Monday, January 18, 2010

මාස්ටර් සර්... (SF Version)


http://img689.imageshack.us/img689/6233/election2010.jpg

මට අද ටිකක් දුක හිතුන දවසක්.. ඒකට හේතුව මේ දවස් වල තියෙන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා... මේවා යන එන හැම‍තැනම අහන්න දකින්න තියෙන සාමාන්‍ය දෙයක් වෙලා.. අදත් මඩකලපුවේ ගිහින් ආවා විතරයි, මෙන්න බොලේ අක්කරෛපත්තුවේ දෙපක්ෂයේ කට්ටිය ගහගෙනලු.. ඒ අස්සේ පිල්ලෙයාන්ගේ පිස්තෝලෙත් පත්තු වෙලාලු.. මාරයි ඈ.. ඒ මදිවට පුත්තලමේ මදුරන්කුලියේ චන්ද ෆයිට් එකක් ගිහින් ඔන්න තවත් බිල්ලක් අරංලු.. තවත් මදිවට අපේ ගම් පැත්තේ යූඇන්පියෙයි සාන්ධානෙයි දෙගොල්ලෝ ගහගෙනලු.. මට අනේ අපොයි ගෑවුනා නිකම්ම... ආයෙත් අර ඉස්සර චන්ද ක්‍රමේ එන්ඩද හදන්නේ කියලත් හිතෙනවා.. අර ඇඳිරි නීති සංස්කෘති ක්‍රමේ.. කට්ටියට මතකද දන්නේ නෑ.. මං නම් පොඩි කාලේ හරි ආසයි ඇඳිරි නීතිය දානවට.. මොකද දවසම ඊට පස්සේ ටීවී එකේ එක එක බයිස්කෝප් නන්ස්ටොප් පෙන්නනවා නොවැ.. :) රේඩියෝ එකේ ටීවී එකේ ඇඳිරි නීතිය දාන වෙලාව කියනකං බලං ඉන්නේ.. පොඩි කාලේ තේරෙන්නේ නෑනේ ඉතින්..

හා ඒ කථාව ඇති අපි දැන් මාතෘකාවට එමුකෝ.. අද මං මඩකලපුවේ ඉඳලා එන ගමන් "මාස්ටර් සර්" ගීතයේ භාතිය සංතුෂ්ලාගේ නව රිද්මයේ පිටපත අළුත් අයිපොඩ් එකෙන් අහඅහා ආවා.. (අයිපොඩ් එක ගැන බ්ලොග් එකක් වෙනම ලියන්නම් හොඳේ?) එතකොට ඉතින් වටේ පිටේ තියෙන චන්ද පෝස්ටර් කෑලිත් දැක්කා... මට ඉතින් මතක් වුනේ සරත් ෆොන්සේකා මහත්තයාව.. කොහොම හිටපු මනුස්සයෙක්ද ඈ ?? මේ සින්දුව නම් නියමෙට ගැලපෙනවා සරත් මහත්තයා 26 වෙනිදා දිනුවත් පැරදුනත්... මට පුදුමේ කාටවත් මේක මතක් නොවිච්ච එක... මේ සින්දුවේ ලස්සනම කෑල්ල තමයි ඔන්න ඔය පල්ලෙහායින් තියෙන්නේ...

"අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ..
නිම වෙන්නට කල් ගත වෙයිදෝ ??
අනේ සර් අපි මිතුරන් වෙයි‍දෝ ??
එදා දවස උදා වේවිදෝ ?? "

ඇත්තටම මේ දෙන්න‍ගේ තියෙන්නේ ක‍ඹ ඇදිල්ලේ තරඟයක් නෙමෙයිද? මේ හොඳට හිටිය මිනිහගේ ඔළුවට අර හිකනල්ලු ටිකක් විෂබීජ දාලා නරක් කරා නොවැ... මේ තරඟෙ නිම වෙන්නට තව තියෙන්නේ නං දවස් 08යි... ඒත් මේ දෙන්නා ආයෙත් මිතුරෝ වෙයිද ?? ඒත් ඒ දවස කවදා උදා වෙයිද ???

අන්න ඒ දවස එනකම් තමයි අපිත් ඔන්න බලාගෙන ඉන්නේ... සමහර විට එදාට තමයි රට ආයෙත් එකමුතු වුනා කියලා කියන්න පුළුවන් වෙන්නේ...



ප.ලි : මේ බ්ලොග් ලිපිය ලියූ මා මහින්ද රාජපක්ෂ මහා රාජෝත්තමයාන්නට හෝ හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයාට (මල්ලක් හෝ ගෝනියක් රැගෙන) කඩේ යන්නෙක් නොවන බව කරුණාවෙන් සළකන්න...

8 අදහස්:

änthräX on January 18, 2010 1:42 AM said...

කියල වැඩක් නෑ, පට්ට නිර්මාණශීලීත්වයක් බං උබට තියෙන්නෙ..

රවා on January 18, 2010 3:11 AM said...

apitath dukayi... yahaluwaa.. me widhiyata modayo maraa ganna eka gaena... kawadaa hari me wath iwara weyi kiyalaa balaaporoththuwa idhimu

~බිன்ku~ on January 18, 2010 3:21 AM said...

සරත්ට කියලා නෑ මහින්දටත් පොදුයි, දෙන්නම වලේ බැහැලා ගහමරා ගන්නවා. දෙන්නගේම ඒ ග්‍රෝතීක අදහස් නැති කරගෙන, දෙන්නගේ වැරදි හදාගෙන හිටියා නම් එච්චරයි. අනිත් පක්ෂ වුණත් ඒකම තමා!

indik on January 18, 2010 3:58 AM said...

හොඳ අදහසක්...

තමීර on January 18, 2010 2:35 PM said...

නියමයි. මේක ඒ දෙන්නම ඉන්න වෙලාවක කියවන්න තියෙනම්...

Chrishi on January 18, 2010 2:45 PM said...

හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා නෙවේ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා

malee_msg on January 18, 2010 6:19 PM said...

ඇත්තටම මේ දෙන්නා එකට හිටියා නම් කොයි තරම් හොදද.. දැන් දෙපැත්තට වෙලා දෙන්න මඩ ගහගන්නවා.. හෙන්චයියෝ ගුටි ගහගන්නවා..

Champike Rathnayake on January 19, 2010 10:16 AM said...

මුගෙ ලැජ්ජ නහරෙ නෑනෙ.මොනා උනත් කමක් නෑ මරා ගන්නෙ නැතුව.මේ මාසෙ ඉවර වෙනකොට කීදෙනෙක් ඉවර වෙලා තියෙයිද දන්නෙ නෑ.

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009