Sunday, August 2, 2009

"පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ........"



කාවින්ද්‍යා නංගියාගේ සිද්ධියත් එක්ක මං ආසම කරන සින්දුවක් මගේ ඔළුවට ආවා මේ දවස් වල... කාවින්ද්‍යා නංගීගේ සිද්ධියට කෙලින්ම සමාන නැති වුනත් මට මේක ගැන ලියන්න හිතුනා... 80 දශකේ අග භාගේ විතර සුනිල් එදිරිසිංහ මහත්තයා තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ.. කවුද ලිව්වේ සංගීතය යෙදුවේ කියලා නම් හොයාගන්න බැරි වුනා... දන්න කවුරුහරි ඉන්නවා නම් කියන්න.. මං මේ ගීතයට ගොඩාක් ආසයි.. පුදුම ලයාන්විත හැගීමක් ඇතිවෙනවා පීතෘ ස්නේහය ගැන...

නව යොවුන් වයසේදි ප්‍රේම සම්බන්ධයක පැටලිලා ගෙදරින් පැනලා ගියපු දුවෙක් ගැන තාත්තා කෙනෙක් කියන ගීතයක් තමයි මේක... ලයින් කාමර වල ජීවත් වන දුප්පත් පවුලක් මේගොල්ලො... ටිකක් කලකට ඉහත ලියවුනත් අදටත් මේ සියළුම කරුණු කාරණා හොඳින් ගැලපෙනවා කියලා හිතෙනවා.. මේ ගීතයේ අවසාන පද පේළියට මගේ ඇස් දෙකේ කඳුළු පුරවන්න පුළුවන් වුනා.. ඒ පද පේළිය තමයි මේ..

"පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ"

ඕගොල්ලොත් රසවිඳින්න මේ ගීතය...

8 අදහස්:

දුකා on August 2, 2009 at 5:00 PM said...

හරිම සංවේදී ගීතයක් . . උදාර . . ඒවගේම කලෝචිතයි . . .

ස්තූහියි මෙවැනි ලස්සන ගීත ගැන විචාර ලියමින් අපේ රසවින්ඳනයට ඔබ කරන දිරිගැන්වීම . . . විශේෂයෙන් . . . රුවල් ඉරීගිය නෞකාව වැනි ගීතයත් . . .

තව දෙයක් . . හැකිනම් මේ ලිපියේ මාතෘකාවට "පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ" කියල දාන්න . . . මෙය වඩාත් ආකර්ශ්නීයයි කියා මට හිතෙනවා. . .

Udara || උදාර මදුෂංක on August 2, 2009 at 7:03 PM said...

ගොඩාක් ස්තූතියි දිරිගැන්වීමට... මම තවත් මේ වගේ ගීත ගැන ලියන්නම්... මාතෘකාවත් වෙනස් කරන්නම්...

ඉෂාන් on August 3, 2009 at 7:32 AM said...

මේ සිංදුව ලියල තියෙන්නෙ රත්න ශ්‍රී විජේසිංහයන් සංගීතය රෝහණ වීරසිංහයන්ගේ.

malee_msg on August 3, 2009 at 11:27 AM said...

ඇත්තටම හරිම සංවේදී ගීතයක්! ස්තූතියි මතක් කලාට

K. Wawla on August 3, 2009 at 2:04 PM said...
This comment has been removed by the author.
Saman on August 3, 2009 at 2:20 PM said...

මේ සින්දුව අහල තිබුනට ඇත්තම මම අදයි තෙරුම දැනගත්තේ...ස්තූතියි ඒකට...

Udara || උදාර මදුෂංක on August 3, 2009 at 11:25 PM said...

@ ඉෂාන් - ස්තූතියි පදරචනය හා සංගීතය ගැන කිව්වාට...

@ මලී - ස්තූතියි කමෙන්ට් එකට...

@ සමන් - දිගටම බලන්න මගේ බ්ලොග.. විඳින්න පුළුවන් ගීත ගොඩක් අහන්න ලැබෙයි...

mdp on October 8, 2011 at 4:15 PM said...

ඒ වගේම රත්න ශ්රී‍ සර් උදේට වැඩට යනකොට හැමදාම යනවලු පුංචි දුප්පත් පැලක් පහු කරගෙන...මේ ගෙදර ඉන්නවලු පුංචි ගෑනු දරුවෙක් ...ගේ ඉස්සරහ තියෙන ලස්සන නෙලුම්
විලෙන් නෙලුම් මල් කඩාගෙන හිනා වෙවී සෙල්ලම් කරන මේ දරුවාගේ ලස්සන හුරතල්
දර්ශනයෙන් හිත හෑල්ලු කරගෙන බොහම සතුටෙන් ලු එතුමා වැඩට යන්නේ...
දවසක් මෙහෙම යනකොට මේ දරුවා පේන්න නැතිලු...ඒ වෙනුවට ගෙදර සෙනග පිරිලා
...පොඩියට සුදු කොඩියකුත් පේනවලු...මහා විලාපයකුත් ඇහෙනවලු...ඇඟ සසල වෙලා ගිය
රත්න ශ්රීද...ඒ පැත්තට ගිහින් බැලුවාලු...දැනගත් දෙයින් එතුමාගේ ඇස කඳුලින් තෙමුනලු....

ඊට කලින් දවසේ රෑ ගෙදර අම්මයි තාත්තයි පුංචි දරුවා ගෙදර තියල පොඩ්ඩකට හේනට
ගිහින්....ඒ ටිකට ගෙදරට රිංගපු කාමාතුර යක්ෂයෙක් මේ පොඩි එකාව විනාස කරලා...ඒ කම්පනය දරාගන්න බැරුව ඒ දරුවා ර හඳ පාන බැබලි බැබලි තිබුන අර නෙලුම් විලටම පැනල දිවි තොර කරගෙන...

මේ හද කම්පා කරවන සිද්ධිය මුල් කරගෙන රත්න ශ්රීි අතින් ඒ දරුවාගේ පියා නගන
ශෝකාලාපය ගීයකට නැගී...සුනිල් එදිරිසිංහයන් ගේ සංවේදී කටහඩින් ගැයුනේ...

චන්ද්රපරමන්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියම හැංගිලා ගියේ .....යන
ලෙසින්...මෙක තමයි හරිම විවාරය

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009