි කෑම... හප්පේ... මුල්ම දවසේ නම් ටිකක් අමාරුවුනා බඩට බස්සා ගන්න... ඊළඟ දවසේ ඉඳන් නම් ටික ටික හරිගියා... ගොඩක් එළවළු අමුවෙන්ම වගේ තමයි එහේ කන්නේ... කන්කුන් එහෙම නම් අමුවෙන්ම කනවා... නිදිකුම්බා කොළත් තම්බලා කනවා.. පහල ඡායාරූපේ තියෙන්නේ මාළුවෙක් තම්බලා... ගින්දර අඟුරු පිටින් මේසේ උඩට ගෙනත් තියලා තියෙන්නේ.. ඒකටම අර නිදිකුම්බා, කන්කුන් කොල ටික දාලා තම්බ තම්බ කාල මාළුවත් ගිලලා දානවා... මේ පහල තියෙන්නේ තොම්යම් කියලා සුප් එකක්... මේක මුහුදු ආහාර වලින් හදපු එකක්.. ගින්දර අඟුරු පිටින් මේසේ උඩට ගෙනත් කට්ටිය බෙදාගෙන බොනවා... යකෝ මට දාගත්ත එකේ බූවලු පැටියෙකුත් හිටියා... කටට දාගෙන බලද්දී අඬු එළියේ... මොනවා කරන්නද ගිලලා දැම්මා බුස් ගාලා... ඔය පහල ඡායාරූපේ බැඳලා තියෙන්නේ කකුළුවෝ පණ පිටින්.. කැමති එකෙක් තෝරලා තම්බාගෙන කන්න පුළුවන්... සමහර තැන් වල කුරුමිණියෝ, ගෙම්බොත් හිටියා... කෑවේ නෑ වෙලාවට... හික්ස්... අනික් කාරණේ තමයි එහේ හැම බීම ජාතියකටම අයිස් කැට දාන එක.. බොන වතුර වීදුරුවේ පටන් එකී මෙකී නොකී හැම බීමකටම අයිස් කැට දානවා... උණුවෙන් මොනවාහරි බොනවා අඩුයි... කොකා කෝලා ගන්න ගියත් අයිස් පුරවලා තමයි දෙන්නේ.. බියර් බිව්වොත් අයිස් පුරවනවා වීදුරුවට බියර් නැති වෙන්න...

මං හිතන්නේ මේ ටික ඇතිවෙයි කියලා මගේ තායි සංචාරය ගැන.. තව මොනවාහරි දැනගන්න ඕනේ නම් අහන්න... ඊළඟ සංචාරේ ඉන්දියාවේ කල්කටා නුවරට.. එක පාරක් නම් ගියා.. දෙවනි පාරටත් ගිහින් ආපුවාම මේ වගේ ලිපියක් ලියන්නම්... මේක ලියන්න පරක්කු වුනාට සමාවෙන්න...