Wednesday, February 8, 2012

එකල දඹදිව ලව් ස්ටෝරි: කුස-පබා..







ඔන්න සෑහෙන සෑහෙන සෑ...හෙන කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනා.. පහුගියේ ටිකේ මගේ වාසදේසෙත් එහෙට මෙහෙට වුනා.. අන්තර්ජාලයට දෙයක් එකතු කලා නම් ඒ වැඩිපුරම කලේ ට්වීටරේට.. තව මෑතකදී ඉංග්‍රීසි භාෂාවෙන් බ්ලොග් එකක් ලියන්නත් පටන් ගත්තා..

ඉතින් පහුගිය සති අන්තේ අනුරාධපුරේ ගියපු වෙලේ ගෙදර අයත් එක්කගෙන ගියා “කුස-පබා“ බලන්න.. අනුරාධපුරේ සිනෙස්ටාර් හෝල් එකේ තමයි මේ චිත්‍රපටිය තිරගතවුනේ.. ආහ් තව කාරණයක් කියන්න අමතක වුනා.. දැන් සිනමාහල් තුනක් අනුරාධපුරේට තියෙනවා.. ඒ තමයි ඉස්සර කැලෑ විජේන්ද්‍රා කියපු හෝල් එක “නිව් විජේන්ද්‍රා“ නමිනුත් ඊ.ඒ.පී. මණ්ඩලයේ “සිනෙස්ටාර්“ හෝල් එකත් ලංකාවේ හොඳම සිනමාහල් 10ට අයිති වෙනවා කියන්න පුළුවන් වායුසමනය කල ඩීටීඑස් ශබ්ද තාක්ෂණය අඩංගු “විල්සිටි“ සිනමාහලත්..

කුස-පබා චිත්‍රපටිය මේ දවස් වල ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාහල් සියල්ලේම තිරගත වෙනවා.. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයකුත් තියනවා කියලයි ආරංචිය.. කොහොම වුනත් පහුගිය කාලේ බිහිවුන අබා, මහින්දාගමනය වගේ චිත්‍රපටි එක්ක සසඳලා බලද්දී සෑහෙන ප්‍රමිතියකට කුස-පබා නිෂ්පාදනය කරලා තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්..

මහින්දාගමනයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිරරචනයේ ඉඳලා අංග රචනය දක්වාම අවුල් ගොඩක් දැක්කා.. පසුතල නිර්මාණයේදී තමයි ඒ අඩුපාඩු සෑහෙන්න පෙනුනේ.. තෝරාගත් නළු නිළියන්, දෙබස් හා රංගනයෙත් පොඩි පොඩි අඩු පාඩු තිබ්බේ නැතුවම නෙමෙයි.. ඉතින් කුස-පබා එකේ තිර රචනය හා දෙබස් ඒ අතින් බලපුවාම විශිෂ්ඨයි කියන්න පුළුවන්.. අප අතරේ දැන් නැති ආචාර්ය තිස්ස අබේසේකර මහත්තයා තමයි මේ තිර රචනය කරලා තියෙන්නේ.. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඔහුගේ උපරිමයෙන් තමන්ගේ අධ්‍යක්ෂණ කාර්යභාර්යය මේ වගේ කථා තේමාවකට පණ දෙන්න යොදාගෙන තියෙනවා කියන්න පුළුවන්.. මොකද මේ කථාව ඉන්දියානු රාජවාංශික කථා තේමාවක් ගැන කියවෙන එකක් නිසා හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න අවශ්‍යයි..

විශේෂයෙන්ම රේණුකා බාලසූරිය මේ චිත්‍රපටියේ නිෂ්පාදන කාර්යය මනාවට කරලා තියෙනවා කියන්න පුළුවන්.. ඇඳුම් නිර්මාණය හා පසුතල නිර්මාණය ඒ අතරින් සුවිශේෂයි..

පොඩි පොඩි ගොන් පාට් ටිකක් මේ චිත්‍රපටියෙත් නැතුවාම නෙමෙයි.. එත් ඉතින් මම නම් හිත හදා ගත්තා මේ සිංහල සිනමාවනේ කියලා..

මම දැක්ක හොඳම කාරණේ තමයි මේකේ එන ලව් ස්ටෝරි එක.. හින්දි සිනමාවෙවත් මේ තරම් ලස්සන ස්ටෝරි නෑ මගේ හිතේ.. පන්සිය පනස් ජාතකේම ඉස්සරහට මේ වගේ ලව් ස්ටෝරි කරයිද දන්නේ නෑ.. ඊළඟට ගහනවා නම් හොඳම එක තමයි සඳ කිඳුරු ජාතකේ.. මරු ලව් ස්ටෝරි එකක් ඒකත් මේ වගේම.. ටයිටැනික්, කුච් කුච් හෝතා හේ කැලේ.. :P

Tuesday, November 16, 2010

ග්‍රැවිටි.. අතිශයින්ම ටුයිටර්කාරයන්ටම පමණයි... (Gravity)





මාස ගණනකින් ඔන්න අළුත් ලිපියක් පළකරන්න යන්නේ.. රාජකාරී අධික වීමත්, ඊටත් වඩා බ්ලොග් ලිපි ලිවීම කම්මැලි රාජකාරියක් වීමත් හේතු කරගෙන තමයි ලිපියක් දෙකක්වත් ලියා ගන්න බැරිවුනේ.. ඒත් මගේ පැරණි හින්දි ගී බ්ලොග් එකට නම් ලිපි කීපයක් එකතු කරන්න වෙලාව කලාව ආශාව තිබුනා..

හරි.. අපි දැන් මාතෘකාවට එමු.. Twitter එක එහෙමත් නැත්තම් ක්ෂුද්‍ර බ්ලොග්කරණයේ ජනප්‍රියතම නැවතුම.. සයිබර් ජනතාවගේ Facebook වලින් මීළඟ පිම්ම.. වගේ කිව්වොත් හරි.. අද වෙන කොට Twitter කියන සමාජ ජාලය නොදන්න කෙනෙක් නෑ මම හිතන්නේ.. අකුරු 140කට කොටු කරලා තියෙන Twitter ජාලය බොහොම සරළයි.. Facebook වගේ සංකීර්ණ ගතියක් දැනෙන්නේ නෑ.. ආකර්ශනීයයි.. නිදහස උපරිමයි.. පුද්ගලිකත්වය උපරිමයි.. ප්‍රයෝජන උපරිමයි..

ඉතින් මේ Twitter එක ජංගම දුරකථනයෙන් පාවිච්චි කරද්දී අපිට පොඩි මෘදුකාංගයක් තිබු‍නොත් පහසුයි.. නොකියා වර්ගයේ ජංගම දුරකථනයක් තියෙනවා නම් වඩාත් සුදුසු ‍මෘදුකාංගය ගැන කියන්න තමයි මේ යන්නේ.. ඒ තමයි "ග්‍රැවිටි" ! අමු සිංහලෙන් කිව්වොත් "ගුරුත්වාකර්ශණය" තමයි නමේ තේරුම.. :) Twitter, Facebook, Foursquare යන සමාජ ජාල වලට සම්බන්ධ වෙන්න පහසු මෘදුකාංගයක්.. ඒත් S60 කාණ්ඩයේ S60v3, S60v5 සහ Symbian^3 කියන අනු කාණ්ඩ ය‍ටතේ තියෙන ජංගම දුරකථන එක්ක විතරයි මේ මෘදුකාංගය වැඩ කරන්නේ.. ඒ අනු කාණ්ඩ වලට අයත් වෙන දුරකථන මාදිලි දැන ගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න..

මුලින් සඳහන් කරපු සමාජ ජාලා වලින් වැඩිපුරම Twitter වලට සම්බන්ධ වෙන්න තමයි Gravity වඩාත් ගැලපෙන්නේ.. පහලින් තියෙන්නේ ගත්ත Screenshots කීපයක්..



මම පාවිච්චි කරන්නේ Nokia 5800 XpressMusic වර්ගයේ ජංගම දුරකථනයක්.. Gravity 1.30 (build 6501) කියන version එක තමයි මම පාවිච්චි කරන්නේ.. දැනට තියෙන Twitter වලට සම්බන්ධ විය හැකි මෘදුකාංග වලින් හොඳම එක විදිහට බය නැතිව අනුමත කරන්න පුළුවන් Gravity !

twitter account කීපයක් එක විට විවෘත කර තබාගැනීමත්, දැකුම්කලු වීමත්, පින්තූර ක්ෂණිකව අප්ලොඩ් කිරීමට හැකිවීමත්, Foursquare භාවිතා කිරීමට හැකිවීමත්, සැහැල්ලු වීමත් මේ මෘදුකාංගයේ සුවිශේෂී අංග ලෙස සඳහන් කරන්න පුළුවන්..

දැනට මේ මෘදුකාංගය මිළදී ගතයුතු එකක් විදිහටයි තියෙන්නේ.. රුපියල් 1000/-කට අඩු මුදලකට මිළට ගන්න පුළුවන් මේ වෙබ් අඩවියෙන්.. ජැනෝලේ කියලා ජර්මන් ජාතිකයෙක් තමයි නිර්මාතෘ.. ඒ වගේම 2009 අවුරුද්දේ හොඳම දුරකථන මෘදුකාංගය විදිහට සම්මානයකුත් ලැබුනා නොකියා මගින්..

නොකියා ජංගම දුරකථනයක්, Twitter ගිණුමක්, තියෙනවා නම් පාවිච්චි කරලා බලන්න අමතක කරන්න එපා...

ප.ලි. : කැමති අයට මෙතනින් ක්‍රැක් කරපු එක බාගන්න පුළුවන්.. මොනවාහරි ප්‍රශ්ණයක් තියෙනවා නම් අහන්නත් පුළුවන්..

Monday, April 12, 2010

ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...




මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ...කැලුම් දිදුලවන සරා සුපුන් සඳ...
එක වහළක් යට එකට දකින්නට...පූරුවෙ කල පින් මහිම කියන්නට...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී... පැතූ පැතුම් පෙල දැවී ගියාවූ...
ජීවිතයට ඔබ අලුතින් එක්වී...මා ජීවත් කර සතුට ගෙනාවූ...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කිළිටි මගේ අත ඔබට සුදූසු නැත...එබැවින් වෙනතක බැඳුනද කම් නැත...
එනමුඳු මෙලොවේ නැවත උපන් කළ...ඒ අත් භවයෙන් එළිය දකින්නට...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

මෙන්න මෙතනින් අහන්න පුළුවන්.. තිස්සායියාගෙන් ඉස්සුවේ.. ;)



පහුගිය ලිපියෙන් පොරොන්දු වුන විදිහට මේ ගීතය ගැන මගේ අදහස ලියන්න පොඩි නිවාඩුවක් හම්බුනා.. අපේ තිස්සායියා එයාගේ හදගීපොතේ මේ ගීතය ගැන ලිපියක් ලියලා ‍තියෙනවා කියලා දුකායියා මට කිව්වා.. ඒත් වෙනදා වගේ විදග්ග විචාරයක් නම් ලියන්න අමතක වෙලා අයියණ්ඩිට.. ;)

මේ ගීතය ගායනා කරන්නේ වික්ටර් රත්නායක මහත්තයා.. මියුරු අර්ථවත් පද රචනාව ප්‍රේමකීර්ති ද අල්විස්ගෙන්.. සංගීතය නම් කාගෙද කියලා දන්නේ නෑ.. :(

ඉතින් මට මේ ගීතය මගේ බොකු නහර පෙණහැලි අක්මා පිත්තාශ උණ්ඩුක පුච්ච කියන හැම එකටම වැදුන නිසා පොඩි පහේ රසවින්දනයක් කරන්න ඕනේ කියලා හිතුනා.. අපේ ලොකු අක්කාත් පොඩි අක්කාත් මේ ගීතයට හරි ආසයි.. ඉතින් ඒ දෙන්නාගේ විචාරත් මේකට එකතු කරගත්තා..


මම දකින විදිහට මං මේ ගීතයට කථාව ගොඩ නගන්නම්..

එක්තරා තරුණයෙක් ඉන්නවා "පැතුම්" කියලා, අවුරුදු 27-34 ත් අතර වයස් සීමාවක පසුවෙන.. මේ මනුස්සයා ජීවිතේ යම් තරමක් දුරට විනාස කරගත්ත පුද්ගලයෙක්.. හැබැයි ‍ඒ පැතුම්ගෙම වරදින්ම නෙවෙයි.. හ්ම්.. ඒක ටිකක් විතර දිග කථාවක්..

පැතුම්ට දැනට අවුරුදු 4කට 5කට විතර කලින් "කාමිනී" කියලා ගෑණු ළමයෙක් හම්බෙනවා.. පැතුම්ගේ ප්‍රථම ප්‍රේමය වෙන්නේ මේ "කාමිනී".. පැතුම්ගේ ජීවිතය කාමිනීත් එක්ක ගමන් අරඹනවා.. පැතුම්ටත් අනික් තරුණයන්ට වගේම පැතුම් කන්දරාවක් තියෙනවා.. ඒ හැම එකක්ම පුළුවන් මට්ටමින් කාමිනීත් එක්ක එකතුවෙලා ළඟාකරගන්න තමයි පැතුම්ගේ සූදානම.. කාලය ගත වෙනවා.. දින සති මාස ගණන්.. කාමිනී ගැන නොදැන ගෙන හිටපු කරුණු කාරණා පැතුම්ගේ කණට වැටෙනවා.. පැතුම්ගේ පැතුම් කන්ද ටික ටික ක්ෂය වේගෙන යන්න දැන් සූදානම.. කාමිනී කියන්නේ පිරිසිදු චරිතයක් තියෙන ගෑණු ළමයෙක් නෙමෙයි කියන එක දැන ගන්නවා.. පැතුම් එක්ක පැතුම් ගොඩ ගහන ගමන් තවත් අය එක්ක පැතුම් විඳින බව අපේ කථා නායක තරුණයට ඇස් දෙකින්ම දකින්න ලැබෙනවා.. එකින් එක සිහින බොඳ වෙන්න පටන් ගනිද්දී ජීවිතේට අරුතක් නැති වෙනවා.. මෙන්න මේ කාරණේ ගීතයේ මෙන්න මේ පද පෙළින් කියවෙනවා..

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී... පැතූ පැතුම් පෙල දැවී ගියාවූ...

කපුරු පෙති පුලුස්සලා දාපුවාම අළුවත් රැඳෙන්නේ නෑ.. ඒ වගේ පැතුම් පැතූ පැතුම් පෙලත් දැවී යනවා කිසිම නශ්ඨාවශේෂයක් ඉතුරු නොකරම.. සුරාවට සුදූවට ව‍ගේම සල්ලාල කමට පැතුම් ටික ටික හුරු වෙනවා.. කාමිනී ගැන තියාගෙන හිටපු බලාපොරොත්තු සුන් වෙලා මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා.. අතේ තියෙන තුට්ටු දෙක නැති වෙනකම් වියදම් කරන ජීවිතේකට හුරුවෙනවා..

මෙහෙම කාලය ගතවෙද්දී පැතුම්ට මුණ ගැහෙනවා ප්‍රාර්ථනා කියලා ගෑණු ළමයෙක්.. ආත්ම ගානක් පෙරුම් පුරාගෙන ආපු කෙනෙක් විදිහට තමයි පැතුම්ට දැනෙන්නේ.. තමන්ගේ අතීතය හංගාගෙන ප්‍රාර්ථනා එක්ක ආදර සම්බන්ධයක් ගොඩනගා ගන්න දිරියක් පැතුම්ට දැනෙනවා.. පැතුම්ගේ නරක පුරුදු මග හැරගන්නත් මේ සම්බන්ධය සෑහෙන උදව්වක්.. ආයෙත් සිහින මාළිගා හැදුවේ නැතිවුනාට රටට වැඩක් ඇති මිනිහෙක් කරවන්න ප්‍රාර්ථනාට පුළුවන් වුනා.. මෙන්න මේ කාරණා ටික මෙන්න මේ පෙළෙන් කියවෙනවා..

ජීවිතයට ඔබ අලුතින් එක්වී...මා ජීවත් කර සතුට ගෙනාවූ...

ටිකෙන් ටික කාලය ගතවෙද්දී පැතුම්ගේ පරණ පුරුදු ගැන ප්‍රාර්ථනාට දැන ගන්න ලැබෙනවා.. ප්‍රාර්ථනාට මේවා ප්‍රශ්ණ නොවුනට එයාගේ දෙමාපියන්ට මේක ලොකු ප්‍රශ්ණයක් වෙනවා.. ඒ නිසා ප්‍රාර්ථනාව වෙනත් කෙනෙකුට විවාහ කරදෙන්න දෙමව්පියෝ සූදානම් වෙද්දී පැතුම් අමාරුවෙන් හිත හදාගෙන මෙන්න මෙහෙම කියනවා..

කිළිටි මගේ අත ඔබට සුදූසු නැත...එබැවින් වෙනතක බැඳුනද කම් නැත...

නමුත් සුනු විසුනු වෙලා ගිය ජීවිතේ කැබලි ටික එකින් එක එකතු කරලා ආපහු හදාගන්න උදව් කරපු කෙල්ලව ලේසියෙන් අමතක කරන්න පුළුවන් කමක් පැතුම්ට නෑ.. මේ ආත්මයේදි ප්‍රාර්ථනාව හිමි කරගන්න බැරි වුනාට ලබන ආත්මයකදිවත් ලබාගන්න පෙරුම් පුරන්න තරම් ආදරයක් පැතුම්ගේ හිතේ පිරිලා තිබුනා..

එනමුඳු මෙලොවේ නැවත උපන් කළ...ඒ අත් භවයෙන් එළිය දකින්නට...

දුර ඉන්න ප්‍රාර්ථනාගේ ගෙට උඩිනුත් මෑත ඉන්න පැතුම්ගේ ගෙට උඩිනුත් පුර පෝයට පායන පුන්සඳ දෙන්නම එක වහලක් යට ඉඳලා එක දවසක දකින්න තරම් පූරුවේ පින් කරලා තියෙන බව කියන්නට...
ප්‍රාර්ථනා... නුඹ මගේම වෙලා ජාති ජාතීත් හමුවේවා..

මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ...කැලුම් දිදුලවන සරා සුපුන් සඳ... එක වහළක් යට එකට දකින්නට...පූරුවෙ කල පින් මහිම කියන්නට... ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...


Saturday, March 13, 2010

සින්දු පවුල...




ඔන්න රජරට පුත්‍රයා කාලෙකින් තමයි සුපුරුදු බ්ලොග පැත්තේ ආවේ.. ජනවාරි 30 තමයි අවසානෙට ලිපියක් දාලා තියෙන්නේ... රාජකාරී බහුල වුන හින්දත් ඒ වැඩ වලට එහාට මෙහාට දුවන්න වුන හින්දත් තමයි ලිපියක් ලියා කියා ගන්න බැරිවුනේ.. වෙලාවක් තිබ්බත් මේ පැත්තේ එන්න හිතුනේ නෑ ඔළුව අවිවේකී වගේ හින්දා... ඊයෙයි අදයි ඔන්න ටිකක් උණ සෙම්ප්‍රතිශ්‍යාවත් හැදිලා ගිය සති දෙකේ වැඩිපුර මහන්සි වුන හින්දාද කොහෙද... ඒ වුනාට රජරට පුත්තරයාම ජයට කරගෙන යන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී බ්ලොගේ නම් ලිපි කීපයක් දැම්මා එහෙමෙහෙ යන එන ගමන්... හින්දි සින්දු ආස ඒ පැත්තෙත් ගොඩවෙලා යන්න කියලා ඉල්ලීමකුත් කර ඔන්න...

අද මේ කාලෙකින් ලිපියක් ලියන්න හිතුනේ අපේ පොඩි අක්කා මගෙන් ඉල්ලපු සින්දුවක් හින්දා... ඇත්තම කිව්වොත් අපේ ගෙදර ඉන්නේ ඔක්කොම සින්දු පිස්සෝ.. තාත්තාගෙන් පටන් ගත්ත ලෙඩේ පවුලේ බාලයා වෙච්චි මම දක්වා බරපතල විදිහට බෝ වෙලා තියෙන්නේ.. සිංහල සින්දු, හින්දි සින්දු, දෙමළ සින්දු, ඉංග්‍රීසි සින්දු ආදී එකී මෙකී නොකී සංගීතයේ සබ්බ සකල මනාවම මේ පිස්සුවේ අන්තර්ගත වෙලා තියෙනවා.. අපේ කට්ටිය ඉතින් ට්‍රිප් එකක් කාරිය ‍ගියොත් පිය-පුතු-දියණි සුසංයෝගයෙන් නියම බජව්වක් දානවා රම්පෙට පොරි හැලෙන්ඩ.. වාහනේ ඉන්න කස්ටියම සලිත වෙලා යනවා Zසිං ගාලා... :) හ්ම් හ්ම්.. ඇති ඇති පුරාජේරුව එහෙනං.. දැං බහිමුකෝ මාතෘකාවට..

ඕං ඉතිං අපේ අක්කා ඉල්ලපු සින්දුව තමයි වික්ටර් රත්නායකගේ ඔබේ වහලෙටත් උඩින් කියලා එකක්... එයා සින්දුව ඇහුවට එයාට හරියට පද නිච්චියක් නෑ.. ඒ වුනාට සින්දුවේ තේරුම බොක්කටම වැදිලා... ඉතින් කියෝනවා කියෝනවා කොහොමහරි හොයලා දෙන්න කියලා... මමත් උපරිම මීටරේ දාලා මතක් කොලා මතක් කොලා එන්නේ නෑ.. තාත්තාට ටිකක් අඬගහලා පද ටික කිව්වා... තාත්තා සින්දුවේ මැද ටික ගායනාම කරලා පෙන්නුවා.. (අපේ අපුච්චිගේ ප්‍රියතම ගායකයා වික්ටර් රත්නායක මහත්තයා) ඔන්න දැන් මටත් ටික ටික මීටර් වේගන ආවා... අක්කටත් ඉතින් හෙන හැපි... අල්ලගත්ත මුල වචන ටික... මෙන්න මෙහෙමයි සින්දුවේ මුල

"මගේ ගෙටත් උඩ.. ඔබේ ගෙටත් උඩ..
කැළුම් දිදුලවන.. සරා සුපුන් සඳ...
එක වහලක් යට.. එක‍ට දකින්නට..
පූරුවේ කල පින්.. මහිම කියන්නට...

ප්‍රියේ නුඹ... උප නූපන් ජාති හමුවේවා..."

හැබැයි ඔය අවසාන පද පේළිය නම් ගොඩක් අයට මතක ඇති...

ටිකක් පරණ සින්දුවක් ඉන්ෆො ලංකා එකේ මියුරු ගී වලට පින්සිද්ද වෙන්න හොයා ගත්තා.. අක්කා දහ පාරක් විතර දාගෙන ඇහුවා.. ගෙදර ඔක්කොම ලැප් එක වටේ ඉඳගෙන විචාර දෙන්න පටන් ගත්තා.. අද දවසට කොහොමහරි මේ සින්දුව විසි තිස් වතාවක් විතර ඇහුවා පැල් බැඳගෙන... සමහරු නම් අහලා ඇති... සමහරු අහලා නැතුව ඇති.. :) අහන්න ඕනේ අය මෙතනින් අහන්න පුළුවන්.. අහන්න ඕනේ නැති අයට එතනින් නොඅහා ඉන්න පුළුවන්... :P

මේ සින්දුවට ලස්සන විචාරයක් වෙනම බ්ලොග් ලිපියකින් ලියන්න ඕනේ වගේ... ඒක නිසා මේ සින්දුව ඕගොල්ලෝ අහලා තම තමන්ගේ විචාර එකතු කරගන්න... කවුරුහරි ලග තියෙනවා නම් මේ ගීතයේ ඔරිම ජිනල් එක අප්ලොඩ් කරලා අපිට බාගන්න විදිහක් හදලා දෙන්න.. තිස්ස අයියාට වැඩේ පුළුවන් නම් පින්.. අපේ දුකා අයියා මේ සින්දුවට ගොඩක් ආස ඇති අනිවාර්යයෙන්ම..

එහෙනං ඕං මං අදට ගියා... මගේ උණ සෙම්ප්‍රතිශ්‍යාව හොඳ වෙන්න කියලා කස්ටියම ප්‍රාර්ථනා කරන්ඩෝ... :D
 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009