Sunday, January 3, 2010

අළුත් අවුරුද්දයි.. අළුත් ලැප්ටොප් එකයි.. අළුත් කැමරාවයි..


අළුත් අවුරුද්දක්... අළුත් ලැප්ටොප් එකක්... අළුත් මෙහෙයුම් පද්ධතියක්... අළුත් ඩිජිටල් කැමරාවක්.. එක්ක අළුත් වුන පරණ මං..



මඩකලපුවට ගිහිං ඇවිත් දවසකට පස්සේ ඔන්න මං කොළොම්පුරයට ආවා බඩු වගයක් ගන්න.. බඩු කිව්වේ ලැප්ටොප් එකකුයි ඩිජිටල් කැමරාවකුයි ගන්න.. මගේ පුද්ගලික වියදමට නෙමෙයි, ඔෆිස් එකේ වැඩකටයුතු වලට ඔෆිස් එකේ වියදමට.. ඒ වුනාට මගේ රාජකාරී වැඩ වලට පාවිච්චියට තමයි මේක ගත්තේ.. මගේ පරණ පුද්ගලික ලැප රාජකාරී වැඩම කරලා ලෙඩ වුනා.. ඒත් ඒක කොහොම කොහම හරි හදා ගත්තා.. ඒකේ කතන්දරේ වෙනම ලිපියක් ලියන්න වටින කථාවක්.. පස්සේ දාන්නම්..

ඔන්න මං සති ගානක් බලලා බලලා හිත ගියේ ඒසර් ලැප්ටොප් එකකට... ගානත් පහසුයි... අවශ්‍ය සියළුම අංගෝපාංග වලින් පරිපූර්ණ වෙලා තියෙන හින්දා දුක නැතුව ගත්තා.. මේ ලැප්ටොප් එකේ විස්තර මෙන්න මෙහෙමයි..



Acer Aspire 5738

Intel Core 2 Duo 2.2Ghz
Intel GMA 4500MHD VGA
15.6" HD LCD
2GB RAM
320 GB HDD
DVD Super Multi DL Drive
802.11b/g/n wireless
Crystal Eye Webcam
Bluetooth 2.1+EDR
Fingerprint reader
Card Reader
4 USB Ports

මේ ලැප් එකට රුපියල් 89,900ක් වුනා.. මෙට්‍රෝපොලිටන් එකෙන් තමයි ගත්තේ.. අවුරුද්දක ජාත්‍යාන්තර වගකීමක් තියෙනවා.. නොමිලේ Kaspersky Internet Security 2010 හම්බුනා... වෙනමම තමයි මෙහෙයුම් පද්ධතිය ගත්තේ... හැමදාම හොර ඒවා දාන හින්දා මේ පාර නියම ජෙනුයින් වින්ඩෝස් 7 හෝම් ප්‍රීමියම් ගත්තා... ඒක ගත්තේ බාක්ලේස් එකෙන් රු. 13,300කට.. මේකේ 32බිටු පිටපතයි 64බිටු පිටපතයි දෙකේම ඩීවීඩී තියෙනවා... මේ ගත්ත ලැප් එකේ රැම් එක ටිකක් මදි හින්දා මං දැම්මේ 32බිටු එක.. පස්සේ දවසක රැම් වැඩි කරලා එහෙම 64 බිටු දාලා බලනවා...






ඩිජිටල් කැමරාවකුත් ගත්තා.. සෝනි සයිබර්ෂොට් W180 කියන කැමරාව තමයි ගත්තේ... 10.1 Mega Pixel තියෙන මේ කැමරාවේ 3X optical zoom තියෙනවා.. පොඩි පොඩි වැඩ වලට කියාපු කැමරාව.. රු.22,000ක් වගේ අඩු මුදලකට ගන්න පුළුවන් වොරන්ටි නැතුව... Face Detection, Smile Shutter, steadyshot වගේ පහසුකමුත් තියෙනවා.. ඔන්න පල්ලෙහා තියෙනවා ඒ කැමරා මාදිලියේ පින්තූර දෙකකුත්...



21 අදහස්:

තමීර on January 3, 2010 12:39 AM said...

අළුත් අවුරුද්දට ඩිජිටල් ආරම්භයක්! එල එල. :)

ශාකුන්තල on January 3, 2010 1:45 AM said...

මනුස්පයා බරටම වියදං කොරලා නොවැ! දාන්ඩ බලන්න පරණ ලැප්ටොප් එකේ විස්තරේ...

ගයන්ත on January 3, 2010 6:42 AM said...

ලැප නම් සුපිරි.. ​Acer නම් ඉතින් Metropolitan තමයි.. :)

Windows 7 ගැන නම් ඉතිං, :X..
(සල්ලි කාරයොනේ.. :P)

හදිස්සියෙම ලොතරැයියක් ඇදිල වගේ.. ​අපිට පාටියක් ඕනෙ.. :D

uditha on January 3, 2010 7:09 AM said...

windows 7 එකත් එක්ක DVD 2 ක්ම දෙනවද?.ඒ කෙන් PC 2 කට දාන්න පුලුවන්ද?

hemanthe on January 3, 2010 7:19 AM said...

මචන් camera එක කොහෙන්ද ගත්තෙ?

Thilina on January 3, 2010 8:15 AM said...

පිස්සු හැදෙයි... :D එළ එළ.., ලැප නං පට්ට.

NUWAN"s lane on January 3, 2010 8:34 AM said...

අප්පේ මේව දෑකීමත් සතුටක් සුභ අලුත් අවුරුද්දක් කිව්වා එහෙනම්

කසුන් on January 3, 2010 9:14 AM said...

අවුරැද්ද ජයයි කොල්ලට. එල එල :)

ආදර කතාව on January 3, 2010 9:23 AM said...

අයියා මටත් කියන්නකෝ කොහෙන්ද කැමරා එක ගත්තේ කියල. මමත් එකක් ගන්න හොයනවා. ඔය ගානට ඕක හෙන ලාබයි නේ.

Udara || උදාර මදුෂංක on January 3, 2010 10:51 AM said...

@ තමීර,තිළින, නුවන් අයියා,කසුන් - තැන්කුන් කිව්වා කමෙන්ටුවක් දැම්මට අළුත් අවුරුද්දේම.. :)

@ ශාකුන්තල - පරණ ලැප් එකේ සීන් එක මං අද වෙනමම දාන්නම්.. ඒක චාටර් සීන් එකක් බං..

@ගයන්ත මලයා - ලොතරැයි ?? මොන පිස්සුද බං ? පාන් කියා ගන්ඩ බැරුව ඉන්නේ.. :)

@උදිත - ඩීවීඩි දෙකක් හම්බුනාට Keys හම්බෙන්නේ එකයිනේ බං..

@හේමන්ත, ආදර කථාව - මගේ යාළුවෙක් සිංගප්පූ‍රුවෙන් ගේනවා.. ඕනේ නම් කියන්න.. අරං දෙන්නම් අඩුවට..

Saman on January 3, 2010 11:58 AM said...

අළුත් අවුරුද්දම ජය වේවා....ලැප නම් මචං ඔය ගානට වටිනවා....

~බිன்ku~ on January 3, 2010 12:17 PM said...

මගේ අම්මට සිරි! එලෙළ! අහන්නත් සන්තෝෂයි!!!
මං නම් ඉතිං N86 ඩෝලර් එකක්ට එකක් අරං Sony A550 dSLR එකක් 18-55 / 75-300 Lens එක්කම අරංන් අද dSLR බෑග් එකක් කැමරාවට ගත්තා අවුරුදුදාට.

Windows 2000 ඉඳං Genius පාවිච්චි කරලා කරලා දැන් නම් අපරාදේ වගේ නිකං (එපා වෙලාද මන්දා), මේ හතේ පහරෙන් පස්සේ ආයි ගන්න එකක් නෑ. ගත්තොත් MACbook Pro හරි iMAC එකක්ම ගහනවා. එතෙක් හතයි කෝමලයි එක්ක තමා!!!

dilanrf on January 3, 2010 12:24 PM said...

එල එල , සෑර වියදමක් නෙ කරලා තියෙන්නේ ... :D

දුකා on January 3, 2010 1:00 PM said...

අලුත් අවුරුද්ද ෆුල්ම ජයයි වගේ . . එල එල . . .තව තවත් ජය වෙන අවුරුද්දක්ම වේවා . . ..

නිශාන්ත අනුරුද්ධ on January 3, 2010 6:56 PM said...

අප්පට සිරි....
හෙනට ජයයිනේ....

බිඟුවා...!

malee_msg on January 3, 2010 8:06 PM said...

ආව්.. මරුනේ අප්පා.. ශෝක් ශෝක්.. දැන් ඉතිං අළුත් කැමරාවත් තියන නිසා යන යන තැන ‍පිංතූර ගහලා අපිටත් පෙන්නන එකයි ඇත්තේ

උෂාන් කෝදාගොඩ විතාරණ on January 4, 2010 11:47 AM said...

සුබ අලුත් අවුරුද්දක් වේ
ඩිජිටල් බඩු වගේම අක්කියෙකුත් හොයාගත්ත නං නරකද

ගයාන් තාරක on January 5, 2010 4:21 PM said...

කොල්ලට මේ අවුරුද්ද එහෙනම් සුභම එකක් වෙයි වගේ. දැං ඉතිං අලුත් උන පරණ රජරට පුත්තරයාට අලුත් කැමරාවෙන් ‍ගන්න පින්තූර අලුත් ලැප්ටොප් එකේ අලුත් මෙහෙයුම් පද්දතියෙන් පින්තූර බ්ලොග් එකකකට දාල මලී ඇන්ටි කිවුවා වගේ අපට පෙන්නන්න පුලුවන් නේ. :D

ඔහොම යං ඔහොම යං

on January 15, 2010 4:20 PM said...

ආ ආ ආ රජරට මස්සිනා.....
ලැප් ටොප් එකත් අළුත් වෙලා...
කැමරාවත් අළුත් වෙලා...
උඹ තමා අවුල...
කොහොම උනත් මල් හතායි....

උඹට සුයිප් එකක්වත් ඇදුනද?
නැත්නම් උඹ පක්ෂේ මාරු කලාද?
ඒත් නැත්නම්...... ගේමක් දුන්නද කාට හරි??

එළ එළ අළුත් අවුරුද්දට අළුත් ආරම්භයක්
චියර්ස්ස්ස්ස්ස්!!!!

Madhawa Madhusanka on April 21, 2010 1:10 PM said...

The Sony Cameras with BIG LENS is always better, I mean point & shoot, not the DSLR. I have used Sony W170 , W180 and W220. W170 is the best camera among those.
These days I ma looking for W370 wiht 7x Optical Zoom.

Hasitha ජයසූරිය on July 17, 2010 4:55 PM said...

අයියෙ මේක Aser Aspire 5738z නේද? මාත් මේ ලැපක් ගන්න යන්නෙ. මේකෙ අවුලක් නෑ නේද?

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009