Saturday, March 13, 2010

සින්දු පවුල...




ඔන්න රජරට පුත්‍රයා කාලෙකින් තමයි සුපුරුදු බ්ලොග පැත්තේ ආවේ.. ජනවාරි 30 තමයි අවසානෙට ලිපියක් දාලා තියෙන්නේ... රාජකාරී බහුල වුන හින්දත් ඒ වැඩ වලට එහාට මෙහාට දුවන්න වුන හින්දත් තමයි ලිපියක් ලියා කියා ගන්න බැරිවුනේ.. වෙලාවක් තිබ්බත් මේ පැත්තේ එන්න හිතුනේ නෑ ඔළුව අවිවේකී වගේ හින්දා... ඊයෙයි අදයි ඔන්න ටිකක් උණ සෙම්ප්‍රතිශ්‍යාවත් හැදිලා ගිය සති දෙකේ වැඩිපුර මහන්සි වුන හින්දාද කොහෙද... ඒ වුනාට රජරට පුත්තරයාම ජයට කරගෙන යන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී බ්ලොගේ නම් ලිපි කීපයක් දැම්මා එහෙමෙහෙ යන එන ගමන්... හින්දි සින්දු ආස ඒ පැත්තෙත් ගොඩවෙලා යන්න කියලා ඉල්ලීමකුත් කර ඔන්න...

අද මේ කාලෙකින් ලිපියක් ලියන්න හිතුනේ අපේ පොඩි අක්කා මගෙන් ඉල්ලපු සින්දුවක් හින්දා... ඇත්තම කිව්වොත් අපේ ගෙදර ඉන්නේ ඔක්කොම සින්දු පිස්සෝ.. තාත්තාගෙන් පටන් ගත්ත ලෙඩේ පවුලේ බාලයා වෙච්චි මම දක්වා බරපතල විදිහට බෝ වෙලා තියෙන්නේ.. සිංහල සින්දු, හින්දි සින්දු, දෙමළ සින්දු, ඉංග්‍රීසි සින්දු ආදී එකී මෙකී නොකී සංගීතයේ සබ්බ සකල මනාවම මේ පිස්සුවේ අන්තර්ගත වෙලා තියෙනවා.. අපේ කට්ටිය ඉතින් ට්‍රිප් එකක් කාරිය ‍ගියොත් පිය-පුතු-දියණි සුසංයෝගයෙන් නියම බජව්වක් දානවා රම්පෙට පොරි හැලෙන්ඩ.. වාහනේ ඉන්න කස්ටියම සලිත වෙලා යනවා Zසිං ගාලා... :) හ්ම් හ්ම්.. ඇති ඇති පුරාජේරුව එහෙනං.. දැං බහිමුකෝ මාතෘකාවට..

ඕං ඉතිං අපේ අක්කා ඉල්ලපු සින්දුව තමයි වික්ටර් රත්නායකගේ ඔබේ වහලෙටත් උඩින් කියලා එකක්... එයා සින්දුව ඇහුවට එයාට හරියට පද නිච්චියක් නෑ.. ඒ වුනාට සින්දුවේ තේරුම බොක්කටම වැදිලා... ඉතින් කියෝනවා කියෝනවා කොහොමහරි හොයලා දෙන්න කියලා... මමත් උපරිම මීටරේ දාලා මතක් කොලා මතක් කොලා එන්නේ නෑ.. තාත්තාට ටිකක් අඬගහලා පද ටික කිව්වා... තාත්තා සින්දුවේ මැද ටික ගායනාම කරලා පෙන්නුවා.. (අපේ අපුච්චිගේ ප්‍රියතම ගායකයා වික්ටර් රත්නායක මහත්තයා) ඔන්න දැන් මටත් ටික ටික මීටර් වේගන ආවා... අක්කටත් ඉතින් හෙන හැපි... අල්ලගත්ත මුල වචන ටික... මෙන්න මෙහෙමයි සින්දුවේ මුල

"මගේ ගෙටත් උඩ.. ඔබේ ගෙටත් උඩ..
කැළුම් දිදුලවන.. සරා සුපුන් සඳ...
එක වහලක් යට.. එක‍ට දකින්නට..
පූරුවේ කල පින්.. මහිම කියන්නට...

ප්‍රියේ නුඹ... උප නූපන් ජාති හමුවේවා..."

හැබැයි ඔය අවසාන පද පේළිය නම් ගොඩක් අයට මතක ඇති...

ටිකක් පරණ සින්දුවක් ඉන්ෆො ලංකා එකේ මියුරු ගී වලට පින්සිද්ද වෙන්න හොයා ගත්තා.. අක්කා දහ පාරක් විතර දාගෙන ඇහුවා.. ගෙදර ඔක්කොම ලැප් එක වටේ ඉඳගෙන විචාර දෙන්න පටන් ගත්තා.. අද දවසට කොහොමහරි මේ සින්දුව විසි තිස් වතාවක් විතර ඇහුවා පැල් බැඳගෙන... සමහරු නම් අහලා ඇති... සමහරු අහලා නැතුව ඇති.. :) අහන්න ඕනේ අය මෙතනින් අහන්න පුළුවන්.. අහන්න ඕනේ නැති අයට එතනින් නොඅහා ඉන්න පුළුවන්... :P

මේ සින්දුවට ලස්සන විචාරයක් වෙනම බ්ලොග් ලිපියකින් ලියන්න ඕනේ වගේ... ඒක නිසා මේ සින්දුව ඕගොල්ලෝ අහලා තම තමන්ගේ විචාර එකතු කරගන්න... කවුරුහරි ලග තියෙනවා නම් මේ ගීතයේ ඔරිම ජිනල් එක අප්ලොඩ් කරලා අපිට බාගන්න විදිහක් හදලා දෙන්න.. තිස්ස අයියාට වැඩේ පුළුවන් නම් පින්.. අපේ දුකා අයියා මේ සින්දුවට ගොඩක් ආස ඇති අනිවාර්යයෙන්ම..

එහෙනං ඕං මං අදට ගියා... මගේ උණ සෙම්ප්‍රතිශ්‍යාව හොඳ වෙන්න කියලා කස්ටියම ප්‍රාර්ථනා කරන්ඩෝ... :D

7 අදහස්:

මුචලින්ද on March 14, 2010 7:07 AM said...

හිහ්හී..හොඳා හොඳා.ඉක්මනට සනීප වෙයන්!

ත‍රිඳු on March 14, 2010 7:24 AM said...

ගෙට් වෙල් සූන් වේවා.

දුකා on March 14, 2010 2:12 PM said...

ඔක්කෝටම කලින් මගේ පුංචි මල්ලියාට ඉක්මනට සනීප වෙන්න කියලා පතනවා.

ඔව් ඔය සිංදු පවුල හරිම ජොලිම ජොලි පවුලක් කියලා මටත් හිතුනා අර අපේ කස්ටියට දුම් විසිවෙන්න රස කෑම දුන්නු දවසේ වුනු කතාබහ වලින්. හැබැයි අප්පුච්චා නිහඬ චරිතයක් කියලයි මම හිතුවේ ඒත් එහෙම නෑ වගේ මේ කියලා තියෙන විදිහට. මාත් එක්ක නම් හොඳින් යාලු වුනා හැබැයි.

දුකා on March 14, 2010 2:15 PM said...

මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ...කැලුම් දිදුලවන සරා සුපුන් සඳ...
එක වහළක් යට එකට දකින්නට...පූරුවෙ කල පින් මහිම කියන්නට...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී... පැතූ පතුම් පෙල දැවී ගියාවූ...
ජීවිතයට ඔබ අලුතින් එක්වී...මා ජීවත් කර සතුට ගෙනාවූ...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කිළිටි මගේ අත ඔබට සුදූසු නැත...එබැවින් වෙනතක බැඳුනද කම් නැත...
එනමුඳු මෙලොවේ නැවත උපන් කළ...ඒ අත් භවයෙන් එළිය දකින්නට...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

උඹ කිව්ව වගේ මගේ ප්‍රියතම ගායකයාගේ මම ඉතාම ප්‍රිය කරන ගීතයක්
තිසා මේක ගැන ලියල තියෙනවා උඹ දැක්කේ නැතුව ඇති මලේ . .
මේ තියෙන්නේ ලින්ක් එක

http://hadageepotha.blogspot.com/2010/01/blog-post_5416.html

admin - on March 14, 2010 2:56 PM said...

හි.හි කාලකින් තමයි

මනුසත් on March 14, 2010 6:28 PM said...

හරිම සුන්දර පවුලක් වෙන්න ඇතො ඔයාලගේ පවුලේ.
සැප වේවා, සෙත් වේවා පවුලේ සැමට

හිත මිතුරු සුවඳ අපි on April 1, 2010 10:11 AM said...

කලෙකින් හමු නොවුනු ඔබගේ පැරණි මිතුරා, මිතුරිය යලිත් හමුවෙන්න ඔබ කැමතිද? ඔබ වෙනුවෙන් ඔහු හෝ ඇය සොයා සම්බන්ධ කර දෙන්න අප සූදානම්

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009