Monday, August 17, 2009

අනුරාධපුරේ පැත්තෙත් එන්න...




මේ දවස් වල ඉස්කෝල නිවාඩුනේ... ඉතින් හැමෝම ට්‍රිප් යනවා රට වටේ... දැන් බෝම්බ, යුද්ධ, චෙක් පොයින්ට් වගේ අනම් මනං නැති හින්දා අළුත් අළුත් තැන් වලට යනවා... වෙනදා වගේ බදුලු බණ්ඩාරවෙල විතරක්ම යන එක අඩු වෙලා ටිකක් විතර... (ඒත් තාමත් අවු වැහි නොතකා යන අයත් ඉන්නවා.. හී හී... )

මං ඉතින් රජරට පුත්‍රයානේ.. අද ලිපිය ලියන්න හිතුනේ අනුරාධපුරේට කට්ටිය ගෙන්න ගන්න පොඩි ඇඩ් එකක් විදිහට... ;) මං මේ ඊයේ පෙරේදා ගියා අනුරාධපුරේ පූජා භූමිය පැත්තේ අපේ ඔෆිස් එකේ වැඩකට... සෑහෙන සෙනගක් හිටියා සතියේ දවසක් වෙලත්... වෙනදා මේ දවස් වලට මෙහේ සෙනග අඩුයි... දැන් මිනිස්සු බය නෑ අනුරාධපුරේ එන්න... වෙනදා අනුරාධපුරේ එන්න කිව්වාම "අපෝ කොටි ඉන්නවා" කියනවා.. ඒත් දැන් නම් කට්ටිය ටික ටික මේ පැත්තේ එනවා..

ඒ වගේම සති දෙක තුනක් වුනත් බලන්න දේවල් අනුරාධපුරේ තියෙනවා.. පූජා නගරයම හරියට බලනවා නම් දවස් තුන හතරක් යනවා... මිහින්තලේ, තන්තිරිමලේ, අවුකන, විජිතපුර, කලාවැව, හත්ථිකුච්චි, කුරුලුපෙත්තාගල වගේ තව හුඟාක් තැන් තියෙනවා ඉතින් හරියට බලනවා නම් ඕං... සාගර වගේ තියෙන වැව් වලින් නාලා.. වැව් පිට්ටනියක සෙල්ලම් කරලා... නෙළුම් කොලේක බත් ටිකක් කාලා... ජය සිරිමා බෝධිය වැඳලා කරලා යන්න එන්න රජරටට... ලංකාවේ පළමුවෙනි රාජධානි‍යනේ...

ඔන්න ගයිඩ් කෙනෙක් එහෙම ඕනේ නම් කියන්න මං ඉන්නවා... හැබැයි සති දෙක තුනකට වත් කලින් ඇපොයිමන්ටුවක් දාගන්ඩ වෙයි ඕං... හීහීහී....

7 අදහස්:

අරවින්ද on August 18, 2009 8:46 AM said...

ඔය යටම තියන ෆොටෝ එක පොඩ්ඩක් Color Edit කළොත් මරු ෆොටෝ එකක් වෙයි

malee_msg on August 18, 2009 11:59 AM said...

හෆොයි මාගේ ශ්‍රී නාමයට කරලා තියන දෙයක්..! හික් හික්... අපි එනවානේ හැම අවුරුද්දෙම.. වදින්න පුදන්න නෙවෙයි වෙන වැඩකට... මම නම් හැම අවුරුද්දෙම එන්නේ නැහැ.. ඒත් ගෙදර අය ‍එනවා.. මේ පාර මම ආවොත් කියලා එන්නම් කෝ....

on August 18, 2009 6:17 PM said...

උඹව හම්බ වෙන්න ඕනේ නම් එන්න ඕනේ ඔය ගහ යටටද?
:-D

Udara || උදාර මදුෂංක on August 18, 2009 6:42 PM said...

@ අරවින්ද - ඉතින් පොඩ්ඩක් එඩිට් කරලා දියන්කෝ.. මාත් ට්‍රයි කරලා බලන්නම්..

@මලී තැනී - හප්පේ... ඔබගේ ශ්‍රී නාමයට කැලලක් වූයේ නම් සමාව වදාරන සේක්වා මලී දේවිය... හැක හැක... හරි හරි මොන වැඩේට හරි ඉතින් ආවොත් පොඩ්ඩක් මට කියන්ඩ ඕං... එතකොට ඔය මං දන්න කියන ගහකොල මල් පෙන්නන්නත් පුළුවන් වෙයි... :)

@මරු - අනිවා මේ ගස යටටම වරෙන්... හැබැයි මේ ගස් ඇර තවත් ගස් තිබේ හරිද මචෝ.. මේ රජරටනේ...

deeps on August 19, 2009 6:43 PM said...

අනුරාධපුරෙත් ලස්සනයිනේ..මම නම් දැන් අවුරුදු ගානකින් ඇවිත් නෑ..ආවොත් කියන්නම්කෝ.අනික ඉතින් ඉස්කෝලෙන් එහෙම ආවම නටබුන් ටික පෙන්නල එක්කන් යනවානේ එහෙම වැඩක් නෑ ඉතින්..බලමුකෝ ගෙදර අය එක්ක එන්න

ශාකුන්තල on September 4, 2009 4:42 PM said...

අඩේ...! මේක මට මිසිං වුණේ කෝමද? :-O

දන්නවනං ආපු ගමන කියලම එනවනේ... අපරාදේ... :(

දුකා on September 8, 2009 3:51 PM said...

labana paara nam aniwaaryenma enawaamai . . . . guide wade karanna puluwan kiyala uba kiwwe nahane kalin . . . ela ela . . .

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009