Saturday, January 2, 2010

මඩකලපුවට ගිය දෙවනි ගමන...


ඔන්න ඉතින් මුලින්ම සියළුම සිංහල බ්ලොග්කරුවන් ඇතුළු රජරට පුත්‍රයාගේ බ්ලොග කියවන සියළු දෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

මේ අවුරුද්දේ ලියන පළමුවෙනි බ්ලොග් ලිපිය තමයි මේ.. කියන්න දේවල් නම් ගොඩායි.. පහුගිය දවස් වල සෑහෙන දේවල් ගොඩක් නම් කලා.. ඒ ගමන් මඩකලපුව පැත්තට ජයග්‍රාහී දෙවන වතාවටත් යන්න අවස්ථාවත් ලැබුනා... (පළමු ගමනේ ලිපිය) ඒ වගේම රාජකාරී වැඩ වලට ඉස්සරහට දිගටම ඒ පැත්තේ කරක් ගහන්නත් වෙනවා... අපේ මධුරංග අයියත් ඒ පැත්තේ ඒ දවස් වල ගියා කියලත් ආරංචි වුනා.. ඒත් එතකොට පරක්කු වැඩි.. කොහොමහරි අපි දෙන්නට මේ පාරත් මුණගැහෙන්න බැරි වුනා..


26 වෙනිදා පොලොන්නරුව මාමිණියා වැව ළගින් යද්දී...


හ්ම්.. හරි.. එහෙනං මුලක ඉඳලා පටන් ගමුකෝ... මඩකලපුවේ දවස් තුනක රාජකාරී ගමනකට ගියේ.. ආහ් කවුරුවත් දන්නවද "මොණරතැන්න" කොහෙද තියෙන්නේ කියලා? ඔය කට්ටිය කථාවට කියන්නේ අපි නොදන්න මොණරතැන්න කියලා.. ඒ වුනාට ගොඩක් අය දන්නේ නෑනේ.. මට ගියපාර කියන්න බැරි වුනා.. මේ "මොණරතැන්න" කියන ගම තියෙන්නේ වැලිකන්ද පහුකරලා යනකොට.. පොඩි ගමක්.. පොලොන්නරුව-මඩකලපුව ප්‍රධාන පාරේ යනකොට ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා හැරෙන්න.. ඔන්න ඒ පැත්තේ ගියපු වෙලාවක බලන්න මතක් කරලා.. ඔන්න ඉතින් මං යන්න කලින් දවස් වල ඒ පැත්තට බරටම වැහැලා... වතුර ටික ටික බැහැගෙන යනවා.. වාකරේ හන්දියට යනකං පාර අති විශිෂ්ඨයි... එතනිං එහාට තමයි ප්‍රශ්ණේ.. පොලොන්නරුවේ ඉඳන් වාකරේ හන්දියට තියෙන කිලෝ මීටර් 68ත් හරි එතන ඉඳං මඩකලපුව ටවුන් එකට තියෙන කිලෝ මීටර් 39ත් හරි.. හැබැයි ඉක්මන්ටම ඒ ටිකත් හදයි.. මේ හිටපු දවස් තුනේම මගේ ප්‍රියතම කෑමක් වන ඉස්සෝ හැම වේලටම කන්න ලැබුනා.. අපේ බොස් පවා දන්නවා මං සී ෆුඩ්ස් වලට ආසයි කියලා.. ඉස්සෝ දැල්ලෝ කකුළුවෝ තමයි ඉතිං ! ගියපාර නැගෙනහිර ගියපු වෙලාවේ දාපු බ්ලොග් ලිපියේ මේවා කියන්න බැරි වුනානේ..

අම්පාර දිස්ත්‍රික්කය පැත්තටත් පොඩ්ඩක් විතර ගියා.. කල්මුනේ, අක්කරෛපත්තු පාරේ ඔළුවිල් නගරය හරියට යනකම් විතර ගියා.. ලස්සනේ බෑ පාර දෙපැත්තේ ඔක්කොම කුඹුරු වගා කරලා.. පේන තෙක් මානෙට බණ්ඩි ගොයම.. කොළම කොළ පාටයි... හරිම සරුවට හැදිලා.. අවුරුදු ගාණකින් තමයි මේ වගා කරන්න පටන් අරං තියෙන්නේ.. යුද්දේ ඉවර වුනාට පස්සේ මහපොළවටත් පණ ඇවිල්ලා වගේ පේන්නේ...






නැගෙනහිර වැඩ ටික ඉවර කරලා ආපහු ගෙදර එන්න එද්දී මාර වැඩක් වුනා.. මනම්පිටිය පාර යට වෙලා.. පරාක්‍රම සමුද්‍රය වාන් දාන්න පටන් අරං.. කිලෝ මීටරයක් විතර දුරට අඩියක් දෙකක් විතර වතුරෙන් යට වෙලා ගහගෙන යනවා වේගෙන්.. පාරත් බ්ලොක් වෙලා.. සමහර වාහන වලට යන්නත් බෑ.. අපේ වාහනේ දිය ‍ගොඩ දෙකේම හොඳින් වැඩ කියලා මේ පාරත් පෙන්නුවා ඒ වතුර පාර දෙබෑ කරන් ගියාට පස්සේ... මං නං ‍ටිකක් විතර බය වුනා ඒ වෙලාවේ... ඒ එන මගදී පොළොන්නරුවෙන් වැව් කරවල දුමේ වේලපුවාත් ගත්තා.. මාර රහයි.. හැබැයි ටිකක් විතර ගනං..

ඔන්න ඉතින් නැගෙනහිර රාජකාරී ටික ඉවර කරලා ආපහු ගෙදර ආවේ 28 වෙනිදා රෑ.. තව විස්තර ඊළඟ ලිපියට දාන්නම් හො‍ඳේ..

5 අදහස්:

ඉන්දරේ on January 3, 2010 7:30 AM said...

අඩේ උඹේ ජොබ මාර ආතල්නේ.... උඹ රටේ ලෝකෙ වටේ රවුං යන එකමනේ කරන්නේ :)

Udara || උදාර මදුෂංක on January 3, 2010 10:45 AM said...

හ්ම්.. වෙලාවකට ආතල් නම් තමයි.. ඒ වුනාට මං කන කටු දන්නේ මමම තමයි බං.. නිදහසක් නෑ සමහර වෙලාවට.. ඒ අස්සේ තමයි මේවාත් කරන්නේ.. හැබැයි කාටවත් කියන්න එපා හො‍ඳේ ? :)

Supun Budhajeewa on January 3, 2010 4:24 PM said...

ආතල් ජීවිතේකට සිරා ජොබ් එකක් වගේ කරන්නේ. කටු නං ඉතිං කොහෙ ගියත් කන්න වෙන එකේ, රටේ ලෝකෙ ඇවිදිනගමං කටු කන්න ලැබීම හොඳක්.

malee_msg on January 3, 2010 8:24 PM said...

ම‍ටත් ඔය ඔෆිස් එකෙන් ජොබ් කෑල්ලක් සෙට් කරලා දෙනවකෝ..!!

Supun Budhajeewa on January 3, 2010 8:26 PM said...

@malee_mg: සිරා අදහස!
@Udara: බැරි වෙයිද අපටත් ජොබක් සෙට් කරගන්න? මට නං දැම්ම ඕන නෑ, 2011 විබාගෙ පේල් උනාම එන්න තිබ්බම ඇති! :)

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009