Monday, August 24, 2009

ආකාස කුසුම් පිපිලා... Akasa Kusum...





පහුගිය සෙනසුරාදා පුදුම කම්මැලිකමක් ගැහුවා... කිසිම වැඩක් කරන්න හිතුනේ නෑ..
වැඩක් කරන්න පටන් ගද්දී මාරම කම්මැලිකමක් ගහනවා.. වෙනසකටත් එක්ක ගියා මං ආකාස කුසුම් බලන්න.. කම්මැලිකම ඇරගන්න කියලම නෙමේ, කොහොමත් ඒක එනකම් මග බලන් හිටපු නිසා ගියේ...

ඇත්තටම කාලෙකින් බලපු ලස්සන චිත්‍රපටියක්... මාලනී ෆොන්සේකාගේ සම්භාව්‍ය රංගනය දැන් තමයි ඇත්තටම බලන්න පුළුවන්... ආකාස කුසුම් කියන්නේ මහා ගැඹුරු කථාවකුත් නෙමෙයි.. ඒ වුනාට විඳින්න පුළුවන් යමක් තිබ්බා කියලා දැනෙනවා.. මාලනී ෆොන්සේකාගේ ඇත්ත ජීවිතේට පොඩි හෝ සම්බන්ධයක් තියෙනවාද කියලත් හිතුනා.. ටිකක් වෙනස් මාතෘකාවක් ගැන ප්‍රසන්න විතානගේ අපූරුවට කථාව ගොඩනගලා තිබ්බා...

මී‍‍ට කලින් ජුලියා චිත්‍රපටියත් මං බලලා තිබ්බත් ඒක ගැන ලියන්න හිත අදිමදි කලා..
හැබැයි ගොඩක් අය ඒකේ අඩු පාඩු කිය කියා බැනලා තිබ්බාත් මට නම් ඒ තිර රචනේ අඩුපාඩු තිබ්බා මිසක් කැමරාකරණය, සංස්කරණය, රංගනය වැනි දේවල් සෑහෙන මට්ටමක තියෙන බව පෙනුනා..

ඒ වුනාට ආකාස කුසුම් ළඟින්වත් ජුලියා තියන්න බෑ... හැමෝම ආකාස කුසුම් බලන්න.. ලංකාවේ චිත්‍රපටි කලාවට ලෝකේ තැනක් තියෙයි කියලා දැන් දැන් දැනෙනවා වගේ...

6 අදහස්:

සඳුන් රත්නායක on August 25, 2009 12:32 AM said...

බලන්න තමා හිතාගෙන ඉන්නෙ
බලලම බලමුකෝ......

ushan on August 25, 2009 7:28 AM said...

අයියේ 18+ නෙවෙයිනේ (මොකද වඩාසුදුසු වැඩිහිටියන්ට කියල කියන්නෙ )එහෙම උනොත් මට බලන්න වෙන්නේ තව මාස 4 කින් එතකොට ඉතින්....ගිහින්

පොතේ ගුරා on August 25, 2009 8:57 AM said...

බලන්න ඕන ඉක්මනටම..ලංකාවෙ සිනමාවත් ඉදිරියට එනව දකින්න ගොඩක් ආසයි.. :)

malee_msg on August 25, 2009 10:25 AM said...

මමත් බැලුවා..:-)

කතන්දර කාරයා on August 25, 2009 6:46 PM said...

ෆිල්ම් එක හොඳයි. අධ්‍යක්‍ෂණය මරු. සංස්කරණය ටොප්. මියුසික් හොඳා. රඟපෑම් ඉහලයි. ඒත් කාස්ටින් අනා ගෙන.

සනධ්‍යා රානි ගෙ පොඩි කාලෙ පෙන්න්නෙ අවුරුදු විස්සකට් අඩු කෙල්ලෙක් ව බැඳල පොඩි ළමයෙකුත් හිටියට. පාවිච්චි කරන්නෙත් මාලිනී ෆොන්සේකා පුංචි බබා චිත්‍රපටිය කාලෙ ගත්තු ෆොටෝ. වර්තමානෙ සන්ධ්‍යා රානිට හැටක් විතර පේනව. ඇත්ත මාලනී ෆොන්සේකාටත් වැඩිය වයසයි. එහෙනම් ප්‍රියාට 40 ක් වෙන්න ඕනෑ. එච්චර වයස කෙනෙක් ව ක්ලබ් එකක ඩාන්ස් කරන්න ගනීද? පුළුවන් ද?

මාලනී ගෙ නංගිට කෞශල්‍යාව අරගත්තට නංගි කියල හිතෙන්නෙ නෑ. ඒක වහගන්න "මං නෙ පවුලෙන් ම කළු" කියල දෙබසකුත් දාල.

කතන්දර කාරයා

දුකා on September 8, 2009 3:49 PM said...

mama film eka balala iwara welaa ubai maai kata wunu ewa tikath daapanko meke comment ekak vidihata wath macho . . . !

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009